Monday 30 July 2018

 


                     
                            සමාජවාදි නායක ඇන්.ඇම්. පෙරේරා


විසිවැනි සියවසේ ශ්‍රී ලංකාවෙහි උපන් ජනනායකයන් අතර ශ්‍රේෂ්ඨ ස්ථෘනයක් ලබන පොදු ජනතාව ඇන්.ඇම්. යන නමින් හඳාුන්වන නානයක්කාර පතිරගේ මාටින් රදල
 මහේහාක්‍ය පවුලක උපත ලැබ ජන්මයෙන්ම හමි වූ ධනස්කන්ධයකට හිමිකම් කීවකු නොවේ. ඔහු දුප්පත් පවුලක දිළිදු පැල්පතක ජන්ම ලාභය ලැබුවෙකි.

ඔහු උපතින්ම දිළිදු පවුල් සංස්කෘතික වටපිටාවකට හිමිකම් කියූ අයෙක් බව පැවසිය හැකිය. මොහුගේ පියා නානායක්කාර පතිරගේ ඒබ්‍රහම් පෙරේරා වන අතර මව රන්වලාගේ ජොහානා පෙරේරාය. තම පවුලේ පැවති දිළිඳු බාවය පිළිබඳව ඔහු නිහතමානව ප්‍රකාශ කළ අවස්ථාවක් වශයෙන් 1972 නොවැම්බර් 27 වැනි දින ජාතික රාජ්‍ය සභාවේදී කළ කතාව හඳුන්වා දිය හැකිය.

“මගේ පියාගේ නම නානායක්කාර පතිරගේ ඒබ්‍රහම් පෙරේරා. තොටළඟ කවුරුත් මගේ පියා ගැන දන්නවා. විශේෂයෙන් ‘අබරන්’ කීවාම කවුරුත් දන්නවා. මා ඉපදුනේ පොඩි පැල්පතක. මගේ තාත්තා පොඩි මිනිහෙක්. පරණ කාලේ මිණිහෙක්...”

එම කතාවේ එන ඉහතින් සඳහන් කරනු ලැබූ කුඩා ප්‍රකාශනය මගින්ද ඔහුගේ පවුල් පරිසරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකියාව අති අතර දිළිඳු සංස්කෘතික ආභාෂය ඔහුට තම පවුල් පරිසරය තුළින්ම ලැබෙන්නට ඇත. දුප්පත් ජනතාවගේ දුක හඳුනන ජන නායකයකු බවට පත් වීම සඳහා ඔහුගේ මෙම පවුල් පරිසරයෙන් ලැබුවා වූ ආභාෂය උපකාරී වන්නට ඇති බව හඳුනාගත හැකිය.

ඇන්.ඇම්. සහෝදරයන් සිව් දෙනෙකුගෙන් හා සහෝදරියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක පස්වැන්නා ය. වැඩිමහල් සහෝදරයන් තිදෙනාත් සමග ශාන්ත ජෝෂප් පාසලට හෙවත් මොදර ගල් පල්ලියේ පාසලට ගිය ඇන්.එම්. පසුව ගල්කිස්සේ ශාන්ත fාත්මස් විද්‍යාලයට ඇතුළත් වන ලදි. ඉංග්‍රීසි  සංස්කෘතිය අකුරටම අනුගමනය කරමන් අධිරාජ්‍යවාදීන්ට ගැතිවන අන්දමේ අදහස් උදහස් හා පරිසරයක් තිබුණු ශාන්ත තෝමස් විද්‍යාලය තුළ ඉගෙන ගන්නා අවධිය තුළදි අන්.එම්. ඉංග්‍රීසි සංස්කෘතියට හා කතෝලික ආගමික සංස්කෘතියට නැඹුරු වීමක් දකනටලැබුනි. ශාන්ත තෝමස් විදුහලේ ගත කළ අවසාන වසරේදි පී.බී. ඒකනායක පියානංගේ චාටු බසින් මෝහනයට පත් ඇන්.එම්. කිතුනු දහමට ඇදි යන්නට වූයේ යැයි ඔහුම පිළිගන්නා කරුණකි. නමුත් එම සංස්කෘතික ආභාෂය තුළින් ඇන්.ඇම් ව ගලවා ගැනිමට ඔහුගේ දෙමාපියන්ට හැකියාව ලැබී තිබේ.

ඔහු පසුව මිෂනාරි අධ්‍යාපන ක්‍රමය අතහැර ආනන්ද මහා විද්‍යාලයට අතැුළත් වන අතර ඇන්.ඇම්. ගේ ළමා ජීවිතයේ සංස්කෘතික වශයෙන් වැදගත් පරිවර්තනයක් එහිදී සිදු විය. මිෂනාරි ආයතනයක සිට ජාතික ආයතනයක් වෙත පැමිණි මේ හදිසි ගමන ඔහුගේ ජිවිතයේ පැහැදිලි වෙනසක් සිදු කරනු ලැබූ සන්ධීස්ථානයක් විය. අන්.ඇම්. ගේ සිත තුළ ජාත්‍යාලය ඇති විම සඳහා මෙම ආනන්ද විද්‍යාලයේ පැවති සංස්තෘකිය බොහෝ සෙයින් බලපාන්නට ඇත.

ඒ සඳහා ආනන්දයේ සිටි පී. ද. ඇස්. කුලරත්න මහතාගේ සහ ජී. වීරමන්ත්‍රී, ටි.බී, ජයා, පී.පී. මලලසේකර ආදී ගුරුවරුන්ගේ මොහුට නව පන්නරයක් වූ බව සඳහන් කළ යුතුය. ජාතික ප්‍රබෝධයත් සමග බෞද්ධ පුනර්ජීවනයක් ඇති වූ අවධීයක් ලෙස මෙම කාලය හැඳින්විය හැකිය. එබැවින් සිංහල සංස්කෘතික උරුමයන්ට නොගැලපෙන දින කලිසම හා කබාය අත්හැරදමා ඒ වෙනුවට ජාතික ඇඳුම ඇදිමෙහිලා මෙම විදුහලේ කුලරත්න මහතා පුරෝගාමියෙක් විය. මහත්මා ගාන්ධි මොතිලාල් නේරු, සප්රු මලවිය හා සී.ආර්. දාස් ආදන්ගේ නායකත්වය යටතේ ඉන්දී්‍ය මහද්වීපය තුළ ඇතව තිබූ ජනතා පිබිදීම ආනන්දය තුළද දක්නට ලැබිණි. මෙහිදී බෞද්ධ පුනර්ජීවනය මෙන්ම ජාතික නිදහස දිනා ගැනිමේ අවශ්‍යතාවය පිළිබඳව ද දිරිමත් කිරීම ආදිය සිදු වන ලදි. මේ අයුරින් ආනන්දය තුළින් ලද එම ආභාෂයන් මත ඇන්‍්.ඇම්. ජාතික නිදහස දිනා ගැනීම සඳහා කටයුතු කිරීමට පෙළබෙන්නට ඇතැයි පැවසිය හැකිය. ඒ ඔහු ආනන්දයෙන් ලද සංස්කෘතික ආභාෂයයි.

ආනන්ද විද්‍යාලයට ඇතුළත් වීමෙන් පසු ඇන්.ඇම්. බෞද්ධ සංස්කෘතියට ප්‍රබල ලෙස නැඹුරු වීමක් දැක් වූයේ ආනන්ද මෛත්‍රීය හිමියන්ගෙන් ලද ආභාෂය මතය. බෞද්ධ ධර්මයේ යථාර්ථය පිළිබඳව ගැඹුරු අවබෝධයක් මෙම ආභාෂයන් සමග ඔහුට ඇති වන ලදි. ආනන්දයෙන් ලද සංස්කෘතික ආභාෂය මගින් ජාතික හැගුමන් මොහුගේ සිත තුළ වැඩි වෂයෙන් පුබුදු වූ අතර ක්‍රම ක්‍රමයෙන් විදේශීය ආධිපත්‍යය විසින් ඇතිකරන ලද අසාධාරණකම් හා වරප්‍රසාදයන් බොහොමයක් පිළිබඳව ඇන්.ඇම්. ගේ අවධානයට ලක්වන ලදි. ජාතික හැගීම් පිළිබඳ ආනන්දයෙන් ලද ආභාෂය මත එහු මෙලෙස සිතීමට පෙළඹෙන්නට ඇත.

