Tuesday 14 August 2018

       


                                               ගීතය සහ විචාරය

                                             ( සීත රෑක මදුසමේ)

             
       සකල විද්‍යාවන්හි පියා ලෙස සැලකෙන ග්‍රීක දාර්ශනිකයෙකු වන ඇරිස්ටෝටල් විසින් මානවයා, ධනය, බලය සහ ලිංගිකත්වයට ගිජුකමක් ලෙස දක්වනු ලබන බව පවසනු ලැබිණි. වසර හාරදහසක පමණ  ඉතිහාසයකට උරුමකම් කියනු ලබන, ලොව ඉපැරණිතම කාම විද්‍යා කෘතිය ලෙස සලකනු ලබන වාත්සන්‍ය නම් සංස්කෘතික භාෂා පඬිරුවනක් විසින් ලියන ලද “කාමසූත්‍ර“ නැමැති කෘතියේ අතිසාර්ථක යුග දිවියක රහස දක්වනු ලබන්නේ මෙසේය. “සෙනෙහසු මාතා - සයනෙසු වෛශ්‍යා“

      ඉහත සඳහන් සකු බසින් ලියැවී ඇති ශ්ලෝකයේ සිංහල අරුත වන්නේ බිරිඳක විසින් ස්වාමියාට ආදරය කිරීමේදී අම්මා කෙනෙකු මෙන්ම, නිදි යහනේදී වෛශාවක මෙන් ඔහු හා රති කෙළියෙහි යෙදිය යුතු බවය. ලිංගිකත්වය සහ ආලය පිළීබඳ මෙකී යථාර්ථයන් තම සිත්සතන්හි නිධන් කරමින් උක්ත ගීතයේ ගීත රචකයා වන ආනන්ද පද්මසිරි මහතා විසින් පශ්චාත් නූතන ලිබරල්වාදී නූතන ලෝකය තුළ නිදහස් සුවය විඳින කෙළිලොල්, දඟකාර පෙම්සුවය පරම සැපතක් ලෙස සලකනු ලබනු භද්‍ර යෞවනයේ සිටින රසික-රසිකාවියන්ට නොඉඳුල්, කුළුදුල් ආදරයක උන්මාදනීය ස්වභාවය චිත්තරූපී අත්දැකීමක් ලබා දීමට ගන්නා ලද අපූරු නිර්මාණශීලි ප්‍රයත්නයක් ලෙස ‘සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා“ ගීතයට පූර්විකාවක් සැපයිය හැකි අතර එය කිසිසේත් අතිශයෝත්කි වර්ණනාවක් නොවන්නේය.

   කවර හෝ ලිංගික ආස්වාදයක් නොලද පූජනීය ප්‍රේමයක යෙදුනු නව යොවුන් යුවළකගේ මධුසමය තුළ ලබන්නා වූ කුළුදුල් ලිංගික ආස්වාදයක මිහිරියාව පිළිබඳව ගීත රචකයා යොදා ගනු ලබන්නේ සරල බස් වහරකි. එය හෘදයාංගම බවින් අනූනය. එපමණක් නොව එය යෞවන යෞවනියන්ගේ මුවඟ රැඳුනු වචන සමුදායක්ද වන්නේය. මෙම අත්දැකීම වෙත රසිකයා කැඳවා ගෙන යාමේදී ගීත රචකයා විසින් ස්වභාවික පරිසර සාධක උපයෝගී කරගනිමින් රම්‍ය වටපිටාවක් රසික මනස තුළ තැන්පත් කිරීමට ගන්නා ලද උත්සාහය අපූරුයි. එහිලා ඔහු “සීත රැයක“ චිත්ත රූපයක් මවනු ලබන්නේය. 

       සාමාන්‍ය ජන ජීවිතයේදී අධික ශීතලෙන් පසුවන මොහොතක ගැමියන් විසින් ගිනි මැලයක් දවා ඒ අවට රැදෙමින්ද, සුපිරි ධනවතුන් විසින් සිය බංගලාවේ විසිත්ත කාමරයේ කොනක සාදන ලද කුඩා බිම්ගෙයක් වැනි දවන ලද අගුරු වලින් සමන්විත උදුනක් අසල රැඳෙමින්ද ශරීරයට අවැසි උණුසුම ලබා ගනු ලැබේ. එහිදී ගිනි අඟුරු හෝ ගිනි දැල් වෙත දෑත් දිගු කරමින් දෙඅල්ලට ලබා ගන්නා ගිනි රශ්මිය මුහුණ හා අතපය මත තබමින් ශරීරය තවා ගනිමින් අධික ශිතලේ පීඩනය දුරු කර ගැනීමට කටයුතු කෙරේ. එනමුදු මෙම ගීතයේ සඳහන් අත්දැකිම තුළ එවැනි උණුසුමක් ප්‍රාර්ථනා නොකෙරේ.

     මෙම ගීතයට ඖචිතයක් හා අලංකාරයෝක්තියක් වශයෙන් ‘සීත රැය” යන වචනද්වය ගීත රචකයා යොදා ගනු ලබන අතර එම සීත රැයේ උණුසුම පතනුයේ කුළුදුල් ලිංගික සුවය අයදින නව යොවුන් යුවළකි. එම යුවළට ස්වභාවික ගිනි මැලයක උණුසුම අවැසි නොවේ. ඔවුන් දෙදෙනාට අවශ්‍ය වන්නේ එකිනෙකාගේ ශරීරයන්හි රෝම කූපවලින් බුර බුරා නගිනු ලබන ප්‍රේමාග්නියයි. එම ගින්න ඉතා පහසුවෙන් දල්වා ගත නොහැකිය. එහිලා ළය පුරා පූජනීය, වින්දනීය හා බැතිබර ප්‍රේමය පිරි ඉතිරී යන ස්වභාවයක් පවත්වා ගත යුතු වන්නේය. ඒ අනුව කාන්තාවගේ ළය තුළ ප්‍රේමණිය කල්පනාවන්ගෙන් පිරුණු පරිසරයක් ඇති කරමින් ඒ හා බැඳුණු මනෝභාවයක් ඇති කරනු පිණිස කුළුඳුල් ලිංගික අත්දැකීමට මුහුණ දීමට පෙර ගීත රචකයා කාන්තාව තුළ ‘ප්‍රේමණිය කල්පනා‘ ජනිත කරනු ලබන අතර ඒ බව කියා පෑමට ඔහු යොදා ගන්නා ලද වචන සමුදාය වනුයේ ‘ප්‍රේමණිය කල්පනා මා ළයේ මවා‘ යන්නය. 

        පරම පවිත්‍ර ආදරයක් දක්වන උතුම් යුවතියකට ඇගේ පෙම්වතා ඇයගේ ප්‍රාණ වායුව වැන්නා සේය. ඒ බව ‘එයා මගේ පණ වගේ, එයා මගේ ජීවිතයයි, එයා මගේ මුළු ලෝකයයි‘ යනාදි යෙදුම් වලින් ගැමි කාන්තාවෝ ප්‍රකාශ කරනු ලබන අතර එම හැගීමට බටහිර යුවතියන් ප්‍රකාශ කරනුයේ ‘ He is my love, He is my body,He is my soul,He is my everything (ඔහු  මගේ ආදරයයි, ඔහු මගේ ශරීරයයි, ඔහු මගේ ආත්මයයි, ඔහු මගේ  සියල්ලම) යනුවෙනි. ඒ අනුව පිවිතුරු ආදරයත් හුදෙක් ආත්මාර්ථකාමීය. ඉහත කී ආත්මාර්ථකාමී ගති ලක්ෂණ වලින් යුක්ත ආදරණීය කල්පනා වලින් ළය පුරවා ගත් විට මධුසමයේ අත්දැකීම් පෙම්වතියගේ ලේ මස් නහර තුළ තැන්පත් වනුයේ ආත්මීය අයුරිනි. එම අත්දැකීමේ පළමු පියවර ලෙස ගීත රචකයා දකින්නේ මෙලෙසය-

                        “සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා
                       ප්‍රේමණීය කල්පනා මා ළයේ මවා

       පෙම්වතිය තම පෙම්වතා තුළින් ප්‍රාර්ථනා කරනු ලබන ආදරය, රැකවරණය, උණුසුම හා දරුවකු හදා වඩා ගැනීම මෙන්ම පවුලක් ලෙස මියැදෙන තුරා එකට ජීවත් වීමේ නොනිත් ආශාව යනාදී අනේක විධ බලාපොරොත්තු මෙන්ම පෙම්වතාට තුරුළු වීම තුළ ලැබෙන උණුසුම  වචනයෙන් විග්‍රහ කළ නොහැකිය. ගත සිත සුවපත් කරන මිහිරියාව නමැති ප්‍රෙමාන්විත හැඟීම වලින් ළය පුරවා ගෙන පෙම්වතාගේ අයිතිකාරිය වීමට ලැබීම රටක් රාජ්‍යයක් ලබා ගැනීම අභිබවා යනු ලබන උත්තරීතර සතුටක.ි මනමෝහනීය ආස්වාදයක-ි ආත්මීය සුවයකි. ඒ බව හෙළ නාට්‍ය සහ ගීත කලාවේ පුරෝගාමියෙකු වූ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් ප්‍රකාශ කළේ මෙලෙසය.

                    “නැත ලොවේ අන් රසඳුනා
                    ප්‍රේමය මෙන් සුව දෙනා
යනුවෙනි-
     ගිත රචකයා ගීතයේ සුවයට පසුව රසිකයා වෙත ඉදිරිපත් කෙරෙන ගීත කණ්ඩය වන්නේ මෙසේයි. 
                       “රෑ දඟ වැඩියි තිසරුන් සළී
                       නොලැබු සුවේ යදිනවා” //

     උක්ත ගීත ඛණ්ඩයේ තිසරුන් යනු උපමා රූපකයකි. එය සිංහල කවියන් අනුගමනය කරමින් ගීත රචකයාද කාන්තාවගේ පිරිපුන් පියයුරු වර්ණනා කිරීමෙහිලා යොදා ගනු ලබන්නේය. එය ඖචිත්‍යයෙන් යුක්තය. බොහෝ වැඩිහිටියෝ “නිදි යහනේ කරන දේ - එළිමහනේ කරන්නේ නෑ” කියා පවසති. ඒ අනුව යුවළක විසින් රති ක්‍රීඩාවෙහි යෙදෙනුයේ අතිශය පෞද්ගලික ආරක්ෂාකාරී වටපිටාවක් තුළය. එය හෙළ සංස්කෘතිය තුළ මුල් බැස ගත් ආචාර ධර්මතාවයකි. ඒ අනුවම යමින් අඳුරු ස්ථානයක පෙම්වතා සමග පෙම් සුවයට පෙම්වතිය විශේෂ උනන්දුවක් ගනු ලබන අතර එවැනි වටපිටාවක පෙම්වතාට තුරුළු වී රිසි සේ පෙම් කෙළියෙහි යෙදීමේ දුර්ලභ අවස්ථාව ඇයට හිමිවේ. එය ඇයට සුන්දර අත්දැකීමක් වීම අරුමයක් නොවේ. 

     රාත්‍රිය යනු ඝනාන්ධකාරය පිරි පරිසර තත්වයකි. එවැනි පරිසරයක් තුළ පෙම්වතාට තුරුළු වී පෙම් කෙළියෙන් පටන් ගෙන රති කෙළිය දක්වා ගමන් කිරීමට පෙම්වතියකට ලැබෙන දුර්ලභ අවස්ථාවක් වනු නිසැකය. ඒ අනුව රාත්‍රිය පෙම්වතියකට අති සුන්දරය, දඟකාරය, දඟකාර රැයක අඳුර වැඩිවෙත්ම - වැඩිවෙත්ම පෙම් බස් කෙළීමට වඩා සියුම් ලිංගික ආස්වාදයක් ලැබීමට කයින් හා මනසින් පෙම්වතියට කරනු ලබන පීඩනය දැඩිය. එසේ සරා ගිනි උත්පාදනය වනු ලබන කාන්තා ශරීරයේ එක අවයවයක් වනුයේ පියයුරු ය. කාන්තාවකගේ පංච කළ්‍යාණයේ එක් අවයවයක් වන්නේ පිරිපුන් පියයුරු වන අතර එමගින්පිරිමින් තුළ සරාගී හැඟීම් ජනිත කරනු ලබන බව ලිංගික විද්‍යා පොතපත සඳහන් කරයි. මෙම යථාර්ථය ගීත රචකයා “රෑ දඟ වැඩියි තිසරුත් සළී” යනුවෙන් ගීතය තුළ බහාලමින් රසිකයාගේ මනෝභාවයන්ට ආමන්ත්‍රණය කරනු ලබන්නේය. 

  එපමණක් නොව දඟකාර දීර්ඝ රාත්‍රියෙහි පෙම්වතියගේ පියයුරු සලිත වෙමින්, නලියමින්, පොපියමින් රාග ගින්නේ දැවෙන්නට ඇති පිපාසාව හෙළිදරව් කරයි.  විශේෂයෙන් පිරිපුන් පියයුරු වල මස් ගොබ සහ තනපුඩු පෙම්වතාගේ ළයෙහි තෙරපීමෙන් ලබා දෙනු ලබන ආශ්වාදය හුදෙක් ඇවිලෙන ගින්නට පිදුරු දමන්නා සේය. ඒ බව “තිසරුන් සළී නොලැබූ සුවේ යදිනවා” යන වචන සමුදාය තුළින් ගීත රචකයා කියනු ලබන්නේය. ගීතයේ ප්‍රථමයෙන් පසු දිග හැරෙන පළමු පද වැල් දෙවරක් ගායනා කිරීමට සැලැස්වීම තුළ පෙම්වතියේ තිසරුන් අයදින නොලැබූ සුවයට ඇති පිපාසය වඩ වඩාත් තීව්‍ර කරයි.

