ස්ත්‍රී පුරුෂ සමාජභාවය..
කාන්තාව කළ යුත්තේ ගෙදර සිට දරුවන් රැක බලාගැනීමද? නැතිනම් පිරිමියාට ලිංගික තෘප්තිය ලබා දීම ද? කාන්තාවට දේශපාලනය අකැප ද? කාන්තාවට අයිතිවාසිකම් අවශ්‍යද? ඔබ මෙවන් සංවාද කොතෙකුත් අසා ඇති බවට සැකයක් නැත. මේ සමග බැඳෙන සමහරු කැමති තවත් සමහරු දරුණුව ප්‍රතික්ෂේප කරන ප්‍රමුඛතම සංකල්පයක් ඇත. එනම් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය යි. නැත්නම් ඉංග්‍රීසියෙන් මෙය ඨැබාැර කියා හදුන්වයි. මෙම සංකල්පය ගැන කතාකරන බොහෝ දෙනා හුදෙක් මෙය කාන්තාවන්ගේ අයිතිවාසිකම් නගාසිටුවීම සඳහා ගෙන ආ සංකල්පයක් ලෙස නැත්නම් කාන්තාවන්ට පමණක් අදාළ වූවක් ලෙස ඒකපාර්ශවිකව අර්ථ ගන්වයි.. එලෙස අතීත කාන්තාව හා වර්තමාන කාන්තාව සැසඳීමේ දී ඇගේ කාර්යභාරය කුටුම්භය තුළ දරුවන් වැදීම හැදීම හා ගෙදර දොර වැඩ කටයුතු බලා කියා ගැනීම ආදී සීමා සහිත එකක් විය. එවැනි සමාජ වටපිටාවක් තුළ ඇයට ස්වාධීන වීමටත් සමාජශීලී වීමටත් අවස්ථාව නො නොලැබිණි.
නමුත් විවෘත ආර්ථිකය ආගමනය හා නිදහස් අදයාපනයේ ප්‍රතිඵලයක් ලෙස කාන්තාව අධ්‍යාපනයට නැඹුරු වූ අතර එහි දී ඇය වෘත්තීය පුහුණුවට ද යොමු වූවාය. මේ නිසා ඇයට රැකියා ක්ෂේත්‍රයේ නව මංපෙත් විවර වූ අතර වර්තමාන ධනවාදී ආර්ථිකය තුළ ඇය තවදුරටත් පවුල තුළට කොටු නොවී දේශීය ආර්ථිකයේ ප්‍රධාන උපයන්නා බවට පත්ව ඇත. මෙම ආර්ථික සාධකය නිසාවෙන් කාන්තාව පිළිබඳ නවමු කතිකාවක් ගොඩනැගෙමින් වර්ධනය විය.
අතීතයේ උගත් කාන්තාවකට කළ හැකි ඉහළම රැකියාව වූයේ ගුරු වෘත්තියයි. ‘දැඟුල් නුවණ පමණකි‘ කියා බමුණු සමාජය උදම් ඇනූ අවධියක සිට වත්මන් අධ්‍යාපනයේ මංපෙත් විවර කරමින් ඇය වෛද්‍ය, නීතිය, පරිපාලනය , වෙළඳ, කලාව, ඉංජිනේරු වැනි සෑම ක්ෂේත්‍රයකම පෙරමුණේ සිටි.
වර්තමානයේ ධනවාදී ආර්ථිකයේ කාන්තාව වඩ වඩාත් සමාජකරණය වීම හේතුකොට ගෙන ඇයට ආයතන පරිසරය තුළ, පවුල තුළ, ඇයගේ වෘත්තිය තුළ තම කාර්යභාරය නිසි ලෙස ඉටු කර ගැනීමට යාමේදී උද්ගත වන ගැටලු පවතී. එම ගැටලු කෙරෙහි යම්කිසි සංවේදීභාවයකින් බැලීමට මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන සංකල්පය උපකාරී වේ. ඒ අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවයභාවය යන්න යම්කිසි සමාජයක් ස්ත්‍රියකගෙන් හෝ පිරිමියෙකුගෙන් අපේක්ෂා කරන දේ ලෙස සරලළව දැක්විය හැක. එය තැනින් තැනට සමාජයෙන් සමාජයට රටින් රටට වෙනස් වේ. නමුත් ලාංකේය සමාජය තුළ කාන්තාවගේ හැසිරීම්, ඇඳුම් පැළඳුම්, කතාබහ සහ ඇයට තිබිය යුතු යැයි සිතන ගති පැවතුම් පිළිබඳ ආකල්පය විශේෂිත වේ. ලාංකේය අදයාපන ක්‍රමය තුළ කුඩා කල සිටම දරුවාගේ මනසට ඇතුළු වන්නේ‘ අම්මා බත් උයයි‘. ‘තාත්තා වැඩට යයි‘ යන පාසල් පෙළ පොතේ සඳහන් වාක්‍යයි. මෙය සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ සමාජ භාවය යි.