ඇන්.ඇම්. පිළිබඳව සඳහන් කිරීමේදී ඔහු ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවටද එක හා සමාන ලෙස දස්කම් දැක්වූ අයෙකු ලෙස හැඳින්විය හැකිය. 1925 දී ආනන්දයේ ක්‍රිකට් කණ්ඩායම් නායකයා බවට පත් වූයේ ඇන්.ඇම්. ය. මැටි්‍රක්‍යුලේෂන් විභාගයෙන් උසස් ලෙස සමත්ව ලංකා විශ්ව විද්‍යාලයට ඇන්.ඇම්. ඇතුලත් වූයේ 1925 දීය. මිට අමතරව ඇන්.ඇම්. 1925 දී ලංකාවේ නිපදවූ පළමුවැනි චිත්‍රපටයේ කතා නායකයා ලෙස රඟපාන ලදි. නූර්බායි විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටිය “රාජකීය වික්‍රමය’ නමින් හැඳින්විය. ගුප්ත නම් බෙංගාලි ජාතිකයෙකු මෙහි අධ්‍යක්‍ෂවරයා විය. ලංකාවේ පළමුවැනි චිත්‍රපට නළුවා වෙමින් කවදාවත්ම ප්‍රදර්ශනය නොකළ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රගපෑම වෙනුවෙන් මසකට රුපියල් සියය බැගින් ඔහුට හිමි විය. ඒ එහුගේ එක් රැකියාවක් ලෙස හඳුන්වාදිය හැකිය. මේ අයුරින් කලාව තුළද මොහු තම දායකත්වය කැප කළ අයුරු හඳුනා ගත හැකිය.

1927 අගෝස්තු 10 වැනි දා එංගලන්තය බලාගිය ඇන්.ඇම්. බී.ඇස්.සි ගෞරව උපාධියද පී.එච්.ඩී. දර්ශන විශාර ද උපාධියද ලබා ගන්නා ලදි. මේ අයුරින් උපාධි දෙකක් ලබාගත් මොහුව හැඳින්වූයේ “ඩබල් ඩොක්ටර් යනුවෙනි. 1932 දි ඇන්.ඇම්. නැවත ලංකාවට පැමිණෙන ලද අතර ඉන් අනතුරුව ඔහු තමන්ගේ සටනේ මූලික අඩිතාලම ලෙස 1935 දී ලංකා සමසමාජ පක්ෂය පිහිටුවා ගන්නා ලදි. සමසමාජ පක්ෂය ගොඩනගා ගැනීමෙන් අනතුරුව ඇන්.ඇම්. මෙරට පීඩිත පන්තියේ ජනතාවගේ සැබෑ නායකයා වශයෙන් පෙනී සිටින ලදි.

ඇන්.ඇම් විවාහ වූයේ 1936 දීය. ඒ සූරිය මල් ව්‍යාපාරයේදී ඔහුට හමු වු සෙලීනා පෙරේරා සමඟය. ඔහුගේ විවාහ ජීවිතය සාර්ථකව පැවැතකුනේ යැයි පැවසීම අපහසුය. 1935 න් ආරම්භ කරනු ලැබූ එන්.එම්. ගේ දේශපාලන ක්‍රියා පටිපාටිය වෙනුවෙන් ඔහු දිවා රෑ ජනතාවගේ දුකේදී ඔවුන් සමග කටයුතු කරීම ඇන්.ඇම් ගේ විවාහ ජීවිතය සාර්ථක නොවීමට හේතුවක්වූ බව පැවසිය හැකිය. නමුත් එවැනි දෑ මගින් ඔහුගේ දේශපාලන ව්‍යාපාරය අඩපන වීමත් දැකගත හැකි නොවිනි.

1940 දී ඇන්.ඇම්. සිරබාරයට පත්වන ලද අතර 1942 සිරගෙයින් හොරෙන් පිටවන ලද අතර එහිදී ඉන්දියාවට පැන යන මොහු ඉන්දියාවේ නිදහස් සටනට සම්බන්ධ වන ලදි. 1945 නැවත සිරබාරයට පත්වන ඇන්.ඇම්. 1945 දී නිදහස් වන ලදි. 1955 කොළඹ නගර සබාවේ පුරපති වන මොහු 1970 දී මුදල් ඇමති දූරයට පත්වන ලදි. වීරයකු මෙන්ම මිනිසුන්ගේ සිත් තුළ අමරණීයත්වයට පත් එම යුග පුරුෂය 1979 දී මිය යන ලදි.

ඇන්.ඇම්. යන අමරණීය චරිතයේ ජීවන තොරතුරු වලින් බිදක් ඒ අයුරින් කෙටියෙන් පැවසිය හැකි අතරම ඔහුට තම පවුල් සමාජය තුළීන ලැබුන සංස්කෘතික ආභාෂයත් මෙන්ම අධ්‍යාපන ආයතනයන් වලදී ලද ආභාෂයත් පිළිබඳ ඉහතින් සඳහන් කරන ලදි. 


Thursday 26 July 2018





දැනෙයි සතුට
ප්‍රේමයේ සඳ පෑයූදා...
රැඳෙයි හසරැල්
තනිකම දුරු වූදා...
නැගෙයි කඳුළක්
ප්‍රේමයේ සඳ බැස ගියදා...
නැගෙයි කඳුළක්
තනිකම රජ වූදා...



Monday 23 July 2018




                   දේශපාලන මත වෙනස් කිරීමට facebook වල දායකත්වය
(2015 ජනාධිපතිවරණය ඇසුරින්)

මෑත කාලයට පෙර බොහෝ දෙනා පාන්දරින්ම කරන්නට පුරුදුව සිටිය දෙයක් වූයේ පත්තර කියවීමයි- අද ජීවත් වන වැඩිහිටි පරම්පරාව තුළ මෙම පුරුද්ද යම්තාක් දුරට පැවැතියද තරුණ පරපුර ගැන කියන්නට ඇත්තේ ඊට වෙනස් දෙයකි ඔවුන් අද උනන්දු වන්නේ පත්තර බලන්නට නොව facebook  වැනි සමාජ වෙබ් අඩවි වෙත යාමටය අන්තර්ජාලය හා සම්බන්ධ facebook මගින් රටක පාලන බලය පවා පෙරලා දමන්නට හැකි වී තිබේ- ඒ ආකාරයට facebook යන සමාජ ජාලය මගින් මිනිසුන් තුළ ජනමතයක් ගොඩනැගීමට හැකි වී තිබේ-

මේ ආකාරය සමාජ ජාල මධ්‍යය් මගින් සිදු කරනු ලබන මහජන මතයන් මගින් රටේ දේශාලන පක්‍ෂය බලය පවා පෙරලා දැමීමට සමත් වූ ආකාරය දේශිය මෙන්ම විදේශිය රටවලද නිදසුන් මගින් හදුනා හැකිය- ඒ අයුරින් සිදු වූ රටේ පලන බලය පෙරලා දැමූ අවස්ථාවක් ලෙස මෑතදී සිදු වූ ඊජිප්තු විප්ලවය දුන්වා දිය හැකිය- එය හදුන්වනු ලැබුවේ facebook විප්ලවයක් ලෙසමය- දශක 3 ටත් අධික කාලයක් ඊජිප්තුව පාලන කළ හොස්නි මුසාකේ සති කිහිපයක් තුළ දී රටෙන් පලවා හරින්නට හැකි වූයේ facebook වල පිහිටෙනි- මරණ ගනන 384 කට සීමා කරමින් මේ විප්ලවය ජය ගත්තේ facebook නිසා බව බටහිර විචාරකයෝ පිළිගනිති- මේ facebook විප්ලවය මෙහෙය වූ නිර්නාමික නායකයෙකු මාධ්‍යයට පවසා තිබුනේ අපි උද්ඝෝෂණ සැලැසුම් කළේ facebook මගින් බවයි-
මෙහිදී පළමුව සිදු වුයේ බුද්ධිමතුන් වෘත්තිකයන් කම්කරුවන් හා විපක්ෂ දේශපාලකයන් එක් වී facebook හරහා ජනතාවට සුවිශේෂ ආයචනයක් කිරීමය- ඒ මුබාරක් ඉවත් කිරිමට පෙළ ගැසෙන ලෙසය- මෙහිදී ලක්‍ෂ ගණනකගේ දායකත්ව ලබාගත හැකිවිය- උද්ඝෝෂණ පැවැත්වෙන දින ස්ථාන හා කළ යුතු දේද facebook මගින් දැනුම් දෙන ලදි- මේ ආකාරයට මෙම රටේ facebook සමාජ ජාලය මගින් මහජන මතය වෙනස් කිරීමට කටයුතු කරන ලදි- මෙහිදී මුබාරක් facebook විප්ලවයට බියේ රට හැර පලා යන ලදී- මෙමගින් පැහැදිලි වන්නේ රටේ දේශපාලන බලය වෙනස් කිරීමට පවා facebook බලපාන ලෑබූ බවය මෙමගින් facebook හරහා මහජන මතය රටේ බලය වෙනස් කිරීමට භාවිතා කර තිබේ-