     නැවතත් මුල් පද පෙළ යොදා ගැනීම තුළින් පෙම්වතා සහ පෙම්වතිය අතර සිදුවන රති කෙළිය සිදුවන්නේ සීත රැයක බව පුන පුනා මතක් කරනු ලබන්නේය. ඒ තුළින් ඔවුනොවුන් අත්විඳින සුවයට පරිසරය තුළින් ලබා දෙනු ලබන උත්තේජනය ගැන රසිකයාගේ මනස අවදි කරනු ලබන්නේය.

                     “සීතල ගෙනා පවනේ වෙලී
                     සේලේ පියා සලනවා” //

      සීත රැයේ සීතල ගෙනෙන ලද සුළගට වෙලි පෙම්වතියගේ දුහුල් ඇඳුමේ ඇති සේලය කුරුල්ලකුගේ තටු මෙන් පියා සලන බවත් ගීත රචකයා පවසයි. එය යථාර්තයක්ද යන්න කිසියම් සැකයක් උපදින්නේය. මෙම පදවැල් යම් ආකාරයක සංඥාර්ථවේදී ලක්ෂණයක් කියා පෑම සඳහා යොදා ගැනීමට ඇති ඉඩකඩ බොහෝය. මක් නිසාද යත් තිසරුන් ගැන සඳහන් කරන ලද පෙර කී පදවැල තුළින් පෙම්වතිය රාගී ගින්නක දැවෙද්දී ඇගේ ඇගලා තිබෙන සේලය හුදෙක් සීතල ගෙනා පවනේ වෙලී පියා සැලීමක් සිදුවේද ?... යන්න සැක සහිතය.

      සේලය හෙවත් වස්ත්‍රය පියා සලන්නේ රාග ගින්න තුළ දැවීමෙන් පෙම්වතියගේ ඇඟලා තිබෙන ඇඳුම් ගැලවී නග්නභාවය ප්‍රාර්ථනා කිරීමක්ද විය හැකිය. එය එසේ වීම අරුමයක් නොවන්නේය. මක් නිසාද රාග ගින්න තුළ දැවීමේදී පෙම්වතියගේ ශරීරය දවටා තිබෙන කවර ආකාරයක ඇඳුමක් වුවද නිරායාසයෙන් දැවී අළුවී යා යුතුය. ඒ බව ව්‍යංගාර්ථයෙන් පවසනු පිණිස රචකයා විසින්  සේලය පවනේ වෙලී පියා සලමින් ගැලවී යාමට ඉඩ හැරියාද ? යන්න උපකල්පනය කළ හැකිය. මෙම පදවැල්ද දෙවරක් ගායනා කිරිමට සලස්වන අතර ඒ තුළින් සේලය පියා සැලීම උද්දීපනය කිරිමට භාවිතා කරන ලද උපක්‍රමයක්ද විය හැකිය.

      නැවතත් මුල් පද පෙළ ගායනා කෙරෙන අතර ගීතයේ මුඛ්‍ය අත්දැකීමේ ආරම්භක පරිසරය පුන-පුනා ගැයිම තුළින් සීත රැයේ පරිසරය තුළ රසිකයා තබා ගැනීමට උත්සුක වෙයි. 
                       “මා බද වටා එතෙනා ඔබේ
                        පහසේ නුරා නිවෙනවා ”//

       උක්ත පදවැල් දෙක තුළින් ගිත රචකයා චිත්ත රූප මවින් තරුණ යුවළකගේ මධුසමය තුළ සිදුවූ රති කෙළියෙහි උච්ච අවස්ථාවට රසිකයා කැන්දාගෙන එනු ලබන්නේය. රති කෙළියෙහි උච්චතම අවස්ථාව කාම විද්‍යාවේදී සූරාන්තය ලෙස සැළකෙන අතර එම අවස්ථාවට පැමිණීමෙන් පසු කම් සැපයෙහි යෙදුණු යුවළ කායික හා මානසික උපරිම ලෙස ආශ්වාදයට පැමිණ තිබෙන බව පැවසේ. 

       උක්ත පද වැල් දෙක තුළින් පෙම්වතා පෙම්වතිවගේ බඳය වටා අත යවමින් ගසක කඳකට එහි  පොත්ත වෙලී පවතින්නේ යම් සේද ඒ අයුරින්ම තම පෙම්වතියගේ ශරීරය තම ශරීරය මත වෙළා ගෙන ඇති බවත් ඉඟි කරන අතර එසේ කිරීම තුළින් පෙම්වතියගේ රාගි ගින්න  අධික ලෙස ගිනි දැල් මෙන් ඇවිලගොස් ක්‍රමානුකූලව නිමි ගිය බවකුත් පෙන්නුම් කරයි. ඒ බව ඔබේ පහසේ නුරා නිවෙනවා යන පදවැල් තුළින් අනාවරණය කෙරේ. නුරා නිවෙනවා යනු අනුරාගය නිවී යාමය. ඔබේ පහසේ යන්නෙත් පෙම්වතා සමග රති ක්‍රීඩාවේ යෙදීම යන අදහස ඉස්මතු වේ. අවසාන පදවැල් දෙකෙන් පසුව ගීතය නිමා වන අතර යළිත් ගීතයේ මුල් පද පෙළ භාවිතා නොකිරීමට රචකයා වග බලාගෙන ඇත. මන්කියාද පෙම්වතියගේ රාගය නිවී ගිය පසු යළිත් වරක් ගීතයේ මුල් පද පෙළ යොදා මධුසමයට දෙදෙනා සූදනම් වූ අයුරු මතක් කර දීම ආයෝග්‍ය වන හෙයිනි. එහෙයින් රචකයා මනා ශීක්ෂණයෙන් යුතුව පදවැල් භාවිතා කර ඇති බව පෙනේ. 

    ප්‍රේමය හා ලිංගිකත්වය පිළිබඳව මෙන්ම එම සාධක දෙක අතර පවතින සහසම්බන්ධතාව පිළිබඳව උපමා රූපක, ව්‍යාංගාර්ථ ධවනිතාර්ථ අලංකාරෝක්ති සංඥාර්ථවේදී ලක්ෂණ ආමන්ත්‍රණය කරමින් තරුණ යුවලකගේ මධුසමයක පවතින ආත්මීය සබැඳීයාව පිළිබඳ අපූරු චිත්තරූපයක් මැවීමට ගීත රචකයා උත්සුක වී තිබෙන අතර එය අතිශය සාර්ථක මට්ටමක පවතින බව නොවලවා පැවසිය යුතුය. 
එහිදී සරල සුගම බවද දැකිය හැකිය- ඒ අනුව මෙම ගීතය නිර්මාණශීිලීි සංකේපනාවකි.

       ගීතයක කොතරම් ළගස්නා සු`ඵ පදවැල් මාලාවක් ඇතුළත් වුවද ඊට ජීවයක් ලැබෙන්නේ ගීතයේ පදමාලාව සහ ගීතයේ පරමාර්ථයට සරිලන නිර්මාණශීලි තනුවක් තිබේ නම් පමණකි. එය හුදෙක් විදුලි බලයෙන් දැල්විය නොහැකි කොතරම් සිත් ගන්නා හැඩයකින් යුක්ත පාට - පාට විදුලි බුබු`ඵ තිබුණද ඉන් නිසි එලියක් ලබා ගත හැකි වන්නේ ඒ විදුලි බුබු`ඵ වලට විදුලි බලය සම්බන්ධ කොට ආලෝකය ලැබීමෙන් පසු දීප්තිමත්ව ආලෝකයේ විහිදවිමේ ක්‍රියාවලිය හා සමාන බවක් ගනු ලබන්නේය. එහෙයින් ගීතය ක ප්‍රාණවායුව සංගීත තනුව වන්නේය. මෙම ගීතයට ආලෝකයක් ගෙන දෙන අයුරින් සංගීතවේදියෙකු සොයා ගැනීමට ගීත රචකයා වගබලා ගෙන ඇති අතර ඔහු ඒ සඳහා නව පරපුරේ සංගීතඥයෙකු වන කසුන් කල්හාර මහතා තෝරා ගෙන තිබේ. 

        සංගීතඥ කල්හාර මහතා මෙම ගීතයට අනුචිත නිර්මාණශීලි තනුවක් සකස් කර ඇති බව එහි සංගීතයේ ශ්‍රවණය කිරීමෙන් වැටහී යයි. සංගීතයේ ගතික බලය රිද්මය තුළින් ක්‍රියාවට නැංවෙන අතර තාලය තුළින් අසන්නා ප්‍රමුදිත කරනු ලබන්නේය. ඒ අනුව උච්ච, මධ්‍යම හා සංකීර්ණ ස්වර ඒ ඒ අවස්ථාවට උචිත අන්දමින් යොදා ගෙන ඇත. ඕගනය භාවිතා කරමින් ගීතයේ පසුබිම් පරිසරය වන සීත රැයක ශීත සුළගේ ස්වභාවය චිත්තරූපීව මවා පෑමට සංගීතඥයා දක්ෂවන අතර අතිශය සදියුම් සංගීතයක් යොදා ලයාන්විත සංගීතයක් යොදා ගැනීම  තුළින් ඔහුගේ ප්‍රතිභාව ප්‍රදර්ශනය කර ඇත. තරුණ සංගීතවේදියකු වශයෙන් යෞවනයන්ගේ සිතුම් පැතුම් පිළිබඳ මනා පරිචයක් තිබෙන කල්හාර මහතා සංගීතය තුළින් ඒවා ආමන්ත්‍රණය කරනුයේ ගීතයේ වචනවලට අනුගත වෙමිනි.

        ගීතයේ සඳහන් යුවළගේ ලිංගික ආස්වාදය භුක්ති විදීම හෙළිදරව් කරන “තිසරුන්  නොලැබු සුවය යදීන” යන වචන සමූහයට උචිත පරිදි සංගීතය යොදා ගෙන ඇති අතර එහිලා වයලීනයේ කම්බි අපුරුවට දෝලනය කරමින් රාගී ගින්න ඇවිලියන අයුරු දෙසවනට ශබ්ද රසය තුළින් ලබා දීමට උත්සාහ කරනු ලබන අතර එහි සාර්ථක ප්‍රතිඵල ඔහු නෙළා ගෙන ඇත. ගීතයේ පෙම්වතියගේ හැගීම් උත්සන්න වීමේ අවස්ථාවක් නිරූපණය කිරීම සඳහා වයලීනය බහුලව යොදා ගෙන ඇත. ගිටාරය වැනි සංගීත භාණ්ඩයක් යොදා ගෙන තිබෙන බවක් ඇසෙන අතර එය ගීතයේ අවස්ථාවන් වෙනස් කර හදුනා ගැනීමට උපකාරි වී ඇත. 

       ගීතයේ අවසාන පදවැල වන්නා වූ “ඔබේ පහසේ නුරා නිවෙනවා” යන වචන සමුදාය පිටුපස සංගීතය සඳහා ඕගනය හා වයලීනය බහුලව යොදා ගෙන තිබෙන අතර රාග ගින්නෙන් දැවී අ`ඵවී ගිය සරාගී හැගුම් සුවපත් වූ ආකාරය. ගීතයේ වචනවලට උචිත අයුරින් සංගීතය යොදා ගෙන ඇත. සමස්තයක් වශයෙන් ගී පද මාලාවට සහගීතයේ අරමුණට උචිත පරිදි සංගීතය යොදා ගැනීමට සංගීතඥයා සුරු විරුකම් දක්වා ඇති බව කිව යුතුය. 
        ඉතාහොඳ ගී පද මාලාවක් හා තනු මාලාවක් තිබු පමණින් ගීතයක් සම්පූර්ණත්වයට පත් නොවේ. ඊට අනුචිත කටහඬක් ඇති ගායකයෙකු හෝ ගායිකාවකද  තෝරා ගත යුතු වන්නේය. මෙම ගීතය සඳහා සංගීත විශාරද සමිතා මුදුන්කොටුව මහත්මිය තෝරා ගෙන ඇති අතර ගීතයට උපරිම අයුරින් යුක්තිය ඉටු කිරීමේ සහජ හැකියාවක් ඇයට තිබෙන බව ඇය විසින් සනාථ කර ඇති බව පෙනේ. සංගීත විශාරද මුදුන්කොටුව මහත්මිය අනුරාගී ගීත ගායනයට උපන් හපන්කම් ඇති තැනැත්තියක වන හෙයින් මෙම ගීතයේ පදමාලාව සහ කතා වස්තුවට සාධාරණයක් ඉටු වී ඇති බව පැවසිය යුතුය. 

      දරුවන් වැදු මවක විලිරුදාව දස්නාක් මෙන් ස්ත්‍රියකගේ අනුරාගී හැගීම් දන්නා ස්ත්‍රියකම මෙම ගීතය ගායනා කිරීම සඳහා යොදා ගැනීමට ඉතා ප්‍රවේපකාරි ලෙස කටයුතු කර ඇති බව පෙනී යයි. යම් හෙයකින් මෙම ගීතය ගායකයෙකු ලවා ගායනය කිරීමට ලබා දුන්නේ නම් ගීතයට යම් ආකාරයක හානියක් පැමිණීම වැළැක්වීය නොහැක. කතා කරන දෙනුවන්  ඇති ගායිකාවක් වන මුදුන්කොටුව මහත්මියට රසිකයා වශී කරගනිමින් ගීතයේ අත්දැකීම කරා ඔහු රැගෙන යාමට ඇයට අපූරු හැකියාවක් ඇති අතර එම හැකියාව උපරිම අන්දමින්ද භාවිතා කර ඇති බව කිව යුතුය.

