Wednesday, 1 August 2018




                         මානව අයිතිවාසිකම් පිලිබඳ විශ්ව ප්‍රකාශනය (UDHR)

                       
      මනුෂ්‍යයෙකු වීම නිසාවෙන් පොදු මනුෂ්‍යභාවය පදනම් කරගෙන ලොව සෑම මනුෂ්‍යයෙකු හටම හිමිවිය යුතු හිමිහකම් මලාවක් “මානව අයිතිවාසිකම්”වශයෙන් හඳුනා ගැනේ. නමුත් සාධාරණත්වය බරපතළ ලෙස කඩකිරිමක් තුල අයිකිවාසිකම් යම් පුද්ගලයෙක් හට භුක්ති විඳිමට පවතින අවස්ථා අහිමිව යා හැකිය. සමස්ත මානව වර්ගයාම , මානව පවුලේ සමාජීකයෙකු විම නිසාම හිමිවන්නා වු හිමිකම් මාලාව ප්‍රථම වරට එක්තැන් කළ ලේඛනය වශයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය දැක්විය හැකිය. එක්සත් ජාතින්ගේ සංවිදානය පිහිටුවා වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ (1948-12-10) මහා මන්ඩලය විසින් මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය සියලු ජාතින් හා පුද්ගලයන් විසින් අත්පත් කරගත යුතු පොදු ප්‍රමීතින් මාලාවක් (unaited nation organization) ලෙස හඳුන්වා දෙනු ලැබිණි. සිවිල්, දේශපාලනය, ආර්ථික, සාමජීය සහ සංස්කෘතක යන ආදී සියලු ක්‍ෂේත්‍රයන්හි අයිතිවාසිකම් සියල්ල එක්සක් ජාතින්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයෙහි  වගන්තිය 30 කට ගොනු කර තිබේ.

මෙම විශ්ව ප්‍රකාශන මගින් මුළු මහත් ලෝක වාසී ජනතාවට හිමි වු වාසිය අති මහත්ය. මන්ද පුද්ගලයාට සිය අයීති්න්  වෙනුවෙන් හඬ අවදි කරන්නට මේ හරහා අවස්ථාව උදා වු අතර මෙය ලෝක සාමය ආක්ෂා කිරීමටත් පිටු වහලක් විය.

       
               
මානව අයිතිවාසිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනය

 මෙම විශ්ව ප්‍රකාශනයේදී ප්‍රථමයෙන්ම පහත පරිදි දැක්වා ඇත.

     “විශ්ව ප්‍රකාශනයේ අඩංගු වගන්ති ප්‍රචාරයට පත් කිරීමෙන්ද ඒ ඒ රටවල පවතින දේශපාලන තත්වය වෙනසක් නොකර මෙම ප්‍රකාශය ප්‍රධාන වශයෙන් පාසල් සහ අධ්‍යාපනික ආයතන මගින්  පැතිරවීමට , ප්‍රදර්ශනය වීමට, පාඨනය කරවීමට, සහ පැහැදිලි කරවීමට සලස්වන මෙන් ද එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් සමාජීක රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.”

මෙලෙස ඉහත ආකාරයට අදහස් දක්වමින් ප්‍රවේශය ලබා ගන්නා විශ්ව ප්‍රකාශනය එහි පුර්විකාවෙහි පහත පරිදි කරුණු දක්වයි.

“ලෝකයේ පවතින නිදහස , යුක්තිය, සහ සාමය, යන්නෙහි පදනම මිනිස් පවුලේ සියලු දෙනාගේම සහජ ගරුත්වය හා අන්සතු කල නොහැකි වු සම අයිතිවාසිකම් පිළිගැනිම වන හෙයින් ද, මානව අයිතිවාසිකම් නොරැකිමේ , අවලංගුවට ලක්කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මිනිස් වර්ගයාගේ හෘදය සාක්ෂිය සාහසික පීඩනයට භාජනය කෙරෙන මිපේච්ඡ කෘරක්කම් සිදු වී ඇති හෙයින්ද , මිනිස් වර්ගයාට අදහස් ප්‍රකාශ කිරිීම් හා විශ්වාස ඇදහිලි දැරීමේ නිදහස...”

     ආදී වශයෙන් ප්‍රකාශන කිහිපයක් ඉදිරිපත් කරමින්, මිනිසා ගරුත්වයෙන් හා අයීතින්වලින් සමාන බව අවධාරණය කෙරේ. එමෙන්ම, සමාජයක් මත වු මානව අයිතිවාසිකම් නොසලකා හැරීම මගින් එම සමාජය හට සිදු වන අවාසනාවන්තකාරී  ව්‍යසනය ද මෙමගින් විස්තර කරනු ලබයි.