මෙවන් තත්ත්වයක් තුළ මෙම සංකල්පය සාදනාත්මක ලෙස බිහිවන්නේ බටහිර ලෝකයේ සමාජය තුළයි. සමහරු මෙය කාන්තාව සවිබල ගැන්වීම නැතහොත් අදපැබ ැපචදඇරසබට යන සංකල්පය භඨධ හරහා එන සංකල්පයක් බව ද පවසයි.
මෙම සංකල්පය තුළින් (මෙය ස්ත්‍රීවාදය ලෙස හෝ අන්තවාදයක් ලෙස සලකන්නන්ට අනුව) පවුල් සබඳතා මුළුමනින්ම වෙනස් ස්වරූපයක් ගන්නා බවත් එය කාන්තාවන්ට වැලදෙන රෝග ලක්ෂණයක් ලෙස සිතමින් පිරිමින් හා නිතර ගැටුම් ඇතිකර ගන්නා මතයක් බවට පත්ව ඇත.
සරලව දක්වන්නේ නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන්නෙන් අදහස් කරනුයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ අන්තගාමී මත දරන කාන්තාවන්ට තෝතැන්නක් ලෙස මෙම ස්ත්‍රී පුරුෂ සමාජ සමාජභාවය යන සං සංකල්පය ඇති කිරීම නොවේ. එලෙසම මෙහි අරමුණ ගෑනි මිනිහා වීමත් මිනිහා ගෑනි වීමත් නොවේ. කාන්තාව පුරුෂයාට යටත් වීමට හෝ පුරුෂයා පරයා ගැහැනිය ඉහලට ඒම ද නොවේ. ඇයට අවශ්‍ය වන්නේ සමතැන ලබා දීමයි. ඇය පිළිබඳ සමාජය තුළ යම් ධනාත්මක සංවේදීතාවක් ඇති කිරීමයි. එලෙසම ස්ත්‍රී පුරුෂ සමාජභාවය ස්ත්‍රියකට පමණක්ම නොවේ. එය පිරිමින්ට ද අයිති සංකල්පයකි. අප සිදුකරනු ලබන සෑම කටයුත්තකදීම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී වූ ඇසකින් බැලීමට යොමු කිරීම මෙම සංකල්පයෙහි මූලික අර අරමුණයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සැලකිල්ලට ගැනීමේ දී එය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය හා සම්බන්ධ විය යුතුය. මන්ද සිදු කරනු ලබන සියලුම කාර්යයන් තුළින් ස්ත්‍රීන්ට සහ පුරුශයින්ට සමාන අවස්ථා අයිතිවාසිකම් සහ ප්‍රතිලාභ හිමිවන බැවිනි .
රටක සංවර්ධනයේ එක් මිනුම් දණ්ඩක් වන්නේ සියල්ලන්ටම සමානාත්මතාවයෙන් සැලකීම යි. ඒ තුළ පිරිමියා මෙන්ම ළමයා හා කාන්තාව ද සිටිති. එවැනි පරමාදර්ශී සමාජයක් බිහි කිරීම තුළ කාන්තාවට සුවදායක සහ සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම කාගේත් වගකීම වේ.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සම්බන්ධ විෂයන් ගණනාවකි. එනම්
ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා මාධ්‍ය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා තීරණ ගැනීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ආර්ථිකය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා හිංසනය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා එච්. අයි. වී. ඒඞ්ස් යනුවෙන් එකී නාමාවලිය තව තවත් දිගු කර දැක්විය හැකිය. මෙයට අමතරව ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා බැඳුණු සංකල්ප ද හඳුනාගත හැකිය. ස්ත්‍රී පුරුෂ සමාජ සමාජභාවවී සමානාත්මතාව, ස්ත්‍රී පුරුෂ සමාජභාවී විශ්ලේෂණය, ස්ත්‍රී පුරුෂ සමාජභාවී මූල ප්‍රවාහ කරණය, ස්ත්‍රී පුරුෂ සමාජ සමාජභාවය හා ඵලදායිතාව, ස්ත්‍රී පුරුෂ සමාජ සමාජභාවය හා වෙනස්කම් වලට භාජනය කිරීම ආදී නිදසුන් කිහිපයෙන් ඉස්මතු වන්නේ මෙම සංකල්පයේ වැදගත්කමයි.