   සැබැවින් ම මෙහිදී අපට සාහිත්‍යයෙන් තොර වූ ලිංගිකත්වයක් මෙන්ම, ලිංගිකත්වයෙන් තොර වූ සාහිත්‍යයක් දැක ගත නොහැක- මෙම ගීය ගත් කල එහි රචතයා තමා සතු වූ කලාත්මක හැකියාව පසෙකලා කිසිදු ව්‍යාංගාර්ථයක් වත් නොයොදා ගනිමින් එක හෙලාම ප්‍රකාශ කිරීම හරහා යමි අසාධාරණයක් මෙි හරහා සාහිත්‍ය රසයට සිදූ වුවායැයි පැසිය හැක. කෙසේ නමුත් මෙහිලා ආනන්ද පද්මසිරි විසින් රචිත, සමිතා මුදුන්කොටුව විසින් ගායනා කරන ලද, කසුන් කල්හාර විසින් සංගීතවත් කරන ලද “සීත රෑක මදු සමේ” ගීතය ලිංගිකත්වය පිළිබදව ප්‍රකාශ කිරීම සඳහා මනා වූ අයුරින් දෙස් දෙන්නා වූ ගිය නිර්මාණයක් වනුබව කිව හැකිය -
             

Saturday 11 August 2018




                         


                          සමෝධානික අලෙවිකරණය යනු


ඇමෙරිකානු අලෙවිකරණ සංගමයට අනුව අලෙවිකරණ කළමනාකරණය යන්න නිර්වචනය කර ඇත්තේි 'පුද්ගල සහ සංවිධාන අභිලාෂ තෘප්ත  කිරීම සඳහා නිෂ්පාදන හුවමාරුව ඇතුළත් වූ නිෂ්පාදන සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම,මිල කිරීම ,ප්‍රවර්ධනය සහ බෙදා හැරීම ඇතුලත් වන ක්‍රියාවලියක් බවයි.’

සංවිධානයේ මෙහෙයුම් කටයුතු ඉලක්ක පාරිභෝගික අවශ්‍යතා සහ වුවමනා තෘප්ත කිරීම සඳහා යොමු කිරීමේදි අලෙවිකරණය තුළ පහත සඳහන් සාධක වැදගත් වේ.
එනම්,

■ විශ්ලේශනය කිරීම 
■ සැලසුම් කිරීම 
■ සංවිධානය කිරීම 
■ පාලනය

සරලව අලෙවිකරණ යනු කුමක්දැයි මෙලෙස දැක්විය හැකිය.

PRODUCT                             CUSTOMER

එනම් යම් භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝගිකයා වෙත රැගෙන යාමේ ක්‍රියාව සමෝධානික අලෙවිකරණය වේ. 

1989 කාලය marketing යන්න   advertising (ප්‍රචාරනය )     මත    පදනම්  වී සිදු  කරනු  ලැබීය. එනම් යම් භාණ්ඩයක් හෝ සේවාවක්  පාරිභෝගිකයාට ලබා දීමට   advertising 
පමනක් භාවිතා විය. නමුත් 1989 කාලයෙන් පසුව  advertising පමනක් ඒ සඳහා ප්‍රමාණවත් නොවන බව වැටහෙන්නට විය.ඒ සඳහා වෙනම ක්‍රියාවක් අවශ්‍ය විය.එහිදී  integrated marketing coomunication   එනම් ඒකාබද්ධ අලෙවිකරණ සන්නිවේදනයේ අවශ්‍යතාව මතු වන්නට විය. 

සමෝධානික  අලෙවිකරණය   බිහි වීමට හේතු 

■  එක් මාධ්‍ය සන්දේශයක් මගින් පමනක් පාරිභොග්ිකයා   ප්‍රලෝහනය කිරීම  අපහසු විම. 
■  වෙන වෙනම ප්‍රචාරන ව්‍යාපාර දියත් කිරීමේදි  අධික ලෙස කාලයත් ,මුදලුත් වැය වීම.

■ වෙන වෙනම ප්‍රචාරන ව්‍යාපාර දියත් කිරීමේදි එකිනෙකා අතර මනා සම්බන්ධතාවක් ගොඩ නැගීමට අපහසු වීම. 

■ තාක්ෂණික දියුණවුත් සමඟ එකවර මාධ්‍ය ගණනාවකින් පාරිභෝගිකයා වෙත ලගා වීමෙ අවස්ථාව උදා වීම.

සමෝධානික අලෙවිකරනය පිළිබඳව සාකච්ඡා කිරීමේදී අලෙවි මිශ්‍රිතය හඳුනා ගැනීම වඩා වැදගත් වේ.එයට හේතුව වන්නේ මෙම ක්‍රියාවලින් එකිනෙකට සම්බන්ධ ක්‍රියාකරන බැවිනි. 

■  product
■  price 
■  place 
■  promotion 
■  people 
■  physical evidence 
■  process

people, physical evidence, process  මේවා extended  වේ. 

integrated marketing මේ වන තෙක් යුගයන් 04ක් පහු කරමින් පැමිණ තිබේ.ඒවා නම් 'production era, sales era, marketing era, relationship era'  ආදී වශයෙනි . 
අද  වන විට holistic marketing era  යුගය පසුකරමින් තිබේ.ප්‍රධාන වශයෙන්ම යම් ආයතනයක් හෝ භාණ්ඩයක් හෝ සේවාවක් ජනතාව අතරට රැගෙන යාමට එනම් පාර්භෝගික ආකර්ශනය දිනා ගැනීම වෙනුවෙන් විශාල වශයෙන් අද වන විට ෂබඑැරටර්එැා ඵ්රනැඑසබට සිදු කරයි. 
ෂබඑැරටර්එැා ඵ්රනැඑසබට සිදු කරන්නේ ප්‍රධාන වශයෙන්ම මෙම අවශ්‍යතා 3 මුල් කර ගනිමිනි.  එනම්, 

■ needs 
■ wants 
■ demand 

සැබැවින්ම  integrated marketing මගින් සිදු වන්නේ මිනිසාගේ අවශ්‍යතා මිනිසාට නැතිවම බැරි දෙයක් බවට පත් කිරීමය.එනම් එම ආයතනයෙන් ලබා දෙන භාණ්ඩය හෝ සේවාව පාරිභෝගිකයන්ගේ needs බවට පත් කිරීමය.මෙම intergrated marketing  හරහා ආයතනය 
බලාපොරොත්තු වන ලාභය ලැබෙන අතරම  corporate image   ද වර්ධනය වේ. 



integrated marketing ක්‍රියාවලිය තුළ පහත කොටස් ඇතුලත් වේ. 
■ advertising 
■ sales promotion 
■ personal selling 
■ public relations 
■ direct marketing

මේ සෑම ක්‍රියාවලියක් එකට බැදී ඒකාබද්ධව සිදුවිය යුතුය.එවිට සාර්ථකව අලෙවිකරනය සිදු කර ගැනීමට හැකිවනු ඇත.     ආයතනයද විවිධ ක්‍රම ඔස්සේ  imc   ගොඩ නගා ගෙන තිබේ.එහිදී එම ආයතනය තමා වටා සිටින එනම් තමාගේ ඉලක්ක ගත ප්‍රජාව වැඩිකර ගැනීමට විවිධ ක්‍රම අනුගමනය කර තිබේ.එම සෑම ක්‍රමයක්ම සිදු කර ඇත්තේ   ෂඵක්‍   වලට අදාලවයි.එහිදි, 

■ broadcast media        
■ event and sponsorship    
■ print media 
■ product placement
■ public relation & publicity 
■ personal selling 
■ internet & interactive 
■ direct marketing 
■ out of home media 
■ sales promotion

මෙම ක්‍රම වලට අදාළව        ආයතනනය   intergrated marketing     සිදුකරතිබේ.මෙහිදී මෙම සෑම උපක්‍රමයක් මගින්ම බලපොරොත්තු වන්නේ අදාළ භාණ්ඩයට වැඩිම පාරිභෝගික ආකර්ශනය ලබා ගැනීමටයි.නිවැරදිව imc  සිදු  කිරීමේදි තමා වටා සිටින එනම් තමාගේ ආයතනයේ හෝ භාණ්ඩයට සේවාවට අයත්     (target audience)    ඉලක්ක ගත ප්‍රජාව   හඳුනා ගත යුතුය. එයට අනුව අදාළ අරමුණු හඳුනා ගෙන     ඊමාටැඑ එකට සරිලන පරිදි    imc     සිදු කර යුතු වේ.  අවසානයේ ඇගයිමක්ද   සිදු කර යුතු වේ.     pizza hut    ආයතනයද   මෙලෙස     intergrated marketing   සිදු කර ගනිමින් පාරිභොග්ික ආකර්ශනය දිනා ගෙන තිබේ . 


Sunday 5 August 2018






එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ වැදගත්කම


 
       1948 දී හදුන්වා දෙනු ලැබු එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් පිලිබඳ විශ්ව ප්‍රකාශනය මගින් ලෝකයේ එහි සමාජිකත්වය දරන සෑම රටකම අයිතිවාසිකම් බෙහෝ දුරට ආරක්ෂා වීම දැක ගත හැකිය. මෙම විශ්ව ප්‍රකාශනය තුළ 

සෑම පුද්ගලයෙකුම මෙහි අන්තර්ගත වීම හා විශ්විය භාවය අඩංගු වීම වගන්ති 28 කම සෑම අයිතිවාසිකමක්ම එක හා සමානව වැගත් කමකින් යුක්තව හදුන්වා දී තිබීමඅයිතිවාසිකම් සීමා කළ නොහැකි බව හා පුද්ගලයෙකුගෙන් උදුරා ගත නොහැකි අයිතිවාසිකම් තිබීම. අයිතිවාසිකම් වල පවත්නා මනා අන්තර් සම්බන්ධතාව යනාදී මුලධර්ම දක්නට ලැබේ.

මීට අමතරව විශ්ව ප්‍රකාශනය මගින් මානව අයිතිවාසිකම් වලට වැගත්කමක් හා පිළිගැන්වීමක් ලබා දී තිබේ.
ඒ අනුව, 
ගරුත්වය
යුක්තිය
පිළිගැනිම
සමානාත්මතාව

මෙමගින් තහවුරු කරනු ලැබ තිබේ. 

මානව අයිතිවාසිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනය හදුන්වා දිමෙන් අනතුරුව එහි වැදගත්කම් රාශියක් හදුනාගත හැකිය. එම වැදගත් කම් පහත සඳහන් ආකාරයට සඳහන් කළ හැකිය පොදුවේ ගත් විට මෙම මානව හිමිකම් තුළින් විශාල වැදගත්කම් රාශියක් ලැබී තිබෙන බව දක්නට ලැබේ.

මානව අයිතිවාසිකම් සම්බන්ධව විශ්ව ප්‍රකාශනයක් ගොඩනැගුනු පමණින් සහ පිළිගත් පමණින් මානව අයිතිවාසිකම් විශ්ධ්යකරණය සාර්ථක යැයි පිළිගත නොහැකිය. අනිවාර්යෙන්ම මේ සඳහා මෙහි ප්‍රායෝගික භාවය විමසිව යුතුය. මෙම අයිතිවාසිකම් පවතින ආණ්ඩුවල ස්වරූපය අනුව හෝ අණ්ඩුවල අර්ථකථනය  අනුව මෙහි සාර්තකත්වය නිගමනය කළ නොහැකිය. මෙම අයිතිවාසිකම් දේශසීමාවන් තුළ පවතින ක්‍රියාත්මක වන ආගම් දේශපාලනය ආදිය මත තම ව්‍යවස්ථාවන්ට ඇතුළත් කරනු ලැබුන විට යම් යම් වෙනස්කම් සිදුවිය හැකිය ඒ අනුව ශ්‍රි ලංකාව, ඉන්දියාව, ඇමරිකාව, චීනය, ආදී රටවල ව්‍යවස්ථාව තුළ අඩංගු වු මනාව අයිතිවාසිකම් සංක්ෂිප්තව යම් යම් වෙනස් කම් පවති.

ඒ කෙසේ වෙතත් මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය තුළ සුවිශේෂි  වැදගත්කම් රැසක් හදුනා ගත හැකිය.

විශ්ධ්ය මානව අයිතිවාසිකම් මුල් වරට හදුනාගනු ලැබීම. fටී අනුව ලෝකය පුරා මානව අයිතිවාසිකම් ආරම්භ වන ලද්දේ  මානව හිමිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනය හදුන්වා දීමෙන් අනතුරුවය. ඒ අනුව මෙහි සුවිශේෂිම වැදගත් අවස්ථාව  වශයෙන් මෙය හදුන්වා දිය හැකිය.

