Monday, 30 July 2018

 


                     
                            සමාජවාදි නායක ඇන්.ඇම්. පෙරේරා


විසිවැනි සියවසේ ශ්‍රී ලංකාවෙහි උපන් ජනනායකයන් අතර ශ්‍රේෂ්ඨ ස්ථෘනයක් ලබන පොදු ජනතාව ඇන්.ඇම්. යන නමින් හඳාුන්වන නානයක්කාර පතිරගේ මාටින් රදල
 මහේහාක්‍ය පවුලක උපත ලැබ ජන්මයෙන්ම හමි වූ ධනස්කන්ධයකට හිමිකම් කීවකු නොවේ. ඔහු දුප්පත් පවුලක දිළිදු පැල්පතක ජන්ම ලාභය ලැබුවෙකි.

ඔහු උපතින්ම දිළිදු පවුල් සංස්කෘතික වටපිටාවකට හිමිකම් කියූ අයෙක් බව පැවසිය හැකිය. මොහුගේ පියා නානායක්කාර පතිරගේ ඒබ්‍රහම් පෙරේරා වන අතර මව රන්වලාගේ ජොහානා පෙරේරාය. තම පවුලේ පැවති දිළිඳු බාවය පිළිබඳව ඔහු නිහතමානව ප්‍රකාශ කළ අවස්ථාවක් වශයෙන් 1972 නොවැම්බර් 27 වැනි දින ජාතික රාජ්‍ය සභාවේදී කළ කතාව හඳුන්වා දිය හැකිය.

“මගේ පියාගේ නම නානායක්කාර පතිරගේ ඒබ්‍රහම් පෙරේරා. තොටළඟ කවුරුත් මගේ පියා ගැන දන්නවා. විශේෂයෙන් ‘අබරන්’ කීවාම කවුරුත් දන්නවා. මා ඉපදුනේ පොඩි පැල්පතක. මගේ තාත්තා පොඩි මිනිහෙක්. පරණ කාලේ මිණිහෙක්...”

එම කතාවේ එන ඉහතින් සඳහන් කරනු ලැබූ කුඩා ප්‍රකාශනය මගින්ද ඔහුගේ පවුල් පරිසරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකියාව අති අතර දිළිඳු සංස්කෘතික ආභාෂය ඔහුට තම පවුල් පරිසරය තුළින්ම ලැබෙන්නට ඇත. දුප්පත් ජනතාවගේ දුක හඳුනන ජන නායකයකු බවට පත් වීම සඳහා ඔහුගේ මෙම පවුල් පරිසරයෙන් ලැබුවා වූ ආභාෂය උපකාරී වන්නට ඇති බව හඳුනාගත හැකිය.

ඇන්.ඇම්. සහෝදරයන් සිව් දෙනෙකුගෙන් හා සහෝදරියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක පස්වැන්නා ය. වැඩිමහල් සහෝදරයන් තිදෙනාත් සමග ශාන්ත ජෝෂප් පාසලට හෙවත් මොදර ගල් පල්ලියේ පාසලට ගිය ඇන්.එම්. පසුව ගල්කිස්සේ ශාන්ත fාත්මස් විද්‍යාලයට ඇතුළත් වන ලදි. ඉංග්‍රීසි  සංස්කෘතිය අකුරටම අනුගමනය කරමන් අධිරාජ්‍යවාදීන්ට ගැතිවන අන්දමේ අදහස් උදහස් හා පරිසරයක් තිබුණු ශාන්ත තෝමස් විද්‍යාලය තුළ ඉගෙන ගන්නා අවධිය තුළදි අන්.එම්. ඉංග්‍රීසි සංස්කෘතියට හා කතෝලික ආගමික සංස්කෘතියට නැඹුරු වීමක් දකනටලැබුනි. ශාන්ත තෝමස් විදුහලේ ගත කළ අවසාන වසරේදි පී.බී. ඒකනායක පියානංගේ චාටු බසින් මෝහනයට පත් ඇන්.එම්. කිතුනු දහමට ඇදි යන්නට වූයේ යැයි ඔහුම පිළිගන්නා කරුණකි. නමුත් එම සංස්කෘතික ආභාෂය තුළින් ඇන්.ඇම් ව ගලවා ගැනිමට ඔහුගේ දෙමාපියන්ට හැකියාව ලැබී තිබේ.