මේ ආකාරයට සමාජ ජාල මගින් රටේ මහජනතාවගේ මතය වෙනස් කර ඒ තුළින් රටේ බලය වෙනස් කිරීමට කටයුතු කරන ලැබූ තවත් අවස්ථාවක් ලංකාව තුළින් මෑත ඉතිහාසයේ වර්ථා වේ-2015 ජනවාරී 08 වැනි දින පවත්වනු ලෑබූ ජනාධිපතිවරණය සදහා විශාල ජනමතයක් facebook යන සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සිදු කර තිබේ- ඒ පිළිබද විමසා බැලීමේ දී facebook මගින් සමාජ මතය බොහෝ දුරට වෙනස් කළ හැකිය- මීට පෙර පැවති ජනිධිපතිවරණයන් සැලකීමේදී 2015 ජනාධිපතිවරණය සුවිශේෂි වේ- අන්තර්ජාලය හා බැදුණු facebook ඇතුළු සමාජ වෙබ් අඩවි පොදු ජනමතය වෙනස් කිරීමේ කාර්යභාරය සදහා රජය මෙන්ම පොදු විපක්‍ෂයද බහුලව යොදාගෙන තිබෙනු දක්නට ලැබුණි-

මෙම කාලයේදී දෙපාර්ෂවයේම වැඩි අවධානයක් යොමුව තිබෙන්නේ facebook සමාජ වෙබ් අඩවියටය- facebook  හි තිබෙන විවිධ දේශපාලන පක්‍ෂ හා දේශපාලඥයින්ගේ පිටු වලට කැමැත්ත පල කර තිබෙන නැතහොත් කසනැ කර තිබෙන ආකාරය තුළින් මෙය පැහැදිලි වේ- දබකසබැ සමග ජීවත් වන මේ ලෝකයේ බොරුව ඇත්තක් කිරීමටත් ඇත්ත බොරුවක් කිරීමටද ඉතා පහසුය- මේ නිසා මඩ ප්‍රහාර එල්ල කර ගැනීමට facebook තරම් හොද වේදිකාවක් නොමැත-

ශ්‍රී ලංකාවේ දේශපාලඥයින් තම තමන්ගේ facebook පිටු වලින් තම ආධාරකරුවන් හා හිතවතුන් සමග අන් කවරදාකටත් වඩා ඡන්ද දින වලදී සමීප වී සිටින ලදි- ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම විපක්‍ෂය තම අදහස් ප්‍රකාශ කීරීමේ වේදිකාවක් ලෙස facebook තෝරාගෙන තිබුණි- එවකට රාජ්‍ය විසින් මාධ්‍ය වර්ධනය කරමින් සිටින හෙයින් තම හඩ ජනතාව වෙත ගෙනයාමට අන්තර්ජාලය හරහා facebook යොදා ගන්නා ලදි- මෙම කාලයේ විපක්‍ෂයේ බහුතර දේශපාලඥයින් ඔවුන්ගේ facebook සමාජිකයින් සමග කටයුතු කර තිබෙන්නනේ ඉතා සමීපවය අනුර කුමාර, පාඨලී චම්පික රනවක, ඉරාන් වික්‍රමරත්න, දයා ගමගේ, වැනි විපක්‍ෂ දේශපාලඥයෝ ඔවුන්ගේ සාමාජිකයින් හා දිනපතාම සම්බන්ධ වේ- පොදුවේ ගත් කළ සමස්ත විපක්‍ෂයට එදා සිට facebook හි අතිශයින් ක්‍රියාකාරී අය වූහ-
ජනාධිපතිවරණය එළබීමත් සමග එය දෙගුණ තෙගුණ වී තිබූ අයුරු දැකිය හැකිය- ඔවුන්ගේ පිටු පොදු අපේක්‍ෂකයා සම්බන්ධ තොරතුරු වලින් විවිධ ඡයාරූප වලින් වැදගත් පුවත් වලින් මෙම කාලයේදී facebook  පිරි තිබුණී එමගින් ජනතාවගේ මතය වෙනස් කිරීමට උත්සහ ගන්නා ලදි- විපක්‍ෂයේ මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමේදී ඇමතිනවරුන්ගේ facebook එකවුන්ට් එක සදහා මෙම කාලයේදී එකතු වූ රෙැැසබට කසිඑ එක දිහා බැලීමේදී එය මීට පෙර තිබූ ගණනට වඩා විශාල ගණනකින් වැඩි වේ-

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට සාමාජිකයින් ලක්‍ෂ 05 ට ආසන්න ප්‍රමාණයක් හා ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂට ලක්‍ෂ 04 කට ආසන්න සාමාජික ප්‍රමාණයක් ඇතිව ශ්‍රී ලංකා දේශපාලන ක්ක්‍ෂේත්‍රයේ ඉහලම සාමාජිකයින් ගණනක් හිමී වී තිබේ දැන් ආණ්ඩු පක්‍ෂයේ තරුණ මන්ත්‍රීවරු facebook සමාජිකත්වය ලබාගෙ සිටියද ඔවුන්ගේ නමින්  facebook පිටු නොමැති වීම මේ තත්වය සදහා ප්‍රධාන හේතුවයි- සමන්මලී සකලසූරිය වැනි තරුණ දේශපාලඥවරියන් facebook හි වඩා ක්‍රියාකාරී හැසිරීමක් පෙන්වූවද එය විපක්‍ෂයේ රුල්ල මර්දන්‍ය කරන්නට තරම් ප්‍රමාණවත් නොවිනි-
නමුත් ඡන්ද කාලයේදී මහජන මතය වෙනස් කිරීමට facebook බොහෝ ආකාරයට බලපාන බව පෙන්වා දිය හැකිය- එහිදී කැපුවත් නිල් කැපුවත් කොළ ආකාරයට මහජන මතය වෙනස් කිරීමට facebook සමත් වී තිබේ- එවකට සිටි විපක්‍ෂය ජනතා විමුක්ති පෙරමුණ එම දිනවල facebook අනුගමනය කර තිබෙනතරම් උපදේශනාත්මක චරිතයක් ලෙස හදුනා ගැනීමයි- මෙම කලෙයේදී උණුසුම වැඩි වශයෙන් සිදුවෙමිින් තිබුනද ඒ සදහා අනෙක් සමාජ මාධ්‍යන් භාවිතා කරන ලැබූ අතර ඒවා ඒතරම් දුරට බලපෑම් කිරිමට ලක් නොවූ අතර facebook මේ සදහා විශාල ලෙස බලපෑම් කරන ලදි- ඒ ජනමතයන් වෙනස් කිරීම සදහාය-

පෙර සදහන් කළ facebook වැඩි ආධිපත්‍යක් පතුරුවාගෙන සිටින බවක් පෙනෙන්නේ විපක්‍ෂයයි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ පටන් එ ජා ප ඇතුළු පොදු විපක්‍ෂයේ  facebook  පිටුවලට කැමැත්ත පල කර ඇති සාමාජික සංඛ්‍යාව ඉහල ගොස් තිබේ- එය පහත දෙන සටහන මගින් පැහැදිලි වේ

-
මෙමගින් පැහැදිලි වන්නේ කොතෙක් දුරට මහජන මතය වෙනස් කිරිමට facebook  යන සමාජ ජාල වෙබ් අඩවිය බලපෑම් කර ඇතද යන්නයි-

පොදු අපේක්‍ෂක වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්දය ඇතුලත් කර ආරම්භකළ facebook ගිවුමට ඒ වන විට ලක්‍ෂකයකට ආසන්න පිරිසක් කැමැත්ත පල කර තිබේ- නමුත් මෙම කාලයේදි හිටපු ජනාධිපතිගේ facebook ගිනුමේ සාමාජික පිරිස් ක්‍රමයෙන් අඩු වී ඇති බව පෙනෙන්නට තිබේ- නවක ඡන්ද හිමි නවක තරුණ පරපුර මේ වන විට ඔවුන් අනුගත වී සිටින තාක්‍ෂණය ඔස්සේ සමාජ ජාල වෙබ් අඩවි facebook හරහා මහින්ද රාජපක්‍ෂ ගෙනගිය දැවැන්ත ප්‍රචාරය බැහැර කර තිබුනි- නිවසක් විකිණීමට තිබේ-   මාර්ග අංක   බස් රථයෙන් පැමිණෙන්න හංදියෙන් බහින්න- එතැන් සිට මහින්ද ලයිට් කණු 10ක් පසු කර වමට හැරෙන්න- පාරේ දිගේ දෙවැනියාට අයිති නිවෙස් වශයෙන-ි මෙමගින් කියාපානු ලැබුයේ  රජය විසින් සිදු කරනු ලැබූ දෑ පිළිබද ස0කේතත්මක     ප්‍රකාශන යන්ය- සොරකම් නාස්තිය, දූෂණය ,පවුල් වාදය මහින්ද රාජපක්‍ෂ මහතාගේ යුධ විජයග්‍රහණය අභිබවා ඉදිරිට විපක්‍ෂය රුගෙන යාමට facebook හැකි විය-එම නිසා 2015 ජනවාරි 08 වැනි දින පවත්වනු ලැබූ ජනාධිපතිවරණයෙන් එවකට පැවැති රජය පෙරලා දමා නව රජයක් ගොඩ නගා ගැනීමට හැකි විය-