“ ලොක්යෙහි පවත්නා නිදහස , යුක්තිය, හා සාමය යන්නෙහි පදනම මිනිස් පවුලේ සියලු දෙනාගේම සහජ ගරුත්වය සහ අන්සතු කළ නොහැකි සම අයිතිවාසිකම් පිළිගැනිම වන හෙයින්ද...” යනුවෙන් පුර්විකාවේ සදහන් කිරීමෙන් ඊට පෙර දශකය තුළ ඇති වු පළමු හා දෙවන ලෝක යුද්ධ ඇතුළු අති බිහිසුණු ව්‍යසනයන් මගින් ඉතා ගැඹුරින් මානව වර්ගයාගේ හෘද සාක්ෂිට පීඩාවට ලක් කළ බව දනවයි. මෙවැනි ක්‍රියාවන් මගින් වල්වැදුණු මානවයාගේ හෘද සාක්ෂිය යුක්තිය සහ සාමය යන තත්ත්වයන්ගෙන් පෝෂණය කිරීමට විශ්ව ප්‍රකාශනය පදනම දමනු ලබයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම පහත පරිිදි විශ්ව ප්‍රකාශනය මගින් ඇති කරනු ලබයි.

“යුක්තිය සහ සාමය යන තත්ත්වයන්ගේ පදනම මිනිස් පවුලේ සියලු දෙනාගේම සහජ ගරුත්වය සහ අන්සතු කළ නෙහැකි සම  අයිතිවාසිකම් පිළිගැනිම” ආදී වශයෙන් විශ්ව ප්‍රකාශනය තුළ දක්වමින් මානව අයිතිවාසිකම් යන්න විශ්විය කාලයක සිටිමින් ආරක්ෂා කරලීම මගින් මනාව ප්‍රත්‍යක්ෂ වේ. ප්‍රථමයෙන්ම එය අගය කළ යුතුමය. මෙහිදී “මානව පවුල’‘ යන්න තුළින් සර්ව සාධාරණත්වය මනාව ගැඹුරින් අවාධාරණය කර  තිබේ. පළමු හා දෙවන වගන්ති ඔස්සේද මෙම තත්වය ඉදිරියට ගෙන යනු ලබන අතර භේද භින්නභාවයෙන් තොරව මානව සහෝදරත්වය යටතේ මානවයකු වීම නිසාම පුද්ගලයෙකුගේ ගරුත්වය සහ අයිතිවාසිකම්  සුරක්ෂිත කිරීමට ශක්තිමත් පදනමක් දමනු ලබයි.
එමෙන්ම යහ පාලනය පිළිබඳව මෙමගින් අවධාරණය කර තිබේ. දුෂ්ට පාලනයට විරුද්ධව පවතින්නේ ක්‍රියාමාර්ග මර්ධනය කිරීමට සහ නැති කිරීමට ගනු ලබන යහ පාලන ක්‍රියාමාර්ග විශ්ව ප්‍රකාශනයෙහි දක්වා තිබීමද තවත් එක් වැදගත් කමකි.
උදා:- ලාංකාවේ 1971 කැරැල්ල  (දුෂ්ට පරිපාලනය)
1958 හර්තාලය (මානව අයීතින් කඩවීම)


විශ්ව ප්‍රකාශනය මෙලෙස තත්වයන් ඇති නොවන්නට මාර්ගය සකස් කර ඇත. එමෙන්ම 6,7,8 වගන්ති මගින් යහ පාලනයට උපදෙස් දෙනු ලබන අතර මානව අයිතිවාසිකම් උල්ලංඝනය  වන විට එක්සත් ජාතීන් මැදිහත් වී අර්ථික සම්බාධක පනවනු ලැබේ. උදාහරණ වශයෙන් රුවන්ඩාව, සෝමාලියාව, ඉරානය, ඇන්ගෝලියාව, ආදී රටවල එක්සත් ජාතින් විසින් ආර්ථික සම්බාධක පනවනු ලැබීම දැක්විය හැකිය. මෙමගින් උත්සහ කරනුයේ සෘජුව හෝ  වක්‍ර ලෙස අයිතිවාසිකම් සුරැකීමටයි. එමෙන්ම පළමු සහ දෙවන  වගන්ති මගින් විවිධ භේදභින්නතා මත උස් පහත් වීම් වැළැක්වීමට කටයුතු යොදා තිබිණි එබැවින් ලෝකයාට සුබවාදි වතාවරණයක් හිමිවීමද මෙහි වැදගත් කමක් ලෙස හදුනා ගත හැකිය. 
උදා:- දකුණු ආප්‍රිකා ඇගයිම් ප්‍රතිපත්තිය
(මෙයට සදාචාරාත්මක පදනම දෙවන වගන්තිය දක්වයි.)


      එමෙන්ම මානව අයිතිවාසිකටී සුරක්ෂිත කරලීමට රාජයන් යම් ආකාරයක බැදීමකට හෙවත් වගකීමකට ලක් කර තිබේ. පුර්විකාවට පෙර වගන්තිය මගින් එය සිදු කර තිබේ. සම්මුති, ප්‍රඥප්ති, ප්‍රකාශන එළිදැක්වීමට  අවශ්‍ය මානව අයිතවාසිකම්  නිර්මාණය කරනු ලැබිණ. රට රටවල ආණුඩු ක්‍රම ව්‍යවස්ථාවට මානව අයිතිවාකම් ඇතුළත් කිරීමටත්, මෙම විශ්ව ප්‍රකාශනය හේතු සාධක වීම මෙහි වැදගත්ම ලක්ෂණයකි.

     සියලු ජාතීන් සහ ජනතාව අත්පත් කරගත යුතු පොදු ප්‍රමිති මලාවක් මාවන හිමිකම් මගින් හදුන්වා දි තිබිමද මෙහි වැදගත් ලක්ෂණයක් ලෙස හදුන්වා දිය හැකිය. ලෝකය පුරා පැතිරි පවතින ගැටුම් මගින් ජිවිත හානි, අවතැන්වීටී, සරණාගත වීම්, වැනි තත්ත්යන් ද ඇති වන අතර මෙවන් සොල්දාදුවන් බිහිවීමද ආදී තත්වයක් ඇති වන අතර මෙවන් තත්ත්වයක් ලොව තුළ ක්‍රියාත්මක වන විට පොදු ප්‍රමීතින් මලාවක් මානව හිමිකම් මගින් හදුනාදීම වැදගත් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අදහස් ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා සමාජික රාජ්‍යයන් විශාල සංඛ්‍යාවක් තම කැමැත්ත පල කරතිබෙන බව දැක්ගත හැකිය. මෙයද මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය තුළින් ලද තවත් එක් වැදගත් කමක් ලෙස මෙය හදුන්වා දීය හැකිය.

එමෙන්ම අරිස්ටෝටල් හා ප්ලේටෝ වහල්භාවය සමාජයට අත්‍යවශ්‍ය අංගයක් යැයි සාධාරණිඛරණය කරන ලදී. නමුත් මෙලෙස සිදු නොවිය යුතු බව විශ්ව ප්‍රකාශනය තුළ අඩංගුව පවතින 3-4 වගන්ති මගින් දක්වා තිබේ. එමෙන්ම විශ්ව ප්‍රකාශනයේ 22-27 දක්වා පවතින වගන්ති මගින් ආර්ථික සමාජීය හා සංස්කෘතිමය තත්ත්වය පිළිබඳව තහවුරු කරන ලද අතර 23(1) වගන්තිය මගින් රැකියා තෝරා ගැනිම පිළිබඳව අර්ථ දක්වනු ලබයි. මෙම කරුණු ද එක්සත් ජාතින්ගේ විශ්ව ප්‍රකාශනයෙහි වැදගත්කම් ලෙස හදුනා ගත හැකිය.


පුද්ගලයා හට පවතින  දේශපාලන  අයිතිය යටතෙහි,

තමා කැමති දේශපාලන පක්ෂයට බැඳිමට
තමා කැමති දේශපාලන සංවිධානයක් පිහිටුවීමට
තමා කැමති දේශපාලන පක්‍ෂයකට තම මනාපය ලබා දීමට
තමා කැමති දේශපාලන සංවිධානයකට ආධාර කිරීම
ආදී ලෙස අයිතීන් දක්නට ලැබේ.

      මානව අයිතිවාසිකම් ජාත්‍යන්තර වශයෙන් සුරක්ෂිත කරලිම මෙහි ප්‍රධාන ගෞරවය එක්සත් ජාතින්ගේ සංවිධානයට හිමිවිය යුතුය. දෙවන ලෝක යුද්දය හමුවෙහි සිදු වු අතිමහත් ජිවිත හානි මෙන්ම දේපල හානි දෙසද අවධානය යොමු කළ රටවල් විසින් එක්සත් ජාතින්ගේ විශ්ව ප්‍රකාශනය හදුන්වා දෙන ලදී.

      මෙලෙස මනුෂ්‍යයෙකු ලෙසින් ලොව උපන් ජනයාට මනුෂයෙකු ලෙස මිහිතලය මත කිසිදු වෙනස්කමකට භාජනය නොවී ජිවත්වීමට ඇවැසි පසුබිම මෙන්ම තමන්ට හිමි අයිතින් මොනවාද යන්න හදුනා ගැනමටද මෙම විශ්ව ප්‍රකාශනය හරහා අවස්ථාව නිර්මාණය වේ. මෙම තත්වය ද මානව හිමිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනයෙහි වැදගත් කමක් වශයෙන් සැලකිය හැකිය.

     මේ අයුරින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ වැදගත්කම පිලිබඳව සඳහන් කළ හැකිය
.




Friday 3 August 2018





                                               ස්ත්‍රී පුරුෂ සමාජභාවය..



 කාන්තාව කළ යුත්තේ ගෙදර සිට දරුවන් රැක බලාගැනීමද?  නැතිනම් පිරිමියාට ලිංගික තෘප්තිය ලබා දීම ද? කාන්තාවට දේශපාලනය  අකැප ද? කාන්තාවට  අයිතිවාසිකම් අවශ්‍යද?  ඔබ මෙවන් සංවාද  කොතෙකුත් අසා ඇති බවට සැකයක් නැත. මේ සමග බැඳෙන සමහරු කැමති තවත් සමහරු දරුණුව  ප්‍රතික්ෂේප කරන ප්‍රමුඛතම සංකල්පයක් ඇත. එනම් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය යි.  නැත්නම් ඉංග්‍රීසියෙන් මෙය ඨැබාැර කියා හදුන්වයි. මෙම සංකල්පය ගැන කතාකරන බොහෝ දෙනා හුදෙක් මෙය කාන්තාවන්ගේ අයිතිවාසිකම් නගාසිටුවීම සඳහා ගෙන ආ සංකල්පයක් ලෙස නැත්නම් කාන්තාවන්ට පමණක් අදාළ වූවක් ලෙස  ඒකපාර්ශවිකව අර්ථ ගන්වයි..  එලෙස අතීත කාන්තාව හා වර්තමාන කාන්තාව සැසඳීමේ දී ඇගේ  කාර්යභාරය කුටුම්භය තුළ දරුවන් වැදීම හැදීම හා ගෙදර දොර වැඩ කටයුතු බලා කියා ගැනීම ආදී සීමා සහිත එකක් විය. එවැනි සමාජ  වටපිටාවක් තුළ ඇයට ස්වාධීන වීමටත් සමාජශීලී වීමටත් අවස්ථාව  නො නොලැබිණි.

නමුත් විවෘත ආර්ථිකය ආගමනය හා නිදහස්  අදයාපනයේ  ප්‍රතිඵලයක් ලෙස කාන්තාව අධ්‍යාපනයට නැඹුරු වූ අතර එහි දී ඇය වෘත්තීය පුහුණුවට ද යොමු වූවාය. මේ නිසා ඇයට රැකියා ක්ෂේත්‍රයේ නව මංපෙත් විවර වූ අතර  වර්තමාන ධනවාදී  ආර්ථිකය තුළ ඇය තවදුරටත් පවුල තුළට කොටු නොවී දේශීය ආර්ථිකයේ ප්‍රධාන උපයන්නා බවට පත්ව ඇත. මෙම ආර්ථික සාධකය නිසාවෙන් කාන්තාව  පිළිබඳ නවමු කතිකාවක් ගොඩනැගෙමින් වර්ධනය විය.

  අතීතයේ උගත් කාන්තාවකට කළ හැකි ඉහළම රැකියාව වූයේ ගුරු වෘත්තියයි. ‘දැඟුල් නුවණ පමණකි‘ කියා බමුණු සමාජය උදම් ඇනූ  අවධියක සිට වත්මන් අධ්‍යාපනයේ මංපෙත් විවර කරමින් ඇය වෛද්‍ය, නීතිය, පරිපාලනය , වෙළඳ, කලාව, ඉංජිනේරු වැනි සෑම ක්ෂේත්‍රයකම  පෙරමුණේ සිටි.

 වර්තමානයේ ධනවාදී ආර්ථිකයේ කාන්තාව වඩ වඩාත් සමාජකරණය වීම හේතුකොට ගෙන ඇයට ආයතන පරිසරය තුළ, පවුල තුළ, ඇයගේ වෘත්තිය තුළ තම කාර්යභාරය  නිසි ලෙස ඉටු කර ගැනීමට යාමේදී උද්ගත වන ගැටලු පවතී. එම  ගැටලු කෙරෙහි යම්කිසි  සංවේදීභාවයකින් බැලීමට  මේ ස්ත්‍රී පුරුෂ  සමාජභාවය යන සංකල්පය උපකාරී වේ. ඒ අනුව ස්ත්‍රී පුරුෂ  සමාජභාවයභාවය  යන්න යම්කිසි  සමාජයක් ස්ත්‍රියකගෙන් හෝ පිරිමියෙකුගෙන් අපේක්ෂා කරන දේ ලෙස සරලළව දැක්විය හැක. එය තැනින් තැනට සමාජයෙන් සමාජයට රටින් රටට වෙනස් වේ. නමුත් ලාංකේය සමාජය තුළ කාන්තාවගේ හැසිරීම්, ඇඳුම්  පැළඳුම්,  කතාබහ සහ ඇයට තිබිය යුතු යැයි සිතන ගති පැවතුම් පිළිබඳ ආකල්පය විශේෂිත වේ. ලාංකේය අදයාපන ක්‍රමය තුළ කුඩා කල සිටම දරුවාගේ  මනසට ඇතුළු වන්නේ‘ අම්මා බත් උයයි‘. ‘තාත්තා වැඩට යයි‘ යන පාසල් පෙළ පොතේ සඳහන් වාක්‍යයි.  මෙය  සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ  සමාජ භාවය යි.

