Saturday 30 June 2018




                                   ලෝක ගුවන් විදුලි මාධ්‍යයේ ප්‍රභවය


එංගලන්තයේ ආරම්භ වූ කාර්මික විප්ලයත් සමඟ නව සොයාගැනීම් ලෝකය පුරා සිදු කරනු ලැබූ ගවේශණ හා පර්යේෂණවල ප්‍රතිඵල වශයෙන් මෙම නව සොයාගැනීම් සිදුකර තිබේ. ඒ අනුව පළමුව මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමෙන් ආරම්භ වූ නව නිෂ්පාදන වර්තමානය වනවිට නිම්වළලු සිසාරා දිවයින විශාල තාක්ෂණයක් කැටිකරගත් නිෂ්පාදනයක් ලොවට දායාද කරමින් සිටී. ඒ තාක්ෂණයේ දියුණුව් සමඟ සිදු වූ සොයා ගැනීමක් වශයෙන් ගුවන් විදුලිය පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර ඊට මූලාරම්භය සැපයූ ලෝක ගුවන්විදුලි මාධ්‍යයේ ප්‍රභවය පිළිබඳ සාකච්ඡා කළ යුතුය.

     
ගුවන් විදුලියේ ඉතිහාසය යනු තාක්ෂණය වර්ධනය වීමේ ඉතිහාසයයි රේඩියෝ උපකරණ බිහිකරගැනීම මෙහි ලක්ෂණයයි. භෞතික විද්‍යාඥයින් ගණනාවක් විසින් සිදු කරන ලද පර්යේෂණ හා ගවේෂණ ගණනාවක ප්‍රතිඵලයක් ලෙස ගුවන් විදුලියේ පරිණාමයේ ගමන් මග සකස්ව තිබේ. මුලින්ම රේඩියෝව වර්ධනය ආරම්භ වූයේ රැහැන් විරහිත ටෙලිග්‍රාෆ් තාක්ෂණයක් ලෙසයි. ගුවන් විදුලිය නිර්මාණය කිරීම සඳහා විවිධ පර්යේෂකයන් හා ගවේෂකයන් විසින් විවිධ සොයාගැනීම් හා අත්හදා බැලීම් සිදු කරන ලදී. ලෝක ගුවන් විදුලියේ ප්‍රභවය පිළිබඳ විවරණය කිරීමේදී එම සොයා ගැනීම් හා පර්යේෂණයන් පිළිබඳව ද සඳහන් කළ යුතුය.

මෙහිදී ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් විසින් ගණිතමය ප්‍රවේශයක් ඔස්සේ ඉදිරිපත් කළේ නිදහස් අවකාශයක් ඔස්සේ විද්‍යුත් චුම්භක තරංග ව්‍යප්ත කළහැකි බවයි. මේ අතර හෙයින්රිච් රැඩොල්ෆ් හර්ට්ස් සහ තවත් බොහෝමයක් පර්යේෂකයෝ රසායනාගාර මට්ටම් තුළ තරංග ව්‍යාප්ත කළ හැකි ආකාරයෙන් පෙන්වනු ලැබූහ. රේඩියෝව සොයා ගැනීමේදී විශාල සොයා ගැනීම් ප්‍රමාණයක් සිදු කරනු ලැබුවේ මාර්කෝනි විසිනි. 1895 දී මාර්කෝනි විසින් මීටර් 1.5 සිට කිලෝමීටර් 2.4 දක්වා ඇත. දුරකට සංඥා සම්ප්‍රේෂණය කළ හැකි රැහැන් විරහිත ක්‍රමයක් සකස් කළේය. මෙම මාර්කෝනි විසින් ඉදිරිපත් කළ පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස ඇන්ටනා කුළුණේ උස හා හතරැස් ස්වරූපයට සමානුපාතිකව තරංග සම්ප්‍රේෂනය කිරීම සීමාවන ආකාරය මාර්කෝනිගේ න්‍යාය ඉදිරිපත් කරමින් හඳුන්වා දුන්නේය.

මීට අමතරව 1900 දී රෙජිනෝල්ඞ් ෆෙසන්ඩන් විසින් වායු තරංග ඔස්සේ තමන්ගේ කටහඬ ඉතාමත් දුර්වල ආකාරයෙන් සම්ප්‍රේෂණය කර ඇත. එමෙන්ම 1901 දී මාර්කෝනි විසින් ප්‍රථම වරට සාර්ථක අන්දමින් අත්ලාන්තික් සාගරය ඔස්සේ ගුවන්විදුලි සන්නිවේදන කටයුතු අත්හදා බලා තිබේ. 1907 දී මාර්කෝනි විසින් ක්ලිෆ්ඩන් අයර්ලන්තය ග්ලේඞ් බේ සහ නිව්ෆචුන්ඞ්ලන්තය ඔස්සේ ප්‍රථම අත්ලාන්තික් කලාපය ඔස්සේ ක්‍රියාත්මක වන ගුවන් විදුලි සන්නිවේදන සේවාව ස්ථාපනය කළේය. 1899 අග වන විට වයර්ලස් සන්නිවේදන ක්‍රමය සොයාගෙන ඒ සම්බන්ධයෙන් ඔහු පළමු පේටන්ට් බලපත්‍රය ලබාගන්නා ලදී. 1902 මාර්තු 22 වනවිට සෙවේරා විසින් ස්පාඤ්ඤය සඳහා වයර්ලස් ටෙලිග්‍රාෆ් හා දුරකථන සංස්ථාව බිහි කළේය.