මේ ආකාරයට facebook යන සමාජ ජාලය මගින් දේශපාලන සමාජය තුළ විශාල පෙරලියක් කිරීමට හැකි වී තිබෙන බව පෙන්වා දිය හැකි අතර ඒ ඔස්සේ විශාල ජන මතයන් එවකට තිබූ විපක්‍ෂය කෙරෙහි ජනතාව තුළ ඇති කර ඇති බව පෙන්වා දිය හැකිය- එමගින් පෙනී යන්නේ අපරටේ facebook යන සමාජ මාධ්‍යය භාවිතා කරන ලබන ක්‍රමයෙන් වැඩි වී ඇති බවත් ඒ තුළින් මහජන මතය බොහෝ සෙයින් වෙනස් කළ හැකි බවක්ය-

Monday 16 July 2018





                                         ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව




1874 අප්‍රේල් උපත ලද ගුග්ලිටෝ මාර්කෝනි 1898 වසරේ දී සැතපුම් 12 ක් ඈතට පණිවිඩ යැවිය හැකි අයුරින් ීච්රන ඔර්බිපසඑඑැර නමැති මුල්ම ගුවන්විදුලි සම්ප්‍රේෂණ යන්ත්‍රය නිපදවීය. නාවික පණිවිඩ හුවමාරු කටයුතු සඳහා එකල මෙම උපකරණය යොදාගෙන ඇත. ඒ අනුව 1921 ජලි 21 දින බි්‍රතාන්‍ය ජාතික එඞ්වඞ් හාපර් මහතා ලංකාවට පැමිණීමෙන් පසු ඔහුගේ මූලිකත්වයෙන් 1922 නොවැම්බර් මස 24 වන දින ක්‍ැහකදබ අසරුකැි ජකමඉ නමැති ආධුනික ගුවන් විදුලි සමාජය පිහිටුවන ලදී. අනතුරුව 1923 දී ජර්මන් සබ්මැරීනයකින් ලබාගත් රේඩියෝ උපකරණ ආධාරයෙන් කොළඹ කොටුව මධ්‍යම විදුලි සන්දේශ කාර්යාලයේ කුඩා කාමරයක සිට ග්‍රැමෆෝන් තැටි සංගීතය ප්‍රචාරය කිරීම ආරම්භ කරන ලදී.

1924 ජුනි 27 දින බි්‍රතාන්‍ය ආණ්ඩුකාර සර් විලියම් හෙන්රි මැනිං මහතාගේ කථාවක් විසුරුවා හැරීමත් සමග ආසියාවේ ප්‍රථම ගුවන්විදුලි සන්නිවේදන කටයුතු ඇරඹිණි. මුල් යුගයේ දී colombo radio නමක් ද අනතුරුව radio cylon ද හැඳින්වූ ලංකා ගුවන්විදුලිය ආසියාවේ පැරණිතම ගුවන්විදුලි ආයතනයයි. එහි ප්‍රධාන ඉංජිනේරු ලෙස පත්වූයේ ලංකා ගුවන් විදුලියේ පියා යන විරුදාවලිය ලත් එඞ්වඞ් හාපර් මහතායි. ඒ අනුව 1925 දෙසැම්බර් 16 දින ලංකාවේ නිල ගුවන්විදුලි සේවය අරඹන ලදී. එය හැඳින්වූයේ ක්‍දකදපඉද ඍ්ාසද නමිනි. ඒ සඳහා ගුවන්විදුලිය යන සිංහල වචනය ව්‍යවහාරයට වඩාත් සුදුසු යැයි තීරණය වූ පසු එයට ඒ නම යොදන ලදී. කොළඹින් කතා කරමි “මේ කොළඹ ගුවන්විදුලි සේවයයි.” යන වදන් එකල අසන්නන්ගේ සවනට හුරු කරන ලදී.

අප රටේ ගුවන්විදුලි සේවයක් ආරම්භ වූ දිනය පිළිබඳ එකිනෙකට වෙනස් වන දෙයක් පවතී. 1924 තැපැල්පති හා පාලන වාර්තා අනුව ගුවන්විදුලි සේවාවක් ආරම්භ වී ඇත්තේ 1924 ජුනි 27 දිනය අනෙක් මතය නම් මෙරට පළමු ගුවන්විදුලි සේවය වූයේ 1925 දෙසැම්බර් 16 දින ඇරඹුණු නිල ගුවන්විදුලි සේවාව බවයි. කෙසේ වෙතත් ආසියානු රටක ආරම්භ වූ මුල්ම ගුවන්විදුලි මධ්‍යස්ථානය යන කීර්ති නාමය වත්මනෙහි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට හිමිව තිබේ.

නිල වශයෙන් ඇරඹි ගුවන්විදුලියේ මුල් වරට 1927 දී එම්.ජී.පෙරේරාගේ නායකත්වයෙන් යුත් සජීවි සිංහල සංගීත වැඩසටහන් ප්‍රචාරය වී ඇත. ප්‍රථම සිංහල ධර්මදේශනාව බම්බලපිටියේ වජිරාරාමාධිපති පැලෑනේ සිරි වජිරඥාණ නායක ස්වාමීන් වහන්සේ විසින් 1928 අප්‍රේල් මාසයේදී පැවැත්වීම විශේෂ සිදුවීමකි. ලංකා ගුවන්විදුලියේ ප්‍රථම නිවේදකයා ලෙස ඩී.එම්. කොළඹගේ මහතා පත්විය. “කොළඹින් කතා කරමි.” “මේ කොළඹ ගුවන් විදුලියයි.” යනුවෙන් සිංහලෙන් ආමන්ත්‍රණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ඔහුටය. ලංකා ගුවන් විදුලි සේවය වෙනමම රාජ්‍ය දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථාපිත වන්නේ 1949 ඔක්තොම්බර් 05 දිනයි. එය තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කෙරිණි. 1950 දී ගුවන්විදුලියේ වැඩසටහන් භාෂා
තුනෙන්ම සිදු කිරීමට සංවිධානය කරන ලදී.


වෙළඳ සේවය හා ස්වදේශීය සේවය වශයෙන් කොටස් දෙකකට ගුවන්විදුලි ප්‍රචාර ප්‍රථම වරට ආරම්භ වන්නේ 1950 දීය. ලංකා ගුවන්විදුලි ඉතිහාසයේ ප්‍රථම සිංහල නිවේදිකාව ලෙස ප්‍රභා පෙරේරා මෙනවිය එක්වූයේ ද මෙම කාලයේදීය. 1956 දී ප්‍රථම වරට ශ්‍රවණ පර්යේෂණ ඒකකයක් ඉදිකරන ලදී. 1954 දියගම මධ්‍යම තරංග විකාශනාගාරය පිහිටුවන ලද අතර 1962 අගෝස්තු මාසයේදී ප්‍රවෘත්ති අංශය අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ වෙනම අංශයක් බවට පත් විය.

1962 අගෝස්තුවේ ගුවන්විදුලි දෙපාර්තමේන්තුව හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කෙරිණි. 1967 ජනවාරි 05 දින නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයකින් “ලංකා ගුවන් විදුලි සංස්ථාව” නමින් නව ආයතනයක් නිල වශයෙන් “ලංකා ගුවන්විදුලි සංස්ථාව” ස්ථාපනය කෙරිණි. මෙම කාලයේදී සංගීත පර්යේෂණ අංශයක් ද පිහිටුවීය. ගුවන්විදුලි සංස්ථා අභ්‍යාස ආයතනය 1968 දී පිහිටුවන ලදී. මුල් වරට 1969 අප්‍රේල් 13 වන දින සිට පැයෙන් පැයට ප්‍රවෘත්ති ලුහුඬින් ප්‍රකාශ කිරීම අරඹා ගුවන්විදුලිය ලාංකීය ජනතාවට සමීප කරවූ අතර ඓතිහාසික අවස්ථාවක් වූ 1969 ජුලි 20 වන දින මිනිසා සඳමත පා තැබීම පිළිබඳ විස්තර ප්‍රචාරය ඉංග්‍රීසි හා සිංහල බසින් සියලුම සේවා ඔස්සේ ප්‍රචාරය කිරීම සුවිශේෂ සිදුවීමකි.