එමෙන්ම මානව අයිතිවාසිකම් පිළිබඳ මෙම විශ්ව ප්‍රකාශනය සෑම පුද්ගලයෙකු හා සංවිධානයක් විසින් නිරන්තරයෙන්ම සිහිපත් කෙරෙමින් සකල ජනතාව හා සියලු ජාතින්ට සාක්ෂාත් කර ගත යුතු පොදු තත්වයක් වශයෙන් දැනුවත් කිරීමෙන් හා අධ්‍යපනයෙන් මෙම අයිතිවාසිකම් හා ස්වාධිනත්වයන් ගරු කළ යුතු යැයි, ජාතික වුත්, ජාත්‍යාන්තර වුත්, ප්‍රගතිශිලි විධි විධාන මගින් මේ හිමිකම් සමාජික රටවල මෙන්ම, ඒවායේ බලයට අවනත සෙසු රටවල ජනතාව අතර ද අගය කිරීමට සැලැස්වීමෙන් ලෝකය මුළුල්ලේම ඒ පිළිබඳව ගරුත්වයට හා ක්‍රියාරකාරිත්වය සැලකිය යුත යැයි ද ප්‍රකාශ කර සිටි.


1 වන වගන්තිය
සියලු මනුෂ්‍යයෝ නිදහස්ව උපත ලබා ඇත. ගරුත්වයෙන් හා අයිතිවාසිකම් වලින් සමාන වෙති.

2 වන වගන්තිය
ජාති, වර්ග, ස්ත්‍රි පුරුෂ භාවය, භාෂාව, ආගම, දේශපාලන ආදී කවර භේදයක් හෝ විශේෂයක් හෝ නොමැතිව විශ්ව ප්‍රකාශනයෙහි සඳහන් සියලු අයිතින් සියලු ජනයාට හිමි වේ.

3 වන වගන්තිය
ජිවත් වීම සහ ආරක්ෂාව පිළිබඳව අයිතිය

4 වන වගන්තිය
වහල් භාවයෙන් නිදහස් විමෙහි අයිතිය

5 වන වගන්තිය
කිසියම් පුද්ගලයෙකු කෲර වදහිංසාවට හෝ කෲර අමානුෂික අවමන් සහගත සැලකිල්ලට හෝ දඬුවමට හෝ භාජනය නොකළ යුතුය.

6 වන වගන්තිය
සෑම අවස්ථාවකදීම සෑම පුද්ගලයෙකුම නිතිය ඉදිරියේ සමාන භාවයෙන් යුතුව පිළිගැනිමට  ලක් කීරීමයි.



7 වන වගන්තිය
සියලු දෙනාම නිතිය ඉදිරියේ සමාන වන අතර නිතියේ ආරක්ෂාවට කිසිදු විශේෂයක් නොමැතිව සියල්ලෝම හිමිකම් ලබති.




8 වන වගන්තිය
මුලික නිතියෙන් ප්‍රදානය වී ඇති මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය විමකදී බලධාරී ජාතික අධිකරණයෙන් ප්‍රතිකර්ම යොදා ගැනිමේ අවස්ථාව සැම පුද්ගලයෙකුටම ලැබේ.

9 වන වගන්තිය
හිතුමතේ අත්අඩංගුවට ගැනිමට හෝ රඳවා තැබීමට හෝ පිටුවහල් කිරීමට හෝ කිසියම් පුද්ගලයෙකු  භාජනය නොකළ යුතුය.

10 වන වගන්තිය
තමන්ගේ අයිතිවාසිකම් හා යුතුකම් පිලිබඳව හෝ තමන්ට විරුද්ධව යම් අපරාධ චොදනාවක් පිලිබඳ හෝ නිශ්චය කිරීම සඳහා සාධාරණ වුත්, විවෘත වුත්, ස්වාධින අපක්ෂපාති නඩු විභාගයකදී සෑම තැනැත්තෙකුම පුර්ණ සමානාත්වයෙන්  යුතු වේ.