ඔහු පසුව මිෂනාරි අධ්‍යාපන ක්‍රමය අතහැර ආනන්ද මහා විද්‍යාලයට අතැුළත් වන අතර ඇන්.ඇම්. ගේ ළමා ජීවිතයේ සංස්කෘතික වශයෙන් වැදගත් පරිවර්තනයක් එහිදී සිදු විය. මිෂනාරි ආයතනයක සිට ජාතික ආයතනයක් වෙත පැමිණි මේ හදිසි ගමන ඔහුගේ ජිවිතයේ පැහැදිලි වෙනසක් සිදු කරනු ලැබූ සන්ධීස්ථානයක් විය. අන්.ඇම්. ගේ සිත තුළ ජාත්‍යාලය ඇති විම සඳහා මෙම ආනන්ද විද්‍යාලයේ පැවති සංස්තෘකිය බොහෝ සෙයින් බලපාන්නට ඇත.

ඒ සඳහා ආනන්දයේ සිටි පී. ද. ඇස්. කුලරත්න මහතාගේ සහ ජී. වීරමන්ත්‍රී, ටි.බී, ජයා, පී.පී. මලලසේකර ආදී ගුරුවරුන්ගේ මොහුට නව පන්නරයක් වූ බව සඳහන් කළ යුතුය. ජාතික ප්‍රබෝධයත් සමග බෞද්ධ පුනර්ජීවනයක් ඇති වූ අවධීයක් ලෙස මෙම කාලය හැඳින්විය හැකිය. එබැවින් සිංහල සංස්කෘතික උරුමයන්ට නොගැලපෙන දින කලිසම හා කබාය අත්හැරදමා ඒ වෙනුවට ජාතික ඇඳුම ඇදිමෙහිලා මෙම විදුහලේ කුලරත්න මහතා පුරෝගාමියෙක් විය. මහත්මා ගාන්ධි මොතිලාල් නේරු, සප්රු මලවිය හා සී.ආර්. දාස් ආදන්ගේ නායකත්වය යටතේ ඉන්දී්‍ය මහද්වීපය තුළ ඇතව තිබූ ජනතා පිබිදීම ආනන්දය තුළද දක්නට ලැබිණි. මෙහිදී බෞද්ධ පුනර්ජීවනය මෙන්ම ජාතික නිදහස දිනා ගැනිමේ අවශ්‍යතාවය පිළිබඳව ද දිරිමත් කිරීම ආදිය සිදු වන ලදි. මේ අයුරින් ආනන්දය තුළින් ලද එම ආභාෂයන් මත ඇන්‍්.ඇම්. ජාතික නිදහස දිනා ගැනීම සඳහා කටයුතු කිරීමට පෙළබෙන්නට ඇතැයි පැවසිය හැකිය. ඒ ඔහු ආනන්දයෙන් ලද සංස්කෘතික ආභාෂයයි.

ආනන්ද විද්‍යාලයට ඇතුළත් වීමෙන් පසු ඇන්.ඇම්. බෞද්ධ සංස්කෘතියට ප්‍රබල ලෙස නැඹුරු වීමක් දැක් වූයේ ආනන්ද මෛත්‍රීය හිමියන්ගෙන් ලද ආභාෂය මතය. බෞද්ධ ධර්මයේ යථාර්ථය පිළිබඳව ගැඹුරු අවබෝධයක් මෙම ආභාෂයන් සමග ඔහුට ඇති වන ලදි. ආනන්දයෙන් ලද සංස්කෘතික ආභාෂය මගින් ජාතික හැගුමන් මොහුගේ සිත තුළ වැඩි වෂයෙන් පුබුදු වූ අතර ක්‍රම ක්‍රමයෙන් විදේශීය ආධිපත්‍යය විසින් ඇතිකරන ලද අසාධාරණකම් හා වරප්‍රසාදයන් බොහොමයක් පිළිබඳව ඇන්.ඇම්. ගේ අවධානයට ලක්වන ලදි. ජාතික හැගීම් පිළිබඳ ආනන්දයෙන් ලද ආභාෂය මත එහු මෙලෙස සිතීමට පෙළඹෙන්නට ඇත.