1972 දී ගුවන්විදුලි සංස්ථාව එතෙක් භාවිත කළ නම වෙනුවට “ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව” යනනම යොදා ගත්තේය. 1977 ජුලි යාපන විකාශනාගාරයේ වැඩකටයුතු ආරම්භ කරන ලද අතර 1918 දී ක්‍රීඩා සේවය ආරම්භ කරන ලදී. එමෙන්ම 1979 දී රජරට සේවය නමින් ප්‍රථම ප්‍රාදේශීය සේවය ආරම්භ කිරීමත්, මහවැලි ප්‍රජා ගුවන්විදුලි සේවය 1983 ආරම්භ කිරීමත් වැදගත් සංදිස්ථාන කීපයකි. මේ ආකාරයට ඇරඹි ප්‍රාදේශීය හා ප්‍රජා ගුවන්විදුලි සේවා වර්තමානයේ ද ක්‍රියාත්මක වීම දක්නට ලැබේ. ඒ අනුව 1989 දී ප්‍රථම ශ්‍රී ලාංකික ත්‍ඵ නාලිකාව වන “සිටි එෆ්.එම්.” සේවය ආරම්භ කිරීම සිදුවිය. මෙය යොවුන් පරපුර අතර ජනප්‍රිය කිරීමේ අරමුණින් පිහිටවනු ලැබීය. මෙය ස්ටීරියෝ තාක්ෂණය අනුව බිහිවූ නාලිකාවකි.

1993 දී ලංකාවේ ගුවන් විදුලි සංස්ථාවට ඉතාම නවීන උපකරණ වලින් සමන්විත විවිධ වැඩසටහන් නිෂ්පාදනය කිරීමට හැකි බහුකාර්ය මැදිරි සංකීර්ණයක් ජපානය විසින් ලබාදෙන ලදී. මීට අමතරව සිංහල, ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍ය තුළින් වැඩසටහන් විකාශණය කිරීමේ පහසුකම් වලින් යුත් බාහිර ප්‍රචාරක රථයක් ද ගු.වි.ස. සතුය. 2003 වසරේ දී ප්‍රවෘත්ති අංශය තුළ සංස්කරණ මැදිරියක් ඉදි කිරීම, දුරකථන මාර්ගයෙන් ප්‍රවෘත්ති ලබා ගැනීම, පටිගත කිරීමේ මැදිරියක් ඉදි කිරීම, ප්‍රවෘත්ති අංශ පරිගණක ගත කිරීම, ප්‍රවෘත්ති අංශය හා ප්‍රවෘත්ති ප්‍රකාශන මැදිරි පරිගණක තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කිරීම ආදිය ගු.වි.ස.තුළ සිදු කරන ලදී.

පැරණි පටි හා තැටිවල අඩංගු ගීත හා හඬ කොටස් ඩිජිටල් තාක්ෂණයට අනුව සංරක්ෂණය කෙරෙන සංඛ්‍යාංක සංරක්ෂණ ඒකකයක් 2009 ආරම්භ කිරීම තවත් ඓතිහාසික පියවරකි. 2010 දඹාන, ගුවන්විදුලිය හා නැගෙනහිර පළාත සඳහා පිරෙයි ත්‍ඵ සේවයද “වයඹ හඬ” ගුවන්විදුලි ආරම්භ කිරීමද තුළින් 21 වන සියවස තුළ ගුවන් විදුලියේ විකාශන ජාලයේ ව්‍යාප්තිය හා ශක්තිමත් බව පිළිබිඹු කෙරේ. 2006 දී ළමා ගුවන් විදුලියක් ලෙස “විදුල” නමින් ජාතික නාලිකාවක් ආරම්භ කිරීමද, 2012 මාර්තු මාසයේ ඔසපැ ඍ්ාසද නමින් නව ක්‍රීඩා විකාශනයක් ආරම්භ කළ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එදා මෙදා තුර මහජන ගුවන්විදුලිය ලෙස ජාතික වගකීම පෙරදැරි කරගෙන ඉදිරියට පැමිණ ඇත.
“කොළඹින් කතා කරමි.” මේ කොළඹ ගුවන්විදුලි සේවයයි. යනුවෙන් ඇරඹුණු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එකල සීමිත කාර්යමණ්ඩලයකින් අඩු ප්‍රදේශයකට සීමා වී පැවතුණත් වර්තමානයේ දහසකට අධික කාර්යමණ්ඩලයක් සමඟ ශ්‍රී ලංකාව පුරා පමණක් ව්‍යාප්තව පවතියි. මේ ආකාරය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වර්ධනය සිදුවි ඇති අතර 90 දශකයෙන් පසුව පෞද්ගලික නාලිකාවල ආගමනයක් සිදුවීම මගින් ගුවන්විදුලිය වැඩි තරඟකාරී මාධ්‍යයක් බවට පත්වී තිබීම පිළිබඳ විමසා බැලිය යුතුයි.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව යටතේ වර්තමානය වන විට පහත සඳහන් ගුවන්විදුලි නාලිකා ක්‍රියාත්මක වේ.
01. ජාතික සේවා
ස්වදේශීය සේවය - සිංහල
වෙළඳ සේවය
සිටි එෆ්.එම්.සේවය
ස්වදේශීය සේවය - දෙමළ
ඉංග්‍රීසි සේවය
02. ප්‍රාදේශීය සේවා
රජරට fm
රුහුණු fm
කඳුරටfm
වයඹ fm
පිරෙයි fm
03. ප්‍රජා සේවා
කොත්මලේ fm
ගිරාදුරුකෝට්ටේ fm
                ★ ඌවfm
දඹාන fm
පලාලිfm

මේ ආකාරය මෙම නාලිකා ගුවන් විදුලි සංස්තථාව යටතේ ක්‍රියාත්මක වීම දක්නට ලැබේ. එමෙන්ම මෙහි සඳහන් කරනු ලැබූ ආකාරයට ගුවන්විදුලි සංස්ථාවන් එය 90 දශකයෙන් පසුව වෙනස් වූ ආකාරය හඳුනාගත හැකිය. මෙයද ලාංකීය ගුවන් විදුලියේ ප්‍රවණතාවයක් ලෙස සැලකිය හැකිය.




Sunday 15 July 2018




මේ නපුරු වූ ලෝකයේ
කුරිරු මිනිසුන් වසන
දහසකුත් අවමන් විදිමින්
නොසැලී පිය නගන්නට
අනාගතය වෙත
නුඔයි දිරිය දුන්නේ
නුඔයි පාර කිවුවේ
සෑම විට ජීවිතය
එළියකළ එකම
 ඉරබට තරුව
නුඔයි
අප්පච්චී.......

Friday 13 July 2018






සමාජ ජාල මාධ්‍යය මගින් ජනමතය වෙනස් වන අයුරු

වර්තමාන ලෝකයේ දියුණු වීම මත තාක්‍ෂණයද විශල පරිවර්තනයකට ලක්වී තිබේ- එහිදී සමාජයට බලපෑම් කරනු ලබන ප්‍රධාන මාධ්‍යක් ලෙස සමාජ ජාල මාධ්‍යයන් හදුන්වා දිය හැකිය- එහිදී මෙම වෙබ් අඩවි මගින් ඉදිරිපත් කරනු ලබන දෑ තුළින් ජනතාවට සෘජුවම බලපෑමක් එල්ල වීම දක්නට ලැබෙන කරුණකි- මේවා මගින් ඉදිරිපත් කරන ලබන සංදේශයක ප්‍රබලත්වය මත ග්‍රාහකයාගේ මතය රදා පවතිනු ලබයි- මෙහිදී විශේෂයෙන් ජනමතයක ප්‍රබලත්වය රදා පවතින ආකාරයක් හදුනාගත හැකිය- ඒ අනුව සමාජ ජාල මාධ්‍යයන් මගින් ජනමතය වෙනස් වන අයුරු සාකච්ඡා තළ යුතුය-

මෙහිදී සමාජ ජාල මාධ්‍ය මගින් ජනමතය වෙනස් වන්නේ මෙම මාධ්‍යන් මගින් නිරන්තරයෙන් සැපයෙන තොරතුරු හේතු කොටගෙන ග්‍රාහකයාගේ දැනුම, අවබෝධය, අත්දැකීම් පුළුල් වීම සිදුවීම හේතු කොටගෙනය- එහිදි ජනතාව තුල පවතින මතයක් නෙවනස් වීමකට ලකවීම නොවැලැක්විය හැකිය- ඔවුන් තුළ විවිධ ආකාරයේ ජන මතයන් රෝපණය වන්නේ ඊට අනුකූලව සමාජ ජාල මාධ්‍යකට තමන් ඉදිරිපත් කරන ලැබූ මතයේ ස්වාභාවය මැන බෑලීමට විවිධ උපක්‍රම භාවිතා කළ හැකිය- සමාජ ජාල මාධ්‍යය ආයතන විසින් ග්‍රාහකයාට ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්නාවලිය ඒ සදහා ග්‍රාහකයාගේ ලැබෙන ප්‍රතිචාර ඔස්සේ එය සිදුකළ හැකිය-