11 වන වගන්තිය
සග දණ්ඩ වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබු සෑම පුද්ගලයෙකුම තම නිර්දෝෂිභාවය සඳහා කරුණු පෙන්වා දීමෙන් (ඒ සඳහා අවශ්‍ය උපකරණයක් ද සමඟ) ඔහු හෝ ඇය නිත්‍යානුකුල විවෘත අධිකරණ විභාගයකින් වරදකරු බව ඔප්පු වන තෙක් නිර්දෝෂියෙකු ලෙස නිගමනය කිරීමටත් හිමිකම් ඇත්තේය.
සසග යම් වරදක් හෝ පැහැර ගැනීමක් ඇති වු අවස්ථාවේදී එය ඒ වන විට ජාතික හෝ ජත්‍යාන්තර නිතීයේ වරදක් හෝ පැහැර හැරීමක් ලෙස සඳහන්ව නොපැවතියේ නම් කිසිම කෙනෙකු ඒ සම්බන්දයෙන් වරදකරු නොකළ යුතු අතර එවැනි වරදක් කළ අවස්ථාවේදී පවතින දඩුවමට වඩා වැඩි දඬුවමක් එලෙස වරදකරු වන තැනැත්තා හට නොපැනවිය යුතුය.

12 වන වගන්තිය
කිසිම පුද්ගලයෙකුගේ පෞද්ගලික ජිවිතය, පවුල, නිවස, හෝ ලිපි ගනුදෙනු සම්බන්ධව බලෙන් අඟිලි ගැසිම , ගරුත්වයට හෝ කිර්තිනාමයට පහර ගැසීම හෝ නොකළ යුතු අතර ඉහත ආකාරයේ යම් ක්‍රියාවක් සම්බන්ධව ඊට එරෙහිව නිතියේ රැකවරණය ලැබිමේ අයිතිය සෑම පුද්ගලයෙකුටම හිමි වේ.


13 වන වගන්තිය
          (1)සිය රටෙහි සීමාව තුළ ගමනාගමනයට හා ජිවත් වීමට (වාසස්ථානයට) හිමිකම් පවති.
(2)තම රට හෝ වෙනත් කවර රටක සිට එය හැර යාමටත් තම රටට ආපසු පැමිණිමත් සෑම පුද්ගලයෙකුටම හිමිකම් පවතී.

14 වන වගන්තිය
1* වධබන්ධන වලින් මිදීම සඳහා විදේශයකට ගොස් ආරක්ෂාව සොයා යාමට හා එරට සුවසේ ජිවත් වීමට සෑම කෙනෙකුම අයිතියක් පවති.
2* දේශපාලනමය  නොවු අපරාධවලින් උද්ගතවන චෝදනා හෝ එක්සත් ජාතින්ගේ පරාමාර්ථ වලට පටහැණි ක්‍රියාවන් නිසා පැන නගින චෝදනා වලට ලක් වුවන් සඳහා ඉහත 14-1  වගන්තිය යටතේ දැක් වු අයිතීන් හිමි නොවේ.

15 වන වගන්තිය
1* ජාතිකත්වය සදඟා සෑම පුද්ගලයකු හටම හිමිකම් පවතී.
2* කිසිම කෙනෙකුගේ ජාතිකත්වය බලෙන් තුරන් කල නොහැකි අතර , යම් පුද්ගලයෙකුගේ ජාතිකත්වය වෙනස් කිරීමට ඇති අයිතිය පැහැර නොහැරිය යුතුය.

16 වන වගන්තිය
1* පුර්ණ වයසට එළඹි ස්ත්‍රී , පුරුෂයෝ වර්ගය, ජාතිකත්වය හෝ ආගම වැනි කිසිම සීමාවකින් තොරව විවාහ වී පවුලක් ඇති කර ගැනීමට අයිතිය ලබති. විවාහයට ඇතුළු වීම මෙන්ම එය අවලංගු  කිරීම සඳහාද සමාන අයිතිවාසිකම් ලබති.
2* විවාහයට ඇතුලත් කල යුත්තේ, විවාහයට බැඳෙන්නට සුදානම් වන දෙදෙනාගේ සම්පුර්න නිදහස් කැමැත්ත ඇතිවය.
3* සමාජයේ ස්වභාවික වුත්, මුලික වුත්, සමුහ ඒකකයක් වන පවුල සමාජයේ මෙන්ම රාජ්‍යයේ රැකවරණය , ආරක්ෂාව ලැබීමට හිමිකම් ලබයි.

17 වන වගන්තිය
1* සෑම පුද්ගලයෙකු හට තනිව මෙන්ම හවුලේ ද දේපළ සදඟා අයිතිය ඇත්තේය
2* කිසියම් පුද්ගලයෙකු සතු දේපල බලෙන් අහිමි කළ නොහැකිය.