මෙතෙක් කලක් සමාජය සිතාසිටියේ සංවර්ධන ක්‍රියාවලිය තුළ සැමටම සමානව සලකන බවයි. නමුත් එහි බලපෑම ස්ත්‍රී පුරුෂ සමාජභාවී අර්ථයෙන් උදාසීන බව වර්තමානය වන විට පැහැදිලිව ස්ත්‍රීන් හා පුරුශයන් අතර පවතින ජීව විද්‍යාත්මක වෙනස්කම් හා සමාජය විසින් ගොඩනංවන ලද වෙනස්කම් නිසා පවුල තුළ, සමාජයේ සම්පත් පරිහරණය කිරීම තුළ පීතෘ මූලික සමාජය විසින් ගොඩ ගොඩනංවා ඇති යම් යම් සීමා බන්ධන වෙයි. මේ නිසාම ස්ත්‍රීන්ට වෙනස් කොට සැලකීමටත් සියලූ ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ටත් තවදුරටත් ඇය ගොදුරු වෙයි .
එක්සත් ජාතීන්ගේ තතු විමසුම් වලට අනුව ලෝකයේ සෑම තැන්හිම ගැහැණු ළමයි අඩු සැලකිලි වලට මුහුණ දෙති. බොහෝ විට ඔවුන්ට ආහාර ලැබෙන්නේද පිරිමි දරුවන්ට වඩා අඩුවෙනි. මේ අනුව එක්සත් ජාතීන් සම්මත කොටගත් ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය (1989)ගැහැනු දරුවන්ට ඉගැන්වීම සඳහා වැඩිපුර මුදල් වියදම් කරන ලෙස ආණ්ඩුවලින් ඉල්ලා සිටිති. (නමුත් ලංකාවේ නම් අධ්‍යාපනයට මුදල් වෙන් කර සිටින්නේ එය නොකර බැරි කම නිසා මිස අධ්‍යාපනය ඉහළ දැමීමේ අරමුණින් නම් නොවේ). එක්සත්ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ((1979)) සම්මත කොට ගන්නා ලද ස්ත්‍රීන් හට එරෙහි සියලු ආකාර වෙනස්කම් පිටු දකීමේ සම්මුතිය(ක්‍ෑෘ්උ) ස්ත්‍රීන් පිළිබඳ අන්තර්ජාතික අයිතිවාසිකම් පනතක් ලෙස දැක්විය හැකිය.
වර්තමානයේ කාන්තාවට සහ ගැහැනු ළමයින්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වයන්හී ක්‍රියා වසංගතයක මට්ටමෙන් පැතිර පවතී. එනිසා ම එය විශ්ව ගැටලුවක් වන අතරම ඒ වෙනුවෙන් ගෙවන මානව පිරිවැයද අදෘශ්‍යමානය. යටත් පිරිසෙන් ලෝකයේ සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් කාන්තාවක්ම ඇගේ ජීවිත කාලය තුළ පහරකෑමට, ලිංගික හෝ වෙනත් අපයෝජනයන්ට ලක් වෙයි. ඒ අනුව වර්තමානයේ ලාංකික කාන්තාවට ද ආර්ථික ක්‍රමයේ පවතින ආර්ථික සූරා කෑමට, ලිංගික අපයෝජන, දේශපාලන බැහැරකිරීම් හා නීතිමය වෙනස්කම්වලට මුහුණ දීමට සිදුව තිබේ. මේ සියලු හේතු නිසාවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සමස්ත රටවල් (193) ද තවත් අන්තර්ජාතික සංවිධාන තුනකට ආසන්න ප්‍රමානයක්ද එකතුව වර්ෂ 2015 දී ළඟාකර ගැනීමට අපේක්ෂිත ඉලක්ක අතර ස්ත්‍රී පුරුෂ සමානත්වය ප්‍රධාන කරුණක් ලෙස දක්වා ඇත.