ජනමතය වෙනස්වීම සදහා තොරතුරු වල ප්‍රබලතාවය මෙන්ම මාධ්‍යයේ ප්‍රබලතාවය ද සෘජු ලෙසම බලපානු ලබයි- සමාජය පුරා කටකථාවක් හෝ ඕපාදූපයක්ව පවතින යම් කරුණක් හෝ සිදුවීමක් ස්ථාවර වීමට සමාජ ජාල මාධ්‍ය මගින් ලැබෙන අනුග්‍රහය ප්‍රබල වේ- දේශපාලනික, ආර්ථික සමාජික හෝ සංස්කෘතික වශයෙන් වැදගත් වන්නාවූ දෙයක් කෙරෙහි ජනතාවගේ මතය වෙනස් කිරීම සදහා ෆේස් බුක් වැනි සමාජ ජාල මාධ්‍යයන් භාවිතා කරන ආකාරය වර්තමානයේ දක්නට ලැබේ- සමාජ ජාල ඔස්සේ ඉදිරිපත්කරන ලබන පණවිඩ මගින් පවතින රජයට ඉන් අත්වන වාසිය නොව ඉන් ජනතාවට අත්වන වසිය උලුප්ප දැක්විමක්‍් සිදුකර තිබේ-

වර්තමානයේ සමාජ ජාල මාධ්‍යන් මගින් ඉදිරිපත් කරනු ලබන තොරතුරු ලෙස ජනමයක් ගොඩනංවා ගැනීම අසීරුය දේශපාලනික, ආර්ථික, සමජ සාධක වලට අනුව මෙන්ම පෞද්ගලික රුචි අරුචිකම් මත හිද සමජයේ සියලුම කොටස් කෙරෙහි මාධ්‍යයන් බලපෑම් කරන බව පෙන්වා දෙයි- පුද්ගලයාගේ සමාජ ජීවිතයේ සියළුම ක්‍රීයාකාරකම් මාධ්‍ය විසින් නතු කරගෙන සිටින ආකාරයක් වර්තමානයේ දක්නට ලැබේ- එහිදී ඔවුන් ඉදිරිපත් කරන ජනමතයට හිස නැවීමට ජනතාවට සිදු වේ-
අද අපේ රටේ ඇතුළු මුලු ලෝකයේම පවතින සමාජ ජාල වෙබ් අඩවි පිළිබදව සැලකිල්ලට ගතහොත් ෆේස් බුක්  වැනි සමාජ ජාලයන් ප්‍රබල මහජන මතයක් ජනතාව තුල ඇති කිරීමට සමත් වී තිබේ- ඒ අනුව අප මෙහිදී විමසිලිමත් විය යුත්තේ මෙම සමාජ ජාලයන් ඔස්සේ ජනතාව ඒ ඔස්සේ ලබා ගන්නා ලද තොරතුරු අනුව ඔවුන්ගේ මතය කුමන ආකාරයේ එකක් දැයි හදුනා ගත හැකිය-

මෙම මාධ්‍යන් මගින් විවිධ තොරතුරු ඉදිරිපත් කිරීම දක්නට ලැබේ- එහිදී රූපලාවන්‍ය, සෞඛ්‍ය, ආදරය, ලිංගිකත්වය, අධ්‍යාපනය, රුකියා ආදී වූ විවිධ ක්‍ෂේස්ත්‍රයන්ට අදාල තොරතුරු ඉදිරිපත් කරන ලබයි- එහිදී ග්‍රාහකයාට සෘජුවම ග්‍රාහකයාගේ මනසට කාවදින ආකාරයෙන්‍් මෙම මාධ්‍යයන් තොරතුරු ඉදිරිපත් කිරීමට පෙළබී තිබේ- ඒ තුළින් ඔවුන් තුළ විවිධ මතයන් ගොඩනැගීමට හැකිවී තිබේ- මේ සදහා විශාල වශයෙන් ජනතාව ඇබ්බැහි වූ සමාජ මාධ්‍ය ජාලයක් වශයෙන්  ෆේක්හස් බුදුන්වා දිය හැක-

ෆේස් බුක් මගින් එය පාවිච්චි කරන සෑම පුද්ගලයෙකුම ඒ  වෙත අනුකරණය කර ගැනීමක් දක්නට ලැබේ- එබැවින් විවිධ සබදතා යාළුකම් ඇති කරගනිමින් කටයුතු කිරීමට හොදම තෝතැන්න ෆේස් බුක් බව වර්තමාන තරුණ පරපුර වැරදි ආකල්පයක් මත කටයුතු කරන ආකාරය දක්නට ලැබේ- මෙමගින් ඉදිරිපත් කරනු ලබන පෝස්ට් සදහා කසනැ කිරීම  ජදපපැබඑ කිරීම ආදිය මගින් ඔවුන් වඩාත් කැමති කුමන ආකාරයේ දෑ සදහාද යන්න හදුනා ගත හැක-

ඒ අනුව මිනිසුන්ගේ මතය වෙනස් කිරීමට සෘජුවම බලපෑම් ඇති කරනු ලබන ෆේස් බුක්  යන සමාජ ජාලය මගින් ජනතාවගේ මතය කොතෙක් දුරට වෙනස් කර ඇත්තේද යන්න පිළිබද දීර්ඝව සාකච්ඡා කළ යුතුය- සමාජ ජාල මාධ්‍යයන් මගින් ඉදිරිපත් කරනු ලබන ප්‍රචාරඛ පෝස්ට් මගින් මහජන මතවෙනස් වේයැයි සරලව පැවසිය හැකය- ඒ අනුව ෆේස් බුක්  මගින් ඒ ආකාරයට මහජන මතය වෙනස් කිරීමට ලක්වූ ආකාරය පිළිබද අවබෝධ කරගත යුතු අතර එය විවිධ ක්‍ෂේස්ත්‍ර ඔස්සේ බලපා ඇති බවද හදුනා ගත හැකිය-




Monday 9 July 2018

         



                                  අවන්ත ආටිගල කාටූන් ශිල්පියා

වර්මානය වන විට පුවත්පත් දේශපාලන කාටුන් කලාවේ පාඨක ජනප්‍රියත්වයට පත් කාටුන් ශිල්පීන් අතර අවන්ත ආටිගල යනු කෙටි කල සීමාවක් තුළ කාටුන් කලාවේ සම්මානලාභී කාටුන් ශිල්පියෙකි. සමාජයේ අකටයුතුකම්, අසාදාරණකම් උපහාසයට ලක් කරමින් තමන්ට අනන්‍ය පූ චිත්‍ර ශෛලයකින් උපයෝගී කර ගනිමින් පුවත්පත් සඳහා කාටුන් නිර්මාණය කරන ඔහු කෑගල්ල ප්‍රදේශයෙන් බිහිවූ තරුණ කාටුන් ශිල්පියෙකි.

1980 වසරේ සැප්තැම්බර් 27 වන දා උපත ලද අවන්ත ආටිගල සිය අධ්‍යාපන කටයුතු හදාරා තිබෙන්නේ කෝලංගමුව ඩඞ්ලි සේනානායක විද්‍යාලයේය. කුඩාකල සිටම ආටිගලයන් චිත්‍රකලාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ. නමුත් ඔහු උසස්පෙළ හදාරා ඇත්තේ ගණිත අංශයෙනි. මොහු ඔහුගේ පවුලේ දරුවන් තිදෙනාගෙන් තෙවන දරුවා වන අතර චිත්‍ර ඇදීමේ හැකියාව තම පවුලෙන්ම ලැබූ දක්‍ෂතාවයක්ය.

කුඩා අවදියේ සිටම පුවත්පත ඔහුට හුරු පුරුදු මාධ්‍යයක් විය. දිවයින, ලංකාදීප, රාවය යන පුවත්පත් තුළ ඇති කාටුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ලැබීය. කුඩා කළ සිටම පුවත්පත් කාටුන් කෙරෙහි සිත් ගත් අවන්ත දිවයින පුවත්පතේ දේශපාලන කාටුන නිර්මාණය තුළ ඩබ්ලිව්.ආර්. විජේසෝම ගේ කාටුන් එකතු කිරීම විනෝදාංශයක් බවට පත්කරගෙන ඇත. එමෙන්ම තරුණ කාලයේ එකළ පුවත්පත් කාටුන් ශිල්පියෙකු වූ විනී හෙට්ටිගොඩගේ කාටුන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වා ඇත.