18 වන වගන්තිය
සෑම දෙනා හටම සීතිමේ, හෘද සාක්ෂියේ සම ආගම් ඇදහිමේ නිදහස භූක්ති විඳිමට අයිතිය ඇත. තම ආගම හෝ විශ්වාසය වෙනස් කිරීමේ නිදහසත්, ආගම තනිව, සාමුහික වශයෙන් හෝ පෞද්ගලිකව හෝ ප්‍රසිද්ධියේ ඉගැන්විමේ, පිලිපැදිමේ, ඒ අනුව ඇදහිමේ , වන්දනා කිරිමේ නිදහසත් ඇතුළත්ය.

19 වන වගන්තිය
සෑම පුද්ගලයෙකුම නිදහසේ යම් මතයක් දැරිමටත්, ප්‍රකාශ කිරීමටත් අයිතිය පවති. අන් අයගේ බාධාවකින් තොරව, තම මතය දැරීමත්, දේශ සීමා වන් නොසලකා කවරාකාරයේ මාධ්‍යයකින් හෝ තොරතුරු ලැබීමටත් ලබා දීමටත් ඇති අයිතිය ද මේ යටතට ඇතුළත් වේ.

20 වන වගන්තිය
1* සාමකාමීව එක්රැස් විමෙහි සහ සමිති ආදිය පැවැත්විමෙහි  අයිතියද සෑම  පුද්ගලයෙකුටම හිමි වේ.
2* සමිති සමාගම්වලට බැඳෙන ලෙස කිසිවෙකු බල කල නොහැකිය.

21 වන වගන්තිය
1* සෘජුව හෝ නිදහස්ව තෝරා ගත් තමාගේ නියෝජිතයන්ට හෝ රටේ පාලනයට සහභාගි වීමට සෑම පුද්ගලයෙකු හටමහිමිකම් පවති.
2* තම රටේ රාජ්‍ය සේවයට ඇතුළත්වීම සඳහා සමාන අයිතියක් සෑම පුද්ගලයෙකුම පවති.
3* රටේ ක්‍රියාත්මක වන බලතල වල පදනම වන්නේ, පොදු ජනතාවගේ කැමැත්තය. කලින් කලට අව්‍යාජ ලෙස පවත්වන ඡන්ද විමසීම් මගින් සර්වජන ඡන්ද බලය යටතේ , රහසේ දෙනු ලබන ඡන්දයෙන් හෝ ඒ හා සමාන වු වෙනත් ස්වාධින ඡන්ද ක්‍රමයකින් මෙම කැමැත්ත ලබාදීම සිදු විය යුතුය.

22 වන වගන්තිය
සමාජයේ පුද්ගලයෙකු වශයෙන් සෑම පුද්ගලයෙකු හටම එම සමාජයේ ආරක්ෂාව ලැබීමට හිමිකම් පවතී.
තමන්ගේ ගෞරවයටත්, පෞරුෂත්වයෙහි වර්ධනය සඳහාත් අත්‍යවශ්‍ය වන ආර්ථික , සමාජීය සහ සංස්කෘතිමය අයිතිවාසිකම් ජාතික ප්‍රයත්නයන්ගෙන් සහ ජාත්‍යාන්තර සහයෝගිත්වයෙන් ද එක් එක් රාජ්‍යයේ සංවිධානය සහ සම්පත් වලට අනුකූලව සාක්ෂාත් කර ගැනිමේ අයිතිය සෑම පුද්ගලයෙකුම සතුව පවති.



23 වන වගන්තිය
1* වැඩ කිරීමටත්, තමා කැමති රැකියාවක් නිදහසේ තොරා ගැනිමටත් වැඩ කිරීමට සාධාරණ මෙන්ම හිතකර වු වැඩ කිරිමෙහි පහසුකම් ලැබීමටත් , රැකියා නැති වී යාමෙන් ආරක්ෂා විමටත් සෑම පුද්ගලයකු හට අයිතිය පවති.
2* සෑම පුද්ගලයකු හටම කිසිදු විශේෂතාවයක් හෝ වෙනස්කමකින් තොරව සමාන වැඩ සඳහා සමාන වැටුප් ලැබීමට හිමිකම් පවති.
3* තමන්ට හා තම පවුලට මිනිස් ගරුත්වය රැකෙන ජිවිතයක් සඳහා අවශ්‍ය සාධාරණ වැටුපක් ලැබීමට මෙන්ම, අවශ්‍ය වුවහොත් සමාජ රැකවරණය පිළිබඳ වු වෙනත් මාර්ගයකින් තම අඩුපාඩු පිරිමසා ගැනිමට, වැඩ කරන සෑම පුද්ගලයෙකු හටම අයිතිය හෙවත් හිමිකම් පවතින්නේය.
4* තම අයිකිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා වෘත්තිය සමිති පිහිටුවීමටත් , ඒ සඳහා බැඳිමටත්  සෑම පුද්ගලයෙකු හටම අයිතිය පවතී.