මේ ආකාරයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහස්‍ර අරමුනු හරහා පසුගිය පසුගිය දශක කිහිපය තුළ ලෝක ආර්ථික හා දේශපාලනය තුළ සිදු වූ වෙනස්කම් නිසා මෙම කාන්තාවන්ට සිදුවන වෙනස්කොට සැලකීම් යම්තාක් දුරට යටපත් කිරීමට සමත් වී ඇත. උදාහරණයක් ලෙස බ්‍රසීලයේ (2011) ජනවාරි 01 දින ජනාධිපතිධූරයට පත් ඩිල්මා රූසෙව් එරට පළමු ජනාධිපතිවරිය වන අතර ඇය පාර්ලිමේන්තුව තුළ කාන්තා හිංසනය කෙරෙහි දැඩි නීතිරීති මාලාවක් සම්මත කළාය.ඒ අතර කාන්තාවක හිංසනයට ලක් කරන පුද්ගලයකු හිරගේ හිරගෙදරට නොයවන නමුත් ඇයට වන්දි දිය යුතුය. ආබාධිත කාන්තා වක් හිංසනයට ලක් කරන්නකුට ඇය ජීවත්වන තාක්කල් ජීවත්වීමට සරිලන මුදලක් මාස්පතා ගෙවීමට සිදු වීම ආදිය දැක්විය හැකිය.
වර්තමානයේ කාන්තාව ආර්ථික හා සමාජ තත්වය දියුණු වීම වැනි කාරණා තුළ දී ඇයට මෙම ආර්ථික ක්‍රමයේ පවතින ආර්ථික සූරා කෑම, ලිංගික අපයෝජන හා දේශපාලනික බැහැරකිරීම්, නීතිමය වෙනස්කම්වලට මෙන්ම ගෘහය තුලද යම් යම් ගැටලුකාරී තත්වයන්ට මුහුන දීමට සිදුව අත. මෙවෙනි තත්වයන් මගහරවා ගනීමට නම් ආකල්පමය, ආර්ථික අතින් මෙන්ම දේශපාලනික හා නීතිමය වශයෙන් ද ඇය බල ගැන්වීමක් කළයුතු බව පැහැදිලිය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇතිකිරීමේදී යුක්තිය හා සාධාරණත්වය මත පදනම් වූ ආර්ථික හා දේශපාලන ක්‍රමයක් ඇති වීම ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ දී ප්‍රයෝජනවත් ය.
එපමණක් නොව ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී කාන්තා දායකත්වය ඉහල දැමීමට පියවර ගත යුතුය. එය හරහා ඇයගේ මානසික තත්ත්වය ශක්තිමත් වීම ද සිදු වන අතර පවුල තුළ ඇයට අවශ්‍ය පිළිගැනීම ගෞරවය ආදරය නිසි තැන ලැබෙයි. එමඟින් ඇය සුරක්ෂිත කිරීමේ සාමූහික ප්‍රයත්නයට අඩිතාලම නිවස තුළම වර්ධනය කරගත හැකිය. එසේම කාන්තාවගේ අයිතිවාසිකම්, පූර්න අයිතිවාසිකම් ආරක්ෂාව සහ සහභාගීත්වය තහවුරු කෙරෙන ප්‍රතිපත්ති සම්පාදනය කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම පසු විපරම සහ ඇගයීම තුළින් මෙම සංකල්පය නිවැරැදිව සමාජගත කිරීමට හැකි වනු ඇත. ස්ව ශක්තියෙන් අභියෝගයන්ට මුහුණ දෙමින් සිය ශක්තිය සහ බුද්ධිය උපරිම ලෙසත්, නිවැරදි ලෙසත් යොදාගනිමින් කාර්යන්හි නිරත වීමට ඇයව පුරුදු පුහුණු කිරීම හා නිවැරදි සංවිධාන රාමුවක් තුළ සැලසුම්සහගත දැනුවත් බවක් ලබා දෙමින් සමාජයීය හා ආර්ථික අතින් බලගැන්වීම තුළ ඇයගේ අභිවෘද්ධිය සාක්ෂාත් කරගත හැක.
පිරිමියාට මෙන්ම කාන්තාවටද සුවදායක සහ සුරක්ෂිත පරිසරය ලැබීමේ අයිතිය ඇත. කාන්තාව යනු තවත් මිනිස් වර්ගයක් ම්ස විශේෂ අනුකම්පාවක් හෝ ආරක්ෂාව තවත් කෙනෙකුගෙන් අයැදිය යුතු තැනැත්තියක් නොවන බව අප සැම අවධාරණය කරගත යුතු කරුණකි. අවසාන වශයෙන් මහත්මා ගාන්දි කළ ප්‍රකාශනයක් මෙසේ සටහන් කරමි. ‘ගැහැනියගේ සේවය පිරිමියාගේ සේවය තරමට අගය නොකරන සමාජය සමබර දියුණුවක් ඇත්තේ නැත”.
Excellent
ReplyDelete