මෙවන් තත්ත්වයක් තුළ මෙම සංකල්පය සාදනාත්මක ලෙස බිහිවන්නේ බටහිර ලෝකයේ සමාජය තුළයි. සමහරු මෙය කාන්තාව සවිබල ගැන්වීම නැතහොත් අදපැබ ැපචදඇරසබට යන  සංකල්පය භඨධ හරහා එන  සංකල්පයක් බව ද පවසයි. 

මෙම  සංකල්පය තුළින් (මෙය ස්ත්‍රීවාදය ලෙස හෝ අන්තවාදයක් ලෙස සලකන්නන්ට අනුව) පවුල් සබඳතා මුළුමනින්ම වෙනස් ස්වරූපයක් ගන්නා බවත් එය කාන්තාවන්ට  වැලදෙන රෝග  ලක්ෂණයක් ලෙස සිතමින් පිරිමින් හා නිතර ගැටුම් ඇතිකර ගන්නා මතයක් බවට පත්ව ඇත. 
 සරලව දක්වන්නේ නම් ස්ත්‍රී පුරුෂ  සමාජභාවය යන්නෙන් අදහස් කරනුයේ කාන්තා   අයිතිවාසිකම්  පිළිබඳ අන්තගාමී මත දරන කාන්තාවන්ට තෝතැන්නක් ලෙස මෙම ස්ත්‍රී පුරුෂ සමාජ සමාජභාවය යන සං සංකල්පය ඇති කිරීම නොවේ. එලෙසම මෙහි  අරමුණ ගෑනි මිනිහා වීමත් මිනිහා ගෑනි වීමත් නොවේ. කාන්තාව පුරුෂයාට යටත් වීමට හෝ පුරුෂයා පරයා ගැහැනිය ඉහලට ඒම ද නොවේ. ඇයට අවශ්‍ය වන්නේ සමතැන ලබා දීමයි. ඇය පිළිබඳ සමාජය තුළ යම් ධනාත්මක සංවේදීතාවක් ඇති කිරීමයි. එලෙසම ස්ත්‍රී පුරුෂ  සමාජභාවය ස්ත්‍රියකට  පමණක්ම නොවේ. එය පිරිමින්ට ද අයිති සංකල්පයකි. අප සිදුකරනු ලබන සෑම  කටයුත්තකදීම ස්ත්‍රී පුරුෂ  සමාජභාවය පිළිබඳ සංවේදී වූ ඇසකින් බැලීමට යොමු කිරීම මෙම  සංකල්පයෙහි මූලික අර අරමුණයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ  සැලකිල්ලට ගැනීමේ දී එය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය හා සම්බන්ධ විය යුතුය. මන්ද සිදු කරනු ලබන සියලුම කාර්යයන් තුළින් ස්ත්‍රීන්ට සහ පුරුශයින්ට සමාන අවස්ථා අයිතිවාසිකම්  සහ ප්‍රතිලාභ හිමිවන බැවිනි .

රටක සංවර්ධනයේ එක් මිනුම් දණ්ඩක් වන්නේ  සියල්ලන්ටම සමානාත්මතාවයෙන් සැලකීම යි. ඒ තුළ පිරිමියා මෙන්ම ළමයා හා කාන්තාව ද සිටිති. එවැනි පරමාදර්ශී  සමාජයක්  බිහි කිරීම තුළ කාන්තාවට සුවදායක සහ සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම කාගේත් වගකීම වේ.

  ස්ත්‍රී පුරුෂ  සමාජභාවය හා   සම්බන්ධ විෂයන් ගණනාවකි. එනම්
ස්ත්‍රී පුරුෂ  සමාජභාවය හා මාධ්‍ය, ස්ත්‍රී පුරුෂ  සමාජභාවය හා තීරණ ගැනීම, ස්ත්‍රී පුරුෂ   සමාජභාවය හා ආර්ථිකය, ස්ත්‍රී පුරුෂ    සමාජභාවය හා හිංසනය, ස්ත්‍රී පුරුෂ  සමාජභාවය හා එච්. අයි. වී. ඒඞ්ස් යනුවෙන් එකී නාමාවලිය තව තවත් දිගු  කර දැක්විය හැකිය. මෙයට අමතරව ස්ත්‍රී පුරුෂ  සමාජභාවය හා බැඳුණු සංකල්ප ද හඳුනාගත හැකිය.  ස්ත්‍රී පුරුෂ සමාජ සමාජභාවවී සමානාත්මතාව, ස්ත්‍රී පුරුෂ සමාජභාවී විශ්ලේෂණය, ස්ත්‍රී පුරුෂ  සමාජභාවී මූල  ප්‍රවාහ කරණය, ස්ත්‍රී පුරුෂ  සමාජ සමාජභාවය හා ඵලදායිතාව, ස්ත්‍රී පුරුෂ සමාජ සමාජභාවය හා  වෙනස්කම් වලට භාජනය කිරීම ආදී නිදසුන් කිහිපයෙන් ඉස්මතු වන්නේ මෙම  සංකල්පයේ  වැදගත්කමයි. 

මෙතෙක් කලක් සමාජය සිතාසිටියේ සංවර්ධන ක්‍රියාවලිය තුළ සැමටම සමානව සලකන  බවයි. නමුත් එහි බලපෑම ස්ත්‍රී පුරුෂ සමාජභාවී අර්ථයෙන් උදාසීන බව වර්තමානය වන විට පැහැදිලිව  ස්ත්‍රීන් හා පුරුශයන් අතර පවතින ජීව විද්‍යාත්මක වෙනස්කම් හා සමාජය විසින් ගොඩනංවන ලද  වෙනස්කම් නිසා පවුල තුළ, සමාජයේ සම්පත් පරිහරණය  කිරීම තුළ  පීතෘ මූලික සමාජය විසින් ගොඩ ගොඩනංවා ඇති යම් යම් සීමා බන්ධන වෙයි.  මේ නිසාම ස්ත්‍රීන්ට වෙනස්  කොට සැලකීමටත් සියලූ ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ටත්  තවදුරටත්   ඇය ගොදුරු වෙයි .

එක්සත් ජාතීන්ගේ තතු විමසුම් වලට අනුව ලෝකයේ සෑම තැන්හිම ගැහැණු ළමයි අඩු සැලකිලි වලට මුහුණ දෙති. බොහෝ විට ඔවුන්ට ආහාර ලැබෙන්නේද  පිරිමි දරුවන්ට වඩා අඩුවෙනි.  මේ අනුව එක්සත් ජාතීන් සම්මත කොටගත් ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය (1989)ගැහැනු දරුවන්ට  ඉගැන්වීම සඳහා වැඩිපුර මුදල්  වියදම් කරන ලෙස ආණ්ඩුවලින් ඉල්ලා සිටිති.  (නමුත්  ලංකාවේ නම් අධ්‍යාපනයට මුදල් වෙන් කර සිටින්නේ එය නොකර බැරි කම නිසා මිස  අධ්‍යාපනය ඉහළ දැමීමේ අරමුණින් නම් නොවේ).  එක්සත්ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ((1979))  සම්මත කොට ගන්නා ලද ස්ත්‍රීන් හට  එරෙහි සියලු ආකාර වෙනස්කම් පිටු දකීමේ සම්මුතිය(ක්‍ෑෘ්උ) ස්ත්‍රීන් පිළිබඳ අන්තර්ජාතික   අයිතිවාසිකම් පනතක් ලෙස දැක්විය හැකිය. 

වර්තමානයේ  කාන්තාවට සහ ගැහැනු ළමයින්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වයන්හී ක්‍රියා වසංගතයක මට්ටමෙන් පැතිර පවතී. එනිසා ම එය  විශ්ව ගැටලුවක් වන අතරම ඒ වෙනුවෙන් ගෙවන මානව පිරිවැයද අදෘශ්‍යමානය. යටත් පිරිසෙන් ලෝකයේ සෑම  කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් කාන්තාවක්ම ඇගේ ජීවිත කාලය තුළ පහරකෑමට, ලිංගික හෝ වෙනත් අපයෝජනයන්ට ලක් වෙයි. ඒ අනුව වර්තමානයේ ලාංකික  කාන්තාවට ද ආර්ථික ක්‍රමයේ පවතින ආර්ථික සූරා  කෑමට,  ලිංගික අපයෝජන, දේශපාලන බැහැරකිරීම් හා නීතිමය වෙනස්කම්වලට මුහුණ දීමට සිදුව තිබේ.  මේ සියලු හේතු නිසාවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සමස්ත රටවල්  (193) ද තවත්  අන්තර්ජාතික  සංවිධාන තුනකට ආසන්න ප්‍රමානයක්ද එකතුව වර්ෂ 2015 දී ළඟාකර ගැනීමට  අපේක්ෂිත ඉලක්ක  අතර ස්ත්‍රී පුරුෂ සමානත්වය ප්‍රධාන කරුණක් ලෙස දක්වා ඇත.

 මේ ආකාරයෙන් එක්සත් ජාතීන්ගේ  සංවිධානයේ සහස්‍ර අරමුනු හරහා පසුගිය  පසුගිය දශක කිහිපය තුළ ලෝක ආර්ථික හා දේශපාලනය තුළ සිදු වූ වෙනස්කම් නිසා මෙම කාන්තාවන්ට සිදුවන වෙනස්කොට සැලකීම් යම්තාක් දුරට යටපත් කිරීමට සමත් වී ඇත. උදාහරණයක් ලෙස  බ්‍රසීලයේ  (2011) ජනවාරි 01  දින  ජනාධිපතිධූරයට පත් ඩිල්මා රූසෙව් එරට පළමු ජනාධිපතිවරිය වන අතර ඇය පාර්ලිමේන්තුව තුළ කාන්තා හිංසනය කෙරෙහි දැඩි නීතිරීති මාලාවක් සම්මත කළාය.ඒ අතර කාන්තාවක  හිංසනයට  ලක් කරන පුද්ගලයකු හිරගේ හිරගෙදරට නොයවන නමුත් ඇයට වන්දි දිය යුතුය. ආබාධිත කාන්තා වක් හිංසනයට ලක් කරන්නකුට  ඇය ජීවත්වන තාක්කල් ජීවත්වීමට සරිලන මුදලක්  මාස්පතා ගෙවීමට  සිදු වීම ආදිය දැක්විය  හැකිය.

වර්තමානයේ කාන්තාව ආර්ථික හා සමාජ  තත්වය දියුණු වීම වැනි කාරණා තුළ දී ඇයට මෙම ආර්ථික ක්‍රමයේ පවතින ආර්ථික සූරා කෑම,  ලිංගික අපයෝජන හා  දේශපාලනික බැහැරකිරීම්,  නීතිමය වෙනස්කම්වලට මෙන්ම  ගෘහය තුලද යම් යම්   ගැටලුකාරී තත්වයන්ට මුහුන දීමට සිදුව අත. මෙවෙනි තත්වයන් මගහරවා ගනීමට නම් ආකල්පමය,  ආර්ථික අතින් මෙන්ම දේශපාලනික හා නීතිමය වශයෙන් ද ඇය බල ගැන්වීමක් කළයුතු බව පැහැදිලිය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇතිකිරීමේදී යුක්තිය හා සාධාරණත්වය මත පදනම් වූ ආර්ථික හා දේශපාලන ක්‍රමයක් ඇති වීම ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ දී ප්‍රයෝජනවත් ය.

එපමණක් නොව  ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී කාන්තා  දායකත්වය ඉහල දැමීමට පියවර ගත යුතුය. එය හරහා ඇයගේ මානසික තත්ත්වය ශක්තිමත් වීම ද සිදු වන අතර පවුල තුළ ඇයට අවශ්‍ය පිළිගැනීම ගෞරවය ආදරය නිසි තැන ලැබෙයි. එමඟින් ඇය සුරක්ෂිත කිරීමේ  සාමූහික ප්‍රයත්නයට අඩිතාලම නිවස තුළම වර්ධනය කරගත හැකිය. එසේම කාන්තාවගේ අයිතිවාසිකම්, පූර්න අයිතිවාසිකම් ආරක්ෂාව සහ සහභාගීත්වය තහවුරු කෙරෙන ප්‍රතිපත්ති සම්පාදනය කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම පසු විපරම සහ ඇගයීම තුළින් මෙම සංකල්පය නිවැරැදිව සමාජගත කිරීමට හැකි වනු ඇත. ස්ව ශක්තියෙන් අභියෝගයන්ට මුහුණ දෙමින් සිය ශක්තිය සහ බුද්ධිය උපරිම ලෙසත්, නිවැරදි ලෙසත් යොදාගනිමින් කාර්යන්හි නිරත වීමට ඇයව පුරුදු පුහුණු කිරීම හා නිවැරදි සංවිධාන රාමුවක් තුළ සැලසුම්සහගත දැනුවත් බවක් ලබා දෙමින් සමාජයීය හා ආර්ථික අතින් බලගැන්වීම තුළ ඇයගේ අභිවෘද්ධිය සාක්ෂාත් කරගත හැක. 