24 වන වගන්තිය
වැඩ කරන පැය ගණන් පිලිබඳව සීමාවක් ඇතිව, වැටුප් සහිත නිවාඩු දිනයන්ද (කලින් කලට ලැබෙන) ඇතුළුව විවේක ගැනීමේ අයිතිය සෑම පුද්ගලයෙකුම සතුය.

25 වන වගන්තිය
1* ආහාර අඳුම් පැළදුම් , නිවාස, සෞඛ්‍යය, ආරක්ෂාව, සහ අවශ්‍ය සමාජ සේවා ද ඇතිව තමාගේත් , තම පුවලේත් සෞඛ්‍යයට සහ පැවැත්මට ප්‍රමාණවත් ජිවන තත්වයන් අත්පත් කර ගැනීමටත් රැකියාව අහිමී වීම, අසනිප වීම, දුබලතාව, වැන්දඹු වීම සහ මහලු බව සහ වෙනත් පාලනය කළ නෙහැති හේතු ආදිය මගින් ජිවිතය ගෙන යාම දුෂ්කර වු විට, රැකවරණට ලැබීම සඳහා අයිතිය හෙවත් හිමිකම සෑම සියලු දෙනාම සතුය.
2* මාතෘ භාවය, සම ළදරු භාවය විශේෂ සැලකිල්ලට උපකාරය සහ ආරක්ෂාව හිමි විය යුතු තත්වයෝ වෙති. විවාහක හෝ අවිවාහක මව්වරුන්ගේ ලැබෙන්නා වු සියලු දරුවෝ සමාන සමාජ ආරක්ෂාව ලැබීමට හිමිකම් ඇත්තෝ වෙති.

26 වන වගන්තිය
1* සියලු පුද්ගලයන් හට ඉගෙනිම සඳහා හිමිකම් ඇත්තේය. අඩුම තරමින් ප්‍රාථමික සහ මුලීක අධ්‍යාපනය නොමිලේ සැපයිය යුතුය. ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය විය යුතුය. කාරමික හෝ වෘත්තිය අධ්‍යාපනය සදහා පහසුවෙන් ලැබිය හැකි මාර්ගයන් පැවතිය යුතු අතර , උසස් අධ්‍යාපනය සඳහා දක්‍ෂතාවය අනුව සමාන අවස්ථාවන් සැලසිය යුතුය.

2* පුද්ගල පෞරුෂත්වය පුර්ණ සංවර්ධනයට පත් කිරීම සඳහාත් , මානව අයිතිවාසිකම් සහ මුලික නිදහස පිළිබඳව ගරුත්වය  ප්‍රබල වන ලෙසටත් අධ්‍යාපනය යොමු විය යුතුය. එමෙන්ම අධ්‍යාපනය මගින් සියලු ජාතින් වර්ගිකයන් සහ ආගමික කාණ්ඩායම් අතර අන්‍යෝන්‍ය අවබෝධයක් සාමයටත්,එක්සත් ජාතින් විසින්  ගෙන යන ක්‍රියාමාර්ගයට අනුබල සැපයිය යුතුය.
3* තම දරුන්ට ලබා දෙන අධ්‍යාපනය කුමන ආකාරයේ අධ්‍යාපනයක් දැයි තෝරා ගැනිමෙහි මුල් හෙවත් මුලික අයිතිය මව්පියන් සතුය.

27 වන වගන්තිය
1* සමාජය තුළ සංස්කෘතිමය වශයෙන් නිදහසේ ක්‍රියාත්මක වීමටත් , කලා රස විඳිමටත් , විද්‍යාත්මක දියුණුවට සම්බන්ධ වී එහි ප්‍රතිඵල භුක්ති විඳිමටත් සෑම පුද්ගලයකු හටම අයිතිය පවති.
2* තම කාර්තව්‍යයෙන් නිමවන විද්‍යාත්මක, සාහිත්‍යමය හෝ කලාත්මක කෘතියක් මගින් භෞතික සහ අද්‍යාත්මික පල ප්‍රයෝජන රැක ගැනිමේ අයිතිය සැම පුද්ගලයෙකු හටම හිමි වේ.