කාටුන් චිත්‍ර පිළිබඳව තිබූ උනන්දුව නිසාම එකළ පුවත්පත්වල දේශපාලන කාටුන් සහ චිත්‍ර කතා එකතු කිරීම විනෝදාංශයක් කර ගත්තේය. මොහු
මුලින්ම කාටුන් චිත්‍ර ඇදීමට උත්සාහ කර ඇත්තේ පාසල් කාලයේය. නමුත් ඒවා අදිනු ලැබුවේ පුවත්පත්වල පලකිරීමට නොවේ. ගණිත අංශයෙන් උසස්පෙළ සමත් වී 2003 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයට තේරීපත්විය. විශ්වවිද්‍යාලයේ දී තමන්ට අවැසි අයුරින් තම බලාපොරොත්තු ඉටුකර ගනිමින් කලා අංශය වෙත ක්‍රමයෙන් නැඹුරු වී ඇත.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු නිවසට වී සිටින අතරතුර විජය පුවත්පත් සමාගමට පිටු සැලසුම් නිර්මාණ ශිල්පීන් අවශ්‍ය කර ඇති බවට පුවත්පතක දැන්වීමක් දක්නට ලැබෙන අතර මෙය තම කලා හැකියාව තවදුරටත් දියුණු කර ගැනීමට මාර්ගයක් යැයි සිතූ අවන්ත ආටිගල වහා ඒ සඳහා අයදුම්පතක් යොමුකර ඇත. ඒ අනුව සම්මුඛ පරීක්‍ෂණය සඳහා සහභාගී වීමෙන් අනතුරුව “ඬේලි මිරර්” පුවත්පතේ පිටු සැලසුම් ශිල්පියෙකු ලෙස සේවය කිරීමට අවස්ථාව උදා වූයේ 2007 වසරේය.

පිටු සැලසුම් කරන විට මුලින්ම කාටුන් ඇන්දේ පුවත්පත් පිටු වලමය. මේ කාලය තුළ තම චිත්‍ර හැකියාව හඳුනා ගත් “ඬේලි මිරර්” පුවත්පතේ කතුවරයා කාටුන් චිත්‍ර ඇදීමට හැකියාවක් තිබේ නම් කාටුන් අදින ලෙස ප්‍රකාශ කලේය. ඒ අනුව කාටුන් චිත්‍ර කලාවට යොමු වූ අවන්ත ආටිගල 2007 වසරේ ජුලි 18 වනදා තම පළමු කාටුනය “ඬේලි මිරර්” පුවත්පතේ පලකර ඇත.

මේ අයුරින් 2007 වසරේ ඔහු විසින් ආරම්භ කරනු ලැබූ කාටුන් නිර්මාණය කිරීම මේ වන විට රටේ ජනප්‍රිය පුවත්පත් කාටුන් ශිල්පියෙකු බවට පත්වී තිබේ. අවන්ත ආටිගලගේ කාටුන්වල තවත් විශේෂයත්වයක් වන්නේ එක් චරිතයක් මුල් කර ගනිමින් කාටුන් නිර්මාණය නොකිරීමයි. අනෙක් කාටුන් ශිල්පීන් එක් චරිතයක් වටා ගොනු වී කාටුන් නිර්මාණය කළද ආටිගල එසේ නොකරන ලදි. ඔහු එසේ නොකිරීමට හේතුව වශයෙන් සැලකුවේ කාටුන් මගින් එක් චරිතයක් විශේෂ කිරීම මත සමාජය මත සිදුවන විවිධ සිද්ධින් ඒ වටා ගොනු කිරීමට අපහසු වන බවයි.

2008 වසරේ සිට “ඬේලි මිරර්” පුවත්පතේ දේශපාන කාටුන් ශිල්පයෙකු ලෙස සේවය කළ අවන්ත ආටිගල 2013 වසරේ අද සිංහල පුවත්පතේ කාටුන් නිර්මාණය කිරීමට කරන ලද ආරාධනය පිළිගනිමින් එහි දේශපලෙන කාටුන් ශිල්පියා ලෙසද සේවය කරයි. අවන්ත ආටිගලගේ කාටුන්වල තවත් විශේෂත්වයක් වන්නේ කළු සුදු කාටුන් චිත්‍ර වෙනුවට වර්ණ කාටුන් නිර්මාණය කිරීමයි. බොහෝ කාටුන් නිර්මාණ ශිල්පීන් තම කාටුනය නිර්මාණය කර ඒ සඳහා සිව්පද කවියක් හෝ දෙබසක්ද යොදා ගනිමින් කාටුනයේ අදහස තවදුරටත් තීව්‍ර  කරයි. නමුත් අවන්ත ආටිගල සිය කාටුනය සඳහා දෙබස් හෝ කවි භාවිත කිරීමක් දක්නට නොමැත. ඇතැම් විට කාටුනයේ අදහස නිවැරදිව අවබෝධ කර ගැනීමට වචනයක් හෝ කිහිපයක් පමණක් යොදා ගත්තද දෙබස් බාවිත නොකිරීම ඔහුගේ කාටුන්වල තවත් විශේෂත්වයකි. එමෙන්ම මොහුගේ කාටුන් තුළ වැඩි වශයෙන් දක්නට ලැබෙන තවත් විශේෂත්වයක් නම් සංකේත භාවිත කිරීමයි.

“ඬේලි මිරර්”හා අද යන පුවත්පත් දෙකටම දේශපාලන කාටුන් නිර්මාණයෙන් දායක වන අවන්තආටිගල  එම පුවත්පත් දෙක සඳහා ශෛලීන් දෙකකින් කාටුන් නිර්මාණය කරයි. “ඬේලි මිරර්”යන ඉංග්‍රීසි පුවත්පතකි. එහි ඉලක්ක පාඨකයා ඉහළ මධ්‍යම පාංතිකයන්ය. මේ නිසා එම පාඨක පිරිසට ගැලපෙන අයුරින් කාටුන් අදිනු ලබයි. නමුත් අද පුවත්පතට කාටුන් ඇදීමේදී සිංහල ප්‍රස්ථාපිරුළු, ජනකතාවලින් උපුටා ගත් කොටස් යොදා ගන්නා බව දක්නට ලැබේ. සිංහල සහ ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකක පුවත්පත් සඳහා ඉතා දක්‍ෂ ලෙස කාටුන් නිර්මාණය කරමින් සම්මානලාභී කාටුන් ශිල්පියෙක් වීමට ආටිගලට හැකි විය. මොහුගේ කාටුන්හි ඇති නිර්මාණශීලීත්වය මෙන්ම ප්‍රබල බව නිසාම මොහු සිව් වසරක් පුරා වසරේ හොඳම දේශපාලන කාටුනටයට හිමි සම්මානය හිමිකර ගන්නේය.

2008 වසරේ මුලින්ම කාටුන් නිර්මාණයට පැමිණි ඔහු ඉතා කෙටි කාලයකින් පුවත්පත් පාඨකයන් අතර ජනප්‍රිය කාටුන් ශිල්පියෙකු බවට පත් විය. ඇතැම් කාටුන් ශිල්පීන් දේශපාලකයක් පැහැදිලිව හඳුනා ගැනීමට සංකේත භාවිතා කරයි. නමුත් අවන්තගේ කාටුන්වල එවැනි සංකේත දක්නට නොමැත. රනිල් වික්‍රමසිංහ කාටුනය නැගීමේදී හෙන්ඩුවක් අදිනු ලබයි. ටිල්වින් ශිල්වා කාටුනය ඇදීමේ දී අතේ සීනුවක්ද තිබේ. නමුත් අවන්තගේ කාටුනවල එවැනි සංකේත දක්නට නොමැති. සුදු පැහැති සරම කමීසය ඇද විශාල සිරුරක් සහිත කුඩා ඔලුවක් ඇති පුද්ගලයක් මගින් සමස්ත දේශාපලඥයා නිරූපණය කර ඇත. සාමාන්‍ය ජනතාව නියෝජනය කිරීමට හීන්දැරී සිරුරක් සහිත දුප්පත් පුද්ලයා කාටුනයට නගයි. එමෙන්ම මෙම චරිත ඔහු විසින් අද පත්තරේ සහ “ඬේලි මිරර්” පත්තරය තුළ අදිනු ලබන්නේ දෙයාකාරවය.

අවන්ත ආටිගල යනු වත්මන් සමාජය දේශපාලන පසුබිම තුළ හිද්මින් කාටුන් නිර්මාණය කරන කාටුන් ශිල්පියෙකි. මහින්ද රාජපක්‍ෂ පාලන සමය තුළ කාටුන් නිර්මාණයේ යෙදී සිටින ඔහු පවතින රාජ්‍යය දැඩි ලෙස විවේචනයට ලක් කරයි. පොදු ජනතාව නියෝජනය කරන චරිතය මගින් ජනතාවගේ ගැටලු පිළිබඳ වැඩි අවධානයක් ගෙන ඇත.