පිරිමියාට මෙන්ම කාන්තාවටද සුවදායක සහ සුරක්ෂිත පරිසරය ලැබීමේ අයිතිය ඇත. කාන්තාව යනු තවත් මිනිස් වර්ගයක් ම්ස විශේෂ අනුකම්පාවක් හෝ ආරක්ෂාව තවත් කෙනෙකුගෙන් අයැදිය යුතු තැනැත්තියක් නොවන බව අප සැම අවධාරණය කරගත යුතු කරුණකි. අවසාන වශයෙන් මහත්මා ගාන්දි කළ ප්‍රකාශනයක් මෙසේ සටහන් කරමි. ‘ගැහැනියගේ සේවය පිරිමියාගේ සේවය තරමට අගය නොකරන සමාජය සමබර දියුණුවක් ඇත්තේ නැත”.

Wednesday 1 August 2018




                         මානව අයිතිවාසිකම් පිලිබඳ විශ්ව ප්‍රකාශනය (UDHR)

                       
      මනුෂ්‍යයෙකු වීම නිසාවෙන් පොදු මනුෂ්‍යභාවය පදනම් කරගෙන ලොව සෑම මනුෂ්‍යයෙකු හටම හිමිවිය යුතු හිමිහකම් මලාවක් “මානව අයිතිවාසිකම්”වශයෙන් හඳුනා ගැනේ. නමුත් සාධාරණත්වය බරපතළ ලෙස කඩකිරිමක් තුල අයිකිවාසිකම් යම් පුද්ගලයෙක් හට භුක්ති විඳිමට පවතින අවස්ථා අහිමිව යා හැකිය. සමස්ත මානව වර්ගයාම , මානව පවුලේ සමාජීකයෙකු විම නිසාම හිමිවන්නා වු හිමිකම් මාලාව ප්‍රථම වරට එක්තැන් කළ ලේඛනය වශයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය දැක්විය හැකිය. එක්සත් ජාතින්ගේ සංවිදානය පිහිටුවා වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ (1948-12-10) මහා මන්ඩලය විසින් මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය සියලු ජාතින් හා පුද්ගලයන් විසින් අත්පත් කරගත යුතු පොදු ප්‍රමීතින් මාලාවක් (unaited nation organization) ලෙස හඳුන්වා දෙනු ලැබිණි. සිවිල්, දේශපාලනය, ආර්ථික, සාමජීය සහ සංස්කෘතක යන ආදී සියලු ක්‍ෂේත්‍රයන්හි අයිතිවාසිකම් සියල්ල එක්සක් ජාතින්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයෙහි  වගන්තිය 30 කට ගොනු කර තිබේ.

මෙම විශ්ව ප්‍රකාශන මගින් මුළු මහත් ලෝක වාසී ජනතාවට හිමි වු වාසිය අති මහත්ය. මන්ද පුද්ගලයාට සිය අයීති්න්  වෙනුවෙන් හඬ අවදි කරන්නට මේ හරහා අවස්ථාව උදා වු අතර මෙය ලෝක සාමය ආක්ෂා කිරීමටත් පිටු වහලක් විය.

       
               
මානව අයිතිවාසිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනය

 මෙම විශ්ව ප්‍රකාශනයේදී ප්‍රථමයෙන්ම පහත පරිදි දැක්වා ඇත.

     “විශ්ව ප්‍රකාශනයේ අඩංගු වගන්ති ප්‍රචාරයට පත් කිරීමෙන්ද ඒ ඒ රටවල පවතින දේශපාලන තත්වය වෙනසක් නොකර මෙම ප්‍රකාශය ප්‍රධාන වශයෙන් පාසල් සහ අධ්‍යාපනික ආයතන මගින්  පැතිරවීමට , ප්‍රදර්ශනය වීමට, පාඨනය කරවීමට, සහ පැහැදිලි කරවීමට සලස්වන මෙන් ද එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් සමාජීක රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.”

මෙලෙස ඉහත ආකාරයට අදහස් දක්වමින් ප්‍රවේශය ලබා ගන්නා විශ්ව ප්‍රකාශනය එහි පුර්විකාවෙහි පහත පරිදි කරුණු දක්වයි.

“ලෝකයේ පවතින නිදහස , යුක්තිය, සහ සාමය, යන්නෙහි පදනම මිනිස් පවුලේ සියලු දෙනාගේම සහජ ගරුත්වය හා අන්සතු කල නොහැකි වු සම අයිතිවාසිකම් පිළිගැනිම වන හෙයින් ද, මානව අයිතිවාසිකම් නොරැකිමේ , අවලංගුවට ලක්කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මිනිස් වර්ගයාගේ හෘදය සාක්ෂිය සාහසික පීඩනයට භාජනය කෙරෙන මිපේච්ඡ කෘරක්කම් සිදු වී ඇති හෙයින්ද , මිනිස් වර්ගයාට අදහස් ප්‍රකාශ කිරිීම් හා විශ්වාස ඇදහිලි දැරීමේ නිදහස...”

     ආදී වශයෙන් ප්‍රකාශන කිහිපයක් ඉදිරිපත් කරමින්, මිනිසා ගරුත්වයෙන් හා අයීතින්වලින් සමාන බව අවධාරණය කෙරේ. එමෙන්ම, සමාජයක් මත වු මානව අයිතිවාසිකම් නොසලකා හැරීම මගින් එම සමාජය හට සිදු වන අවාසනාවන්තකාරී  ව්‍යසනය ද මෙමගින් විස්තර කරනු ලබයි.

එමෙන්ම මානව අයිතිවාසිකම් පිළිබඳ මෙම විශ්ව ප්‍රකාශනය සෑම පුද්ගලයෙකු හා සංවිධානයක් විසින් නිරන්තරයෙන්ම සිහිපත් කෙරෙමින් සකල ජනතාව හා සියලු ජාතින්ට සාක්ෂාත් කර ගත යුතු පොදු තත්වයක් වශයෙන් දැනුවත් කිරීමෙන් හා අධ්‍යපනයෙන් මෙම අයිතිවාසිකම් හා ස්වාධිනත්වයන් ගරු කළ යුතු යැයි, ජාතික වුත්, ජාත්‍යාන්තර වුත්, ප්‍රගතිශිලි විධි විධාන මගින් මේ හිමිකම් සමාජික රටවල මෙන්ම, ඒවායේ බලයට අවනත සෙසු රටවල ජනතාව අතර ද අගය කිරීමට සැලැස්වීමෙන් ලෝකය මුළුල්ලේම ඒ පිළිබඳව ගරුත්වයට හා ක්‍රියාරකාරිත්වය සැලකිය යුත යැයි ද ප්‍රකාශ කර සිටි.


1 වන වගන්තිය
සියලු මනුෂ්‍යයෝ නිදහස්ව උපත ලබා ඇත. ගරුත්වයෙන් හා අයිතිවාසිකම් වලින් සමාන වෙති.

2 වන වගන්තිය
ජාති, වර්ග, ස්ත්‍රි පුරුෂ භාවය, භාෂාව, ආගම, දේශපාලන ආදී කවර භේදයක් හෝ විශේෂයක් හෝ නොමැතිව විශ්ව ප්‍රකාශනයෙහි සඳහන් සියලු අයිතින් සියලු ජනයාට හිමි වේ.

3 වන වගන්තිය
ජිවත් වීම සහ ආරක්ෂාව පිළිබඳව අයිතිය

4 වන වගන්තිය
වහල් භාවයෙන් නිදහස් විමෙහි අයිතිය

5 වන වගන්තිය
කිසියම් පුද්ගලයෙකු කෲර වදහිංසාවට හෝ කෲර අමානුෂික අවමන් සහගත සැලකිල්ලට හෝ දඬුවමට හෝ භාජනය නොකළ යුතුය.

6 වන වගන්තිය
සෑම අවස්ථාවකදීම සෑම පුද්ගලයෙකුම නිතිය ඉදිරියේ සමාන භාවයෙන් යුතුව පිළිගැනිමට  ලක් කීරීමයි.



7 වන වගන්තිය
සියලු දෙනාම නිතිය ඉදිරියේ සමාන වන අතර නිතියේ ආරක්ෂාවට කිසිදු විශේෂයක් නොමැතිව සියල්ලෝම හිමිකම් ලබති.




8 වන වගන්තිය
මුලික නිතියෙන් ප්‍රදානය වී ඇති මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය විමකදී බලධාරී ජාතික අධිකරණයෙන් ප්‍රතිකර්ම යොදා ගැනිමේ අවස්ථාව සැම පුද්ගලයෙකුටම ලැබේ.

9 වන වගන්තිය
හිතුමතේ අත්අඩංගුවට ගැනිමට හෝ රඳවා තැබීමට හෝ පිටුවහල් කිරීමට හෝ කිසියම් පුද්ගලයෙකු  භාජනය නොකළ යුතුය.

10 වන වගන්තිය
තමන්ගේ අයිතිවාසිකම් හා යුතුකම් පිලිබඳව හෝ තමන්ට විරුද්ධව යම් අපරාධ චොදනාවක් පිලිබඳ හෝ නිශ්චය කිරීම සඳහා සාධාරණ වුත්, විවෘත වුත්, ස්වාධින අපක්ෂපාති නඩු විභාගයකදී සෑම තැනැත්තෙකුම පුර්ණ සමානාත්වයෙන්  යුතු වේ.

11 වන වගන්තිය
සග දණ්ඩ වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබු සෑම පුද්ගලයෙකුම තම නිර්දෝෂිභාවය සඳහා කරුණු පෙන්වා දීමෙන් (ඒ සඳහා අවශ්‍ය උපකරණයක් ද සමඟ) ඔහු හෝ ඇය නිත්‍යානුකුල විවෘත අධිකරණ විභාගයකින් වරදකරු බව ඔප්පු වන තෙක් නිර්දෝෂියෙකු ලෙස නිගමනය කිරීමටත් හිමිකම් ඇත්තේය.
සසග යම් වරදක් හෝ පැහැර ගැනීමක් ඇති වු අවස්ථාවේදී එය ඒ වන විට ජාතික හෝ ජත්‍යාන්තර නිතීයේ වරදක් හෝ පැහැර හැරීමක් ලෙස සඳහන්ව නොපැවතියේ නම් කිසිම කෙනෙකු ඒ සම්බන්දයෙන් වරදකරු නොකළ යුතු අතර එවැනි වරදක් කළ අවස්ථාවේදී පවතින දඩුවමට වඩා වැඩි දඬුවමක් එලෙස වරදකරු වන තැනැත්තා හට නොපැනවිය යුතුය.

12 වන වගන්තිය
කිසිම පුද්ගලයෙකුගේ පෞද්ගලික ජිවිතය, පවුල, නිවස, හෝ ලිපි ගනුදෙනු සම්බන්ධව බලෙන් අඟිලි ගැසිම , ගරුත්වයට හෝ කිර්තිනාමයට පහර ගැසීම හෝ නොකළ යුතු අතර ඉහත ආකාරයේ යම් ක්‍රියාවක් සම්බන්ධව ඊට එරෙහිව නිතියේ රැකවරණය ලැබිමේ අයිතිය සෑම පුද්ගලයෙකුටම හිමි වේ.


13 වන වගන්තිය
          (1)සිය රටෙහි සීමාව තුළ ගමනාගමනයට හා ජිවත් වීමට (වාසස්ථානයට) හිමිකම් පවති.
(2)තම රට හෝ වෙනත් කවර රටක සිට එය හැර යාමටත් තම රටට ආපසු පැමිණිමත් සෑම පුද්ගලයෙකුටම හිමිකම් පවතී.

14 වන වගන්තිය
1* වධබන්ධන වලින් මිදීම සඳහා විදේශයකට ගොස් ආරක්ෂාව සොයා යාමට හා එරට සුවසේ ජිවත් වීමට සෑම කෙනෙකුම අයිතියක් පවති.
2* දේශපාලනමය  නොවු අපරාධවලින් උද්ගතවන චෝදනා හෝ එක්සත් ජාතින්ගේ පරාමාර්ථ වලට පටහැණි ක්‍රියාවන් නිසා පැන නගින චෝදනා වලට ලක් වුවන් සඳහා ඉහත 14-1  වගන්තිය යටතේ දැක් වු අයිතීන් හිමි නොවේ.

15 වන වගන්තිය
1* ජාතිකත්වය සදඟා සෑම පුද්ගලයකු හටම හිමිකම් පවතී.
2* කිසිම කෙනෙකුගේ ජාතිකත්වය බලෙන් තුරන් කල නොහැකි අතර , යම් පුද්ගලයෙකුගේ ජාතිකත්වය වෙනස් කිරීමට ඇති අයිතිය පැහැර නොහැරිය යුතුය.

16 වන වගන්තිය
1* පුර්ණ වයසට එළඹි ස්ත්‍රී , පුරුෂයෝ වර්ගය, ජාතිකත්වය හෝ ආගම වැනි කිසිම සීමාවකින් තොරව විවාහ වී පවුලක් ඇති කර ගැනීමට අයිතිය ලබති. විවාහයට ඇතුළු වීම මෙන්ම එය අවලංගු  කිරීම සඳහාද සමාන අයිතිවාසිකම් ලබති.
2* විවාහයට ඇතුලත් කල යුත්තේ, විවාහයට බැඳෙන්නට සුදානම් වන දෙදෙනාගේ සම්පුර්න නිදහස් කැමැත්ත ඇතිවය.
3* සමාජයේ ස්වභාවික වුත්, මුලික වුත්, සමුහ ඒකකයක් වන පවුල සමාජයේ මෙන්ම රාජ්‍යයේ රැකවරණය , ආරක්ෂාව ලැබීමට හිමිකම් ලබයි.