ඇන්.ඇම්. පිළිබඳව සඳහන් කිරීමේදී ඔහු ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවටද එක හා සමාන ලෙස දස්කම් දැක්වූ අයෙකු ලෙස හැඳින්විය හැකිය. 1925 දී ආනන්දයේ ක්‍රිකට් කණ්ඩායම් නායකයා බවට පත් වූයේ ඇන්.ඇම්. ය. මැටි්‍රක්‍යුලේෂන් විභාගයෙන් උසස් ලෙස සමත්ව ලංකා විශ්ව විද්‍යාලයට ඇන්.ඇම්. ඇතුලත් වූයේ 1925 දීය. මිට අමතරව ඇන්.ඇම්. 1925 දී ලංකාවේ නිපදවූ පළමුවැනි චිත්‍රපටයේ කතා නායකයා ලෙස රඟපාන ලදි. නූර්බායි විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටිය “රාජකීය වික්‍රමය’ නමින් හැඳින්විය. ගුප්ත නම් බෙංගාලි ජාතිකයෙකු මෙහි අධ්‍යක්‍ෂවරයා විය. ලංකාවේ පළමුවැනි චිත්‍රපට නළුවා වෙමින් කවදාවත්ම ප්‍රදර්ශනය නොකළ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රගපෑම වෙනුවෙන් මසකට රුපියල් සියය බැගින් ඔහුට හිමි විය. ඒ එහුගේ එක් රැකියාවක් ලෙස හඳුන්වාදිය හැකිය. මේ අයුරින් කලාව තුළද මොහු තම දායකත්වය කැප කළ අයුරු හඳුනා ගත හැකිය.

1927 අගෝස්තු 10 වැනි දා එංගලන්තය බලාගිය ඇන්.ඇම්. බී.ඇස්.සි ගෞරව උපාධියද පී.එච්.ඩී. දර්ශන විශාර ද උපාධියද ලබා ගන්නා ලදි. මේ අයුරින් උපාධි දෙකක් ලබාගත් මොහුව හැඳින්වූයේ “ඩබල් ඩොක්ටර් යනුවෙනි. 1932 දි ඇන්.ඇම්. නැවත ලංකාවට පැමිණෙන ලද අතර ඉන් අනතුරුව ඔහු තමන්ගේ සටනේ මූලික අඩිතාලම ලෙස 1935 දී ලංකා සමසමාජ පක්ෂය පිහිටුවා ගන්නා ලදි. සමසමාජ පක්ෂය ගොඩනගා ගැනීමෙන් අනතුරුව ඇන්.ඇම්. මෙරට පීඩිත පන්තියේ ජනතාවගේ සැබෑ නායකයා වශයෙන් පෙනී සිටින ලදි.

ඇන්.ඇම් විවාහ වූයේ 1936 දීය. ඒ සූරිය මල් ව්‍යාපාරයේදී ඔහුට හමු වු සෙලීනා පෙරේරා සමඟය. ඔහුගේ විවාහ ජීවිතය සාර්ථකව පැවැතකුනේ යැයි පැවසීම අපහසුය. 1935 න් ආරම්භ කරනු ලැබූ එන්.එම්. ගේ දේශපාලන ක්‍රියා පටිපාටිය වෙනුවෙන් ඔහු දිවා රෑ ජනතාවගේ දුකේදී ඔවුන් සමග කටයුතු කරීම ඇන්.ඇම් ගේ විවාහ ජීවිතය සාර්ථක නොවීමට හේතුවක්වූ බව පැවසිය හැකිය. නමුත් එවැනි දෑ මගින් ඔහුගේ දේශපාලන ව්‍යාපාරය අඩපන වීමත් දැකගත හැකි නොවිනි.

1940 දී ඇන්.ඇම්. සිරබාරයට පත්වන ලද අතර 1942 සිරගෙයින් හොරෙන් පිටවන ලද අතර එහිදී ඉන්දියාවට පැන යන මොහු ඉන්දියාවේ නිදහස් සටනට සම්බන්ධ වන ලදි. 1945 නැවත සිරබාරයට පත්වන ඇන්.ඇම්. 1945 දී නිදහස් වන ලදි. 1955 කොළඹ නගර සබාවේ පුරපති වන මොහු 1970 දී මුදල් ඇමති දූරයට පත්වන ලදි. වීරයකු මෙන්ම මිනිසුන්ගේ සිත් තුළ අමරණීයත්වයට පත් එම යුග පුරුෂය 1979 දී මිය යන ලදි.

ඇන්.ඇම්. යන අමරණීය චරිතයේ ජීවන තොරතුරු වලින් බිදක් ඒ අයුරින් කෙටියෙන් පැවසිය හැකි අතරම ඔහුට තම පවුල් සමාජය තුළීන ලැබුන සංස්කෘතික ආභාෂයත් මෙන්ම අධ්‍යාපන ආයතනයන් වලදී ලද ආභාෂයත් පිළිබඳ ඉහතින් සඳහන් කරන ලදි. 


No comments:

Post a Comment