මොහුගේ බොහෝ කාටුන් මගින් නිරූපණය කරන්නේ රටේ සංවර්ධනය ඇති කිරීමේ දී මනාව සංවර්ධනය පහළ වැටෙන ආකාරයයි. එමෙන්ම දේශපාලඥයා සහ ප්‍රභූ පුද්ගලයා හමුවේ සාමාන්‍ය පොදු ජනයාගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහිමි වී ඇති ආකාරයයි. එය ජනතාවට මෙන්ම මාධ්‍යයටද පොදු කරුණක් වී ඇත. එබැවින් ආටිගලයන් තම කාටුනය මගින් තත් කාලීන සමාජ දේශපාලන පසුබිම මැනවින් නිරූපණය කර ඇත.

Tuesday 3 July 2018






                       
ශ්‍රී ලංකා ගුවන් විදුලි මාධ්‍යයේ ආරම්භය


         ලෝක ගුවන් විදුලිය ආරම්භ වී කෙටි කාලයකින්ම එය ලෝකය පුරා රටවල ව්‍යාප්ත වන මාධ්‍යයක් බවට පත්වීය. ශ්‍රී ලංකාවටද ඒ අනුව ගුවන් විදුලිය හඳුන්වා දීමට පියවර ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ ගුවන්විදුලිය ආරම්භ වන්නේ බි්‍රතාන්‍ය අවශ්‍යතාවක් වශයෙනි. 1920 වනවිට මාර්කෝනි ගුවන්විදුලිය එංගලන්තයේ ප්‍රචලිතව තිබුණි. ප්‍රංශය, ජර්මනිය, චීනය, ඕස්ටේ්‍රලියාව, එංගලන්තය වැනි ප්‍රබල රාජ්‍යයන්ට ප්‍රථම ශ්‍රී ලංකාවේ ගුවන්විදුලිය ආරම්භ වේ. අසල්වැසි ඉන්දියාවේ ගුවන්විදුලි ආරම්භ වන්නේ 1927 දීය. එබැවින් ආසියාවේ ප්‍රථම ගුවන්විදුලිඅය ආරම්භ කිරීමේ ගෞරවය ලංකාවට හිමි වේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ආරම්භය සිදුවන්නේ 1922 ජුනි මාසයේ 24 වෙනිදා ශ්‍රී ලංකා වයර්ලස් සමාගම ආරම්භ වීමත් සමගය. මෙම කාර්යයේ ආරම්භකයා වූ ප්‍රධාන විදුලි එඞ්වර්ඞ් හාපර් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 1921 ජුනි මස 21 වෙනිදාය. 1877 ජුලි 13 එංගලන්තයේ උපත ලද ඒ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදුලි සංදේශ ඉංජිනේරුවරයා වශයෙන් පත් කරනු ලබන්නේ 1922 ජුනි 24 වෙනි දාය. 1931 සැප්තැම්බර් 31 වෙනිදා දක්වා ශ්‍රී ලංකාවේ සේවය කරන එතුමා අප ගුවන්විදුලිය ආරම්භ කොට වර්ධනය කිරීම සඳහා ප්‍රමුඛ මෙහෙවර සිදුකළ පුද්ගලයා වශයෙන් සඳහන් කළ හැකිය.

1922 දී ලංකා වයර්ලස් සමාගම පිහිටුවා ගනු ලැබීය. 1923 දී මෙම සංගමය නව ලංකා ආධුනික ගුවන්විදුලි සංගමය ලෙස නම්කර තිබේ. මෙය 1928 වනවිට ප්‍රචලිත වූයේ ලංකා හා දකුණු ඉන්දීය ගුවන්විදුලි සමාජය යන නමිනි. මෙම සංගමය ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි මාධ්‍ය වර්ධනය කිරීමෙහිලා ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කළේය. 1929 දී මෙම සංගමය වැඩසටහන් සංවර්ධන අරමුදලක් දියත් කළ අතර 1932 දී ආරෝග්‍යශාලා සඳහා ගුවන්විදුලි යන්ත්‍ර ලබාදී තිබේ.

1924 පෙබරවාරි 22 දින කොළඹ තරුණ ක්‍රිස්තියානි නව නිහනේදී ප්‍රදර්ශන ගුවන්විදුලි ප්‍රචාරයක් කළ බවට වාර්තා වේ. එහෙත් ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය නිළ වශයෙන් ආරම්භ කළ දිනය සේ සැළකෙන්නේ 1924 ජුනි 27 වෙනිදාය. එදින ලංකාවේ ගුවන්විදුලිය උත්සවශ්‍රීයෙන් ශ්‍රීමත් විලියම් හෙන්රි මැනිං මහතා විසිනි. ලංකා ගුවන් විදුලියේ වැදගත් සංදිස්ථානයක් වන්නේ ගුවන්විදුලිය ආරම්භ කිරීම සඳහා කමිටුවක් පත්කළ බැවිනි. තැපැල්පති එම්.එස්.සෙයිස්ටාර් මහතාගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත්කරන ලදී. මෙම කමිටුවට කරුණු සොයා බලා වාර්තා කිරීමට නිර්මාණ කොට තිබුණේ ක්ෂේත්‍ර හතරක් පිළිබඳවය.

ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි සේවයක් ආරම්භ කළ යුතුද?
එය ආරම්භ කිරීම කළයුත්තේ රජය විසින්ද නොඑසේ නම් පෞද්ගලික අංශය විසින්ද?
පෞද්ගලිකව නම් බලපත්‍රය නිදහස් කළයුත්තේ සමාගම් කිහිපයකටද නැතිනම් එක් සමාගමකටද?
ගුවන්විදුලි පාලනය කිරීම මණ්ඩලයක් මගින් ඉදිරිපත් කළ හැකිද? එසේ මණ්ඩලයක් පත් කරන්නේ නම් එහි සාමාජිකයන් සඳහා පත්කර ගත යුත්තේ කවුරුන්ද?
 යන කරුණු සලකා බැලීම ද මෙම කමිටුවට අයත් කරුණක් විය.

        මේ ආකාරයට කමිටු පිහිටුවා ගනිමින් ගුවන්විදුලිය ලංකාවේ ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදී. එහිදී මීට අමතරව ගුවන් විදුලියේ සංවර්ධනය සඳහා තවත් විශේෂ කමිටු වාර්ථා රැසක් නිර්මාණය විය. ඒවා කිහිපයක් නම්,
01. එන්.ඊ.වීරසූරිය කොමිෂම(1953)
02. සරත්චන්ද්‍ර උපදේශක කමිටුව(1960)
03. හුළුගල්ල කොමිෂම (1965)
04. වී.සී.ජයසූරිය කොමිෂම (1970)

        මෙම කමිටු හා කොමිෂම් වාර්තා වලට අනුව ලංකාවේ ගුවන් විදුලියේ වර්ධනය සිදුවන ලදී. ලංකාවේ ගුවන් විදුලිය බි්‍රතාන්‍ය පාලකයන්ගේ අවශ්‍යතාවය මත මෙරට ආරම්භ කරනු ලැබූවද එය ක්‍රමයෙන් දේශීයකරණය වෙමින් ලාංකික ජනතාවට වඩාත් සමීප මාධ්‍යයක් බවට පත්වන ලදී. එහිදී ගුවන් විදුලිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යන නමින් විකාශනය වීමට පටන්ගනු ලැබූ අතර එම මාතෘකාව ඔස්සේ කරුණු සාකච්ඡා කිරීමේදී ලාංකික ගුවන් විදුලියේ විකාශනය පිළිබඳ බොහෝ කරුණු සපයාගත හැකිය.
ඒ අනුව ලාංකික ගුවන්විදුලි මාධ්‍යයේ ආරම්භය යන මාතෘකාව යටතේ ඉහතින් සඳහන් කරනු ලැබූ කරුණු ඇතුළත් කිරීම ප්‍රමාණවත් වේ.



            අහිමි ප්‍රේමය....


ඔබ  නොදැක ඉන්නට බැරිකමක් නෑ
නැවත දැක්කත් දුක හිතෙන් නෑ
සිතා සිටියද එලෙස මා ගැන
ඔබව දැක හිත සසල වූ හැටි

සලා සිහිනිග හන්ස ගමනින්
නික්ම ගිය මද සුවඳ පැතිරුණි
යෙහෙළියන් මැද සිනා පොදිබැඳ
සතුටු වන හැටි බලා වැළපෙමි

ඔදා පැටළුණු අපේ අතැඟලි
අතර මගකදි ලිහීගිය හැටි
ඔබෙන් සැනසුණු මගේ දෙනෙතට
ඉනු කදුළැල් තවම පිසලමි