17 වන වගන්තිය
1* සෑම පුද්ගලයෙකු හට තනිව මෙන්ම හවුලේ ද දේපළ සදඟා අයිතිය ඇත්තේය
2* කිසියම් පුද්ගලයෙකු සතු දේපල බලෙන් අහිමි කළ නොහැකිය.

18 වන වගන්තිය
සෑම දෙනා හටම සීතිමේ, හෘද සාක්ෂියේ සම ආගම් ඇදහිමේ නිදහස භූක්ති විඳිමට අයිතිය ඇත. තම ආගම හෝ විශ්වාසය වෙනස් කිරීමේ නිදහසත්, ආගම තනිව, සාමුහික වශයෙන් හෝ පෞද්ගලිකව හෝ ප්‍රසිද්ධියේ ඉගැන්විමේ, පිලිපැදිමේ, ඒ අනුව ඇදහිමේ , වන්දනා කිරිමේ නිදහසත් ඇතුළත්ය.

19 වන වගන්තිය
සෑම පුද්ගලයෙකුම නිදහසේ යම් මතයක් දැරිමටත්, ප්‍රකාශ කිරීමටත් අයිතිය පවති. අන් අයගේ බාධාවකින් තොරව, තම මතය දැරීමත්, දේශ සීමා වන් නොසලකා කවරාකාරයේ මාධ්‍යයකින් හෝ තොරතුරු ලැබීමටත් ලබා දීමටත් ඇති අයිතිය ද මේ යටතට ඇතුළත් වේ.

20 වන වගන්තිය
1* සාමකාමීව එක්රැස් විමෙහි සහ සමිති ආදිය පැවැත්විමෙහි  අයිතියද සෑම  පුද්ගලයෙකුටම හිමි වේ.
2* සමිති සමාගම්වලට බැඳෙන ලෙස කිසිවෙකු බල කල නොහැකිය.

21 වන වගන්තිය
1* සෘජුව හෝ නිදහස්ව තෝරා ගත් තමාගේ නියෝජිතයන්ට හෝ රටේ පාලනයට සහභාගි වීමට සෑම පුද්ගලයෙකු හටමහිමිකම් පවති.
2* තම රටේ රාජ්‍ය සේවයට ඇතුළත්වීම සඳහා සමාන අයිතියක් සෑම පුද්ගලයෙකුම පවති.
3* රටේ ක්‍රියාත්මක වන බලතල වල පදනම වන්නේ, පොදු ජනතාවගේ කැමැත්තය. කලින් කලට අව්‍යාජ ලෙස පවත්වන ඡන්ද විමසීම් මගින් සර්වජන ඡන්ද බලය යටතේ , රහසේ දෙනු ලබන ඡන්දයෙන් හෝ ඒ හා සමාන වු වෙනත් ස්වාධින ඡන්ද ක්‍රමයකින් මෙම කැමැත්ත ලබාදීම සිදු විය යුතුය.

22 වන වගන්තිය
සමාජයේ පුද්ගලයෙකු වශයෙන් සෑම පුද්ගලයෙකු හටම එම සමාජයේ ආරක්ෂාව ලැබීමට හිමිකම් පවතී.
තමන්ගේ ගෞරවයටත්, පෞරුෂත්වයෙහි වර්ධනය සඳහාත් අත්‍යවශ්‍ය වන ආර්ථික , සමාජීය සහ සංස්කෘතිමය අයිතිවාසිකම් ජාතික ප්‍රයත්නයන්ගෙන් සහ ජාත්‍යාන්තර සහයෝගිත්වයෙන් ද එක් එක් රාජ්‍යයේ සංවිධානය සහ සම්පත් වලට අනුකූලව සාක්ෂාත් කර ගැනිමේ අයිතිය සෑම පුද්ගලයෙකුම සතුව පවති.



23 වන වගන්තිය
1* වැඩ කිරීමටත්, තමා කැමති රැකියාවක් නිදහසේ තොරා ගැනිමටත් වැඩ කිරීමට සාධාරණ මෙන්ම හිතකර වු වැඩ කිරිමෙහි පහසුකම් ලැබීමටත් , රැකියා නැති වී යාමෙන් ආරක්ෂා විමටත් සෑම පුද්ගලයකු හට අයිතිය පවති.
2* සෑම පුද්ගලයකු හටම කිසිදු විශේෂතාවයක් හෝ වෙනස්කමකින් තොරව සමාන වැඩ සඳහා සමාන වැටුප් ලැබීමට හිමිකම් පවති.
3* තමන්ට හා තම පවුලට මිනිස් ගරුත්වය රැකෙන ජිවිතයක් සඳහා අවශ්‍ය සාධාරණ වැටුපක් ලැබීමට මෙන්ම, අවශ්‍ය වුවහොත් සමාජ රැකවරණය පිළිබඳ වු වෙනත් මාර්ගයකින් තම අඩුපාඩු පිරිමසා ගැනිමට, වැඩ කරන සෑම පුද්ගලයෙකු හටම අයිතිය හෙවත් හිමිකම් පවතින්නේය.
4* තම අයිකිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා වෘත්තිය සමිති පිහිටුවීමටත් , ඒ සඳහා බැඳිමටත්  සෑම පුද්ගලයෙකු හටම අයිතිය පවතී.

24 වන වගන්තිය
වැඩ කරන පැය ගණන් පිලිබඳව සීමාවක් ඇතිව, වැටුප් සහිත නිවාඩු දිනයන්ද (කලින් කලට ලැබෙන) ඇතුළුව විවේක ගැනීමේ අයිතිය සෑම පුද්ගලයෙකුම සතුය.

25 වන වගන්තිය
1* ආහාර අඳුම් පැළදුම් , නිවාස, සෞඛ්‍යය, ආරක්ෂාව, සහ අවශ්‍ය සමාජ සේවා ද ඇතිව තමාගේත් , තම පුවලේත් සෞඛ්‍යයට සහ පැවැත්මට ප්‍රමාණවත් ජිවන තත්වයන් අත්පත් කර ගැනීමටත් රැකියාව අහිමී වීම, අසනිප වීම, දුබලතාව, වැන්දඹු වීම සහ මහලු බව සහ වෙනත් පාලනය කළ නෙහැති හේතු ආදිය මගින් ජිවිතය ගෙන යාම දුෂ්කර වු විට, රැකවරණට ලැබීම සඳහා අයිතිය හෙවත් හිමිකම සෑම සියලු දෙනාම සතුය.
2* මාතෘ භාවය, සම ළදරු භාවය විශේෂ සැලකිල්ලට උපකාරය සහ ආරක්ෂාව හිමි විය යුතු තත්වයෝ වෙති. විවාහක හෝ අවිවාහක මව්වරුන්ගේ ලැබෙන්නා වු සියලු දරුවෝ සමාන සමාජ ආරක්ෂාව ලැබීමට හිමිකම් ඇත්තෝ වෙති.

26 වන වගන්තිය
1* සියලු පුද්ගලයන් හට ඉගෙනිම සඳහා හිමිකම් ඇත්තේය. අඩුම තරමින් ප්‍රාථමික සහ මුලීක අධ්‍යාපනය නොමිලේ සැපයිය යුතුය. ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය විය යුතුය. කාරමික හෝ වෘත්තිය අධ්‍යාපනය සදහා පහසුවෙන් ලැබිය හැකි මාර්ගයන් පැවතිය යුතු අතර , උසස් අධ්‍යාපනය සඳහා දක්‍ෂතාවය අනුව සමාන අවස්ථාවන් සැලසිය යුතුය.

2* පුද්ගල පෞරුෂත්වය පුර්ණ සංවර්ධනයට පත් කිරීම සඳහාත් , මානව අයිතිවාසිකම් සහ මුලික නිදහස පිළිබඳව ගරුත්වය  ප්‍රබල වන ලෙසටත් අධ්‍යාපනය යොමු විය යුතුය. එමෙන්ම අධ්‍යාපනය මගින් සියලු ජාතින් වර්ගිකයන් සහ ආගමික කාණ්ඩායම් අතර අන්‍යෝන්‍ය අවබෝධයක් සාමයටත්,එක්සත් ජාතින් විසින්  ගෙන යන ක්‍රියාමාර්ගයට අනුබල සැපයිය යුතුය.
3* තම දරුන්ට ලබා දෙන අධ්‍යාපනය කුමන ආකාරයේ අධ්‍යාපනයක් දැයි තෝරා ගැනිමෙහි මුල් හෙවත් මුලික අයිතිය මව්පියන් සතුය.

27 වන වගන්තිය
1* සමාජය තුළ සංස්කෘතිමය වශයෙන් නිදහසේ ක්‍රියාත්මක වීමටත් , කලා රස විඳිමටත් , විද්‍යාත්මක දියුණුවට සම්බන්ධ වී එහි ප්‍රතිඵල භුක්ති විඳිමටත් සෑම පුද්ගලයකු හටම අයිතිය පවති.
2* තම කාර්තව්‍යයෙන් නිමවන විද්‍යාත්මක, සාහිත්‍යමය හෝ කලාත්මක කෘතියක් මගින් භෞතික සහ අද්‍යාත්මික පල ප්‍රයෝජන රැක ගැනිමේ අයිතිය සැම පුද්ගලයෙකු හටම හිමි වේ.

28 වන වගන්තිය
මෙම විශ්ව ප්‍රකාශනයෙහි දැක්වෙන අයිතිවාසිකම් ස්වාධීනත්වය සපුරා සාක්ෂාත් කර ගත හැකි වන සමාජ සහ ජාත්‍යාන්තර රටාවකට සෑම පුද්ගලයෙකු හටම අයිතියක් පවතී.

29 වන වගන්තිය
1ග පුද්ගලයෙකුගේ පෞරුෂත්වය නිදහස් පූර්ණ සංව්රධනයට කිරීමෙහිලා ඉටු කළ යුතු සමාජ යුතුකම් රැසක් සෑම පුද්ගලයෙකු කෙරෙහිම පැවරී ඇත.
2ග පුද්ගලයාගේ අයිතිවාසිකම් සහ ස්වාධිනත්වයන් ක්‍රියාත්මක වීමේදී සීමාවන් තිබිය යුතුය. එනම්, කිසියම් ආකාරයක නිතිමය සීමාවන්ට පමණක් යටත් විය යුතුය. ඒ අන්‍යයන්ගේ අයිතිවාසිකම් සහ ස්වාධිනතා, ආරක්ෂා වීම පිණිසත්, අද්‍යාත්මික ගුණ වගා ආරක්ෂා කිරීම සඳහාත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සාමය හා පොදු සුභසාධන ආරක්ෂා වීම පිනිස නිතීය මගින් පනවනු ලබන නීති පද්ධතියක් මගින්ය.
3ග මෙම අයතිවාසිකම් සහ ස්වාධිනත්වයන්, එක්සත් ජාතින්ගේ සංවිධානයේ අරමුණුවලට පටහැණි නොවිය යුතුය.




30 වන වගන්තිය
      මෙම ප්‍රකාශනයේ සඳහන් කිසිම අයිතිවාසිකමක් හෝ ස්වාධිනත්වයක් හෝ වැනසී යන අන්දමේ කිසිම ක්‍රියාකාරකමක යෙදීමේ අයිතියක් කිසිදු ආකාරයෙන් රාජ්‍යයකට , කාණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට ලැබෙන, හිමිවන ආකාරයෙන් අර්ථ නිරූපණයක් මේ ප්‍රකාශණයෙහි කවර වගන්තියක් හෝ මගින් නොකළ යුතුය.

     විශ්ව ප්‍රකාශනය කෙරෙහි සමස්තයක් ලෙස අවධානය යොමු කරන විට , පෙනී යනුයේ, පළමු සහ දෙවන වගන්ති යටතේ විග්‍රහ වන්නේ මානවයින් ගරුත්වයෙන් හා අයිතිවාසිකම් වලින් සමව උපත ලබා ඇති බවය. එ අනුව ජාති, වර්ග,ස්ත්‍රි, පුරුස ,භාෂාව , ආගම, දේශපාලන, ආදී කවර භේදයකින් හෝ සමාජ , ජාතික, දේපළ ආදී කිසිදු භේදභින්න භාවයකින් තොරව, විශ්ව ප්‍රකාශනයෙහි දැක්වෙන සියලු අයීතින් සියලු ජනයාට හිමිවන බව දක්වයි.
තුන් වන වගන්තියේ සිට විසි එක් වන වගන්තිය දක්වා ඇති වගන්ති වලින් දැක්වනුයේ, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්ය. විසිදෙවන වගන්තියේ සිට ධීසි තුන්වන වගන්තිය දක්වා පවතින වගන්ති වලින් ආර්ථික, සමාජීය  සහ සංස්කෘතිමය අයිතිවාසිකම් නියෝජනය වේ.

විසි අටවන වගන්තියේ සිට තිස්වන වගන්තිය හෙවත් අවසාන වගන්තිය දක්වා ඇති වගන්ති වලින් මානව අයිතිවාසිකම් භූක්ති විඳිම සඳහත්, සුරක්ෂිත කරලීම සඳහත් , අයිතිවාසිකම් භුක්ති විඳින විට පවතින යුතුකම් හෙවත් වගකීම්ද, මානව අයීතින් භුක්ති විඳිය යුතු අර්ථ නිරූපණ  සම්බන්ධව කරුණුද දක්වා ඇත.