28 වන වගන්තිය
මෙම විශ්ව ප්‍රකාශනයෙහි දැක්වෙන අයිතිවාසිකම් ස්වාධීනත්වය සපුරා සාක්ෂාත් කර ගත හැකි වන සමාජ සහ ජාත්‍යාන්තර රටාවකට සෑම පුද්ගලයෙකු හටම අයිතියක් පවතී.

29 වන වගන්තිය
1ග පුද්ගලයෙකුගේ පෞරුෂත්වය නිදහස් පූර්ණ සංව්රධනයට කිරීමෙහිලා ඉටු කළ යුතු සමාජ යුතුකම් රැසක් සෑම පුද්ගලයෙකු කෙරෙහිම පැවරී ඇත.
2ග පුද්ගලයාගේ අයිතිවාසිකම් සහ ස්වාධිනත්වයන් ක්‍රියාත්මක වීමේදී සීමාවන් තිබිය යුතුය. එනම්, කිසියම් ආකාරයක නිතිමය සීමාවන්ට පමණක් යටත් විය යුතුය. ඒ අන්‍යයන්ගේ අයිතිවාසිකම් සහ ස්වාධිනතා, ආරක්ෂා වීම පිණිසත්, අද්‍යාත්මික ගුණ වගා ආරක්ෂා කිරීම සඳහාත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සාමය හා පොදු සුභසාධන ආරක්ෂා වීම පිනිස නිතීය මගින් පනවනු ලබන නීති පද්ධතියක් මගින්ය.
3ග මෙම අයතිවාසිකම් සහ ස්වාධිනත්වයන්, එක්සත් ජාතින්ගේ සංවිධානයේ අරමුණුවලට පටහැණි නොවිය යුතුය.




30 වන වගන්තිය
      මෙම ප්‍රකාශනයේ සඳහන් කිසිම අයිතිවාසිකමක් හෝ ස්වාධිනත්වයක් හෝ වැනසී යන අන්දමේ කිසිම ක්‍රියාකාරකමක යෙදීමේ අයිතියක් කිසිදු ආකාරයෙන් රාජ්‍යයකට , කාණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට ලැබෙන, හිමිවන ආකාරයෙන් අර්ථ නිරූපණයක් මේ ප්‍රකාශණයෙහි කවර වගන්තියක් හෝ මගින් නොකළ යුතුය.

     විශ්ව ප්‍රකාශනය කෙරෙහි සමස්තයක් ලෙස අවධානය යොමු කරන විට , පෙනී යනුයේ, පළමු සහ දෙවන වගන්ති යටතේ විග්‍රහ වන්නේ මානවයින් ගරුත්වයෙන් හා අයිතිවාසිකම් වලින් සමව උපත ලබා ඇති බවය. එ අනුව ජාති, වර්ග,ස්ත්‍රි, පුරුස ,භාෂාව , ආගම, දේශපාලන, ආදී කවර භේදයකින් හෝ සමාජ , ජාතික, දේපළ ආදී කිසිදු භේදභින්න භාවයකින් තොරව, විශ්ව ප්‍රකාශනයෙහි දැක්වෙන සියලු අයීතින් සියලු ජනයාට හිමිවන බව දක්වයි.
තුන් වන වගන්තියේ සිට විසි එක් වන වගන්තිය දක්වා ඇති වගන්ති වලින් දැක්වනුයේ, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්ය. විසිදෙවන වගන්තියේ සිට ධීසි තුන්වන වගන්තිය දක්වා පවතින වගන්ති වලින් ආර්ථික, සමාජීය  සහ සංස්කෘතිමය අයිතිවාසිකම් නියෝජනය වේ.

විසි අටවන වගන්තියේ සිට තිස්වන වගන්තිය හෙවත් අවසාන වගන්තිය දක්වා ඇති වගන්ති වලින් මානව අයිතිවාසිකම් භූක්ති විඳිම සඳහත්, සුරක්ෂිත කරලීම සඳහත් , අයිතිවාසිකම් භුක්ති විඳින විට පවතින යුතුකම් හෙවත් වගකීම්ද, මානව අයීතින් භුක්ති විඳිය යුතු අර්ථ නිරූපණ  සම්බන්ධව කරුණුද දක්වා ඇත.

No comments:

Post a Comment