Monday 30 July 2018

 


                     
                            සමාජවාදි නායක ඇන්.ඇම්. පෙරේරා


විසිවැනි සියවසේ ශ්‍රී ලංකාවෙහි උපන් ජනනායකයන් අතර ශ්‍රේෂ්ඨ ස්ථෘනයක් ලබන පොදු ජනතාව ඇන්.ඇම්. යන නමින් හඳාුන්වන නානයක්කාර පතිරගේ මාටින් රදල
 මහේහාක්‍ය පවුලක උපත ලැබ ජන්මයෙන්ම හමි වූ ධනස්කන්ධයකට හිමිකම් කීවකු නොවේ. ඔහු දුප්පත් පවුලක දිළිදු පැල්පතක ජන්ම ලාභය ලැබුවෙකි.

ඔහු උපතින්ම දිළිදු පවුල් සංස්කෘතික වටපිටාවකට හිමිකම් කියූ අයෙක් බව පැවසිය හැකිය. මොහුගේ පියා නානායක්කාර පතිරගේ ඒබ්‍රහම් පෙරේරා වන අතර මව රන්වලාගේ ජොහානා පෙරේරාය. තම පවුලේ පැවති දිළිඳු බාවය පිළිබඳව ඔහු නිහතමානව ප්‍රකාශ කළ අවස්ථාවක් වශයෙන් 1972 නොවැම්බර් 27 වැනි දින ජාතික රාජ්‍ය සභාවේදී කළ කතාව හඳුන්වා දිය හැකිය.

“මගේ පියාගේ නම නානායක්කාර පතිරගේ ඒබ්‍රහම් පෙරේරා. තොටළඟ කවුරුත් මගේ පියා ගැන දන්නවා. විශේෂයෙන් ‘අබරන්’ කීවාම කවුරුත් දන්නවා. මා ඉපදුනේ පොඩි පැල්පතක. මගේ තාත්තා පොඩි මිනිහෙක්. පරණ කාලේ මිණිහෙක්...”

එම කතාවේ එන ඉහතින් සඳහන් කරනු ලැබූ කුඩා ප්‍රකාශනය මගින්ද ඔහුගේ පවුල් පරිසරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකියාව අති අතර දිළිඳු සංස්කෘතික ආභාෂය ඔහුට තම පවුල් පරිසරය තුළින්ම ලැබෙන්නට ඇත. දුප්පත් ජනතාවගේ දුක හඳුනන ජන නායකයකු බවට පත් වීම සඳහා ඔහුගේ මෙම පවුල් පරිසරයෙන් ලැබුවා වූ ආභාෂය උපකාරී වන්නට ඇති බව හඳුනාගත හැකිය.

ඇන්.ඇම්. සහෝදරයන් සිව් දෙනෙකුගෙන් හා සහෝදරියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක පස්වැන්නා ය. වැඩිමහල් සහෝදරයන් තිදෙනාත් සමග ශාන්ත ජෝෂප් පාසලට හෙවත් මොදර ගල් පල්ලියේ පාසලට ගිය ඇන්.එම්. පසුව ගල්කිස්සේ ශාන්ත fාත්මස් විද්‍යාලයට ඇතුළත් වන ලදි. ඉංග්‍රීසි  සංස්කෘතිය අකුරටම අනුගමනය කරමන් අධිරාජ්‍යවාදීන්ට ගැතිවන අන්දමේ අදහස් උදහස් හා පරිසරයක් තිබුණු ශාන්ත තෝමස් විද්‍යාලය තුළ ඉගෙන ගන්නා අවධිය තුළදි අන්.එම්. ඉංග්‍රීසි සංස්කෘතියට හා කතෝලික ආගමික සංස්කෘතියට නැඹුරු වීමක් දකනටලැබුනි. ශාන්ත තෝමස් විදුහලේ ගත කළ අවසාන වසරේදි පී.බී. ඒකනායක පියානංගේ චාටු බසින් මෝහනයට පත් ඇන්.එම්. කිතුනු දහමට ඇදි යන්නට වූයේ යැයි ඔහුම පිළිගන්නා කරුණකි. නමුත් එම සංස්කෘතික ආභාෂය තුළින් ඇන්.ඇම් ව ගලවා ගැනිමට ඔහුගේ දෙමාපියන්ට හැකියාව ලැබී තිබේ.

ඔහු පසුව මිෂනාරි අධ්‍යාපන ක්‍රමය අතහැර ආනන්ද මහා විද්‍යාලයට අතැුළත් වන අතර ඇන්.ඇම්. ගේ ළමා ජීවිතයේ සංස්කෘතික වශයෙන් වැදගත් පරිවර්තනයක් එහිදී සිදු විය. මිෂනාරි ආයතනයක සිට ජාතික ආයතනයක් වෙත පැමිණි මේ හදිසි ගමන ඔහුගේ ජිවිතයේ පැහැදිලි වෙනසක් සිදු කරනු ලැබූ සන්ධීස්ථානයක් විය. අන්.ඇම්. ගේ සිත තුළ ජාත්‍යාලය ඇති විම සඳහා මෙම ආනන්ද විද්‍යාලයේ පැවති සංස්තෘකිය බොහෝ සෙයින් බලපාන්නට ඇත.

ඒ සඳහා ආනන්දයේ සිටි පී. ද. ඇස්. කුලරත්න මහතාගේ සහ ජී. වීරමන්ත්‍රී, ටි.බී, ජයා, පී.පී. මලලසේකර ආදී ගුරුවරුන්ගේ මොහුට නව පන්නරයක් වූ බව සඳහන් කළ යුතුය. ජාතික ප්‍රබෝධයත් සමග බෞද්ධ පුනර්ජීවනයක් ඇති වූ අවධීයක් ලෙස මෙම කාලය හැඳින්විය හැකිය. එබැවින් සිංහල සංස්කෘතික උරුමයන්ට නොගැලපෙන දින කලිසම හා කබාය අත්හැරදමා ඒ වෙනුවට ජාතික ඇඳුම ඇදිමෙහිලා මෙම විදුහලේ කුලරත්න මහතා පුරෝගාමියෙක් විය. මහත්මා ගාන්ධි මොතිලාල් නේරු, සප්රු මලවිය හා සී.ආර්. දාස් ආදන්ගේ නායකත්වය යටතේ ඉන්දී්‍ය මහද්වීපය තුළ ඇතව තිබූ ජනතා පිබිදීම ආනන්දය තුළද දක්නට ලැබිණි. මෙහිදී බෞද්ධ පුනර්ජීවනය මෙන්ම ජාතික නිදහස දිනා ගැනිමේ අවශ්‍යතාවය පිළිබඳව ද දිරිමත් කිරීම ආදිය සිදු වන ලදි. මේ අයුරින් ආනන්දය තුළින් ලද එම ආභාෂයන් මත ඇන්‍්.ඇම්. ජාතික නිදහස දිනා ගැනීම සඳහා කටයුතු කිරීමට පෙළබෙන්නට ඇතැයි පැවසිය හැකිය. ඒ ඔහු ආනන්දයෙන් ලද සංස්කෘතික ආභාෂයයි.

ආනන්ද විද්‍යාලයට ඇතුළත් වීමෙන් පසු ඇන්.ඇම්. බෞද්ධ සංස්කෘතියට ප්‍රබල ලෙස නැඹුරු වීමක් දැක් වූයේ ආනන්ද මෛත්‍රීය හිමියන්ගෙන් ලද ආභාෂය මතය. බෞද්ධ ධර්මයේ යථාර්ථය පිළිබඳව ගැඹුරු අවබෝධයක් මෙම ආභාෂයන් සමග ඔහුට ඇති වන ලදි. ආනන්දයෙන් ලද සංස්කෘතික ආභාෂය මගින් ජාතික හැගුමන් මොහුගේ සිත තුළ වැඩි වෂයෙන් පුබුදු වූ අතර ක්‍රම ක්‍රමයෙන් විදේශීය ආධිපත්‍යය විසින් ඇතිකරන ලද අසාධාරණකම් හා වරප්‍රසාදයන් බොහොමයක් පිළිබඳව ඇන්.ඇම්. ගේ අවධානයට ලක්වන ලදි. ජාතික හැගීම් පිළිබඳ ආනන්දයෙන් ලද ආභාෂය මත එහු මෙලෙස සිතීමට පෙළඹෙන්නට ඇත.

ඇන්.ඇම්. පිළිබඳව සඳහන් කිරීමේදී ඔහු ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවටද එක හා සමාන ලෙස දස්කම් දැක්වූ අයෙකු ලෙස හැඳින්විය හැකිය. 1925 දී ආනන්දයේ ක්‍රිකට් කණ්ඩායම් නායකයා බවට පත් වූයේ ඇන්.ඇම්. ය. මැටි්‍රක්‍යුලේෂන් විභාගයෙන් උසස් ලෙස සමත්ව ලංකා විශ්ව විද්‍යාලයට ඇන්.ඇම්. ඇතුලත් වූයේ 1925 දීය. මිට අමතරව ඇන්.ඇම්. 1925 දී ලංකාවේ නිපදවූ පළමුවැනි චිත්‍රපටයේ කතා නායකයා ලෙස රඟපාන ලදි. නූර්බායි විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටිය “රාජකීය වික්‍රමය’ නමින් හැඳින්විය. ගුප්ත නම් බෙංගාලි ජාතිකයෙකු මෙහි අධ්‍යක්‍ෂවරයා විය. ලංකාවේ පළමුවැනි චිත්‍රපට නළුවා වෙමින් කවදාවත්ම ප්‍රදර්ශනය නොකළ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රගපෑම වෙනුවෙන් මසකට රුපියල් සියය බැගින් ඔහුට හිමි විය. ඒ එහුගේ එක් රැකියාවක් ලෙස හඳුන්වාදිය හැකිය. මේ අයුරින් කලාව තුළද මොහු තම දායකත්වය කැප කළ අයුරු හඳුනා ගත හැකිය.

1927 අගෝස්තු 10 වැනි දා එංගලන්තය බලාගිය ඇන්.ඇම්. බී.ඇස්.සි ගෞරව උපාධියද පී.එච්.ඩී. දර්ශන විශාර ද උපාධියද ලබා ගන්නා ලදි. මේ අයුරින් උපාධි දෙකක් ලබාගත් මොහුව හැඳින්වූයේ “ඩබල් ඩොක්ටර් යනුවෙනි. 1932 දි ඇන්.ඇම්. නැවත ලංකාවට පැමිණෙන ලද අතර ඉන් අනතුරුව ඔහු තමන්ගේ සටනේ මූලික අඩිතාලම ලෙස 1935 දී ලංකා සමසමාජ පක්ෂය පිහිටුවා ගන්නා ලදි. සමසමාජ පක්ෂය ගොඩනගා ගැනීමෙන් අනතුරුව ඇන්.ඇම්. මෙරට පීඩිත පන්තියේ ජනතාවගේ සැබෑ නායකයා වශයෙන් පෙනී සිටින ලදි.

ඇන්.ඇම් විවාහ වූයේ 1936 දීය. ඒ සූරිය මල් ව්‍යාපාරයේදී ඔහුට හමු වු සෙලීනා පෙරේරා සමඟය. ඔහුගේ විවාහ ජීවිතය සාර්ථකව පැවැතකුනේ යැයි පැවසීම අපහසුය. 1935 න් ආරම්භ කරනු ලැබූ එන්.එම්. ගේ දේශපාලන ක්‍රියා පටිපාටිය වෙනුවෙන් ඔහු දිවා රෑ ජනතාවගේ දුකේදී ඔවුන් සමග කටයුතු කරීම ඇන්.ඇම් ගේ විවාහ ජීවිතය සාර්ථක නොවීමට හේතුවක්වූ බව පැවසිය හැකිය. නමුත් එවැනි දෑ මගින් ඔහුගේ දේශපාලන ව්‍යාපාරය අඩපන වීමත් දැකගත හැකි නොවිනි.

1940 දී ඇන්.ඇම්. සිරබාරයට පත්වන ලද අතර 1942 සිරගෙයින් හොරෙන් පිටවන ලද අතර එහිදී ඉන්දියාවට පැන යන මොහු ඉන්දියාවේ නිදහස් සටනට සම්බන්ධ වන ලදි. 1945 නැවත සිරබාරයට පත්වන ඇන්.ඇම්. 1945 දී නිදහස් වන ලදි. 1955 කොළඹ නගර සබාවේ පුරපති වන මොහු 1970 දී මුදල් ඇමති දූරයට පත්වන ලදි. වීරයකු මෙන්ම මිනිසුන්ගේ සිත් තුළ අමරණීයත්වයට පත් එම යුග පුරුෂය 1979 දී මිය යන ලදි.

ඇන්.ඇම්. යන අමරණීය චරිතයේ ජීවන තොරතුරු වලින් බිදක් ඒ අයුරින් කෙටියෙන් පැවසිය හැකි අතරම ඔහුට තම පවුල් සමාජය තුළීන ලැබුන සංස්කෘතික ආභාෂයත් මෙන්ම අධ්‍යාපන ආයතනයන් වලදී ලද ආභාෂයත් පිළිබඳ ඉහතින් සඳහන් කරන ලදි. 


Thursday 26 July 2018





දැනෙයි සතුට
ප්‍රේමයේ සඳ පෑයූදා...
රැඳෙයි හසරැල්
තනිකම දුරු වූදා...
නැගෙයි කඳුළක්
ප්‍රේමයේ සඳ බැස ගියදා...
නැගෙයි කඳුළක්
තනිකම රජ වූදා...