මේ අයුරින් විවිධ අත්හදා බැලීම් කරමින් ගුවන් විදුලිය නිෂ්පාදනය කිරීමට මාර්කෝනි ඇපලු බොහෝ විද්‍යාඥයින් උත්සාහ ගනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ගුවන් විදුලි මාධ්‍ය බිහිවන ලදී. ගුවන්විදුලිය මානව සමාජයේ ප්‍රගතියට වාසියට යොදවා ගත හැකි බව අවධාරණය කළේ ඉංග්‍රීසි ජාතික ශ්‍රීමත් ඔලිවර් ලොජ්ය. එම ප්‍රකාශයේ නිරවද්‍යතාවය ලෝක ප්‍රජාව විශේෂයෙන්ම යුරෝපා ප්‍රජාව අවබෝධ කරගත්තේ ප්‍රථම ලෝක සංග්‍රාම අවධියේ දීය. හමුදා මෙහෙයුම්වලට විශාල දායකත්වයක් ලබා දීමට සමත් වීමත් සමගම මාර්කෝනි සමාගමේ නිෂ්පාදන කටයුතු බි්‍රතාන්‍ය නාවුක හමුදාවේ පාලනය යටතට පවරා ගත්තේය. මේ ආකාරයට ගුවන්විදුලි මාධ්‍යයේ ප්‍රභවය සිදු වී තිබෙන අතර පළමුවන මාර්කෝනි ගුවන්විදුලි වැඩසටහන 1922 පෙබරවාරි 14 වනදින ප්‍රචාරය විය. ඒ අනුව ගුවන් විදුලිය සොයා ගැනීමේ අයිතිය හිමිව තිබෙන්නේ ගුග්ලිමෝ මාර්කෝනි හටය.

නව සොයාගැනීම් සිදු කිරීම මගින් සොයාගත් ගුවන් විදුලිය කෙටි කාලයක් තුළ දී නව තාක්ෂණයේ අතුරු පලයක් ලෙස ලෝකය පුරාම ව්‍යාප්ත වන්නට පටන් ගන්නා ලදී. ඒ අනුව ලංකාවට ද ගුවන් විදුලි මාධ්‍ය හඳුන්වා දීමට එවකට මෙරට සිටි බි්‍රතාන්‍යය පාලකයන් පියවර ගනු ලැබූ අතර එමගින් විශේෂ පරිවර්තනයක් ලංකාවේ ඇතිවන ලදී. ඒ සෑම දෙයක් සඳහාම ගුග්ලිමෝ මාර්කෝනි විසින් ගුවන් විදුලිය සොයා ගැනීම බලපානු ලැබූ අතර ගුවන් විදුලියේ ව්‍යාප්තිය සිදුවූයේ මාර්කෝනිගේ ගුවන් විදුලිය හරහාය.

Thursday 28 June 2018





                           ශ්‍රී ලංකාවේ මාධ්‍යය නිදහස






මාධ්‍ය නිදහස යනු සිය පුරවැසියන්ට  සහ ඔවුන්ගේ සමාගම් වලට මෙන්ම ප්‍රවෘත්ති වාර්ථා කරුවන්ට සහ ඔවුන්ගේ ප්‍රකාශනවලට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට රජය දී ඇති ඇපයයි ප්‍රවෘත්ති එකතු කිරිම සහ ජනතාව අතර බෙදා හැරීමට සහ තොරතුරු ලබාගැනීමට යැමේදී මෙය අදාල වේ. බොහෝ රටවල මෙය ආරක්ෂාව සඳහා ව්‍යවස්ථානුකුල හෝ නිතියට යටත්ව පවතී. රජයේ නිදහස් මහජන මාධ්‍යක් මගින් එහි පුද්ගලයින් සහ ඔවුන්ගේ සංගම් ප්‍රවෘත්ති එක්සත් කිරිමේ සංවිධාන සහ ඔවුන් නිකුත් කරන වාර්තාවලට සහතික විය යුතු වේ.

අවංක ලෙස ජනමාධ්‍ය ක්ෂේස්ත්‍රය තුළ සිය අරමුණු හා වගකීම් වටහාගෙන ආචාර ධර්මානකූලව සත්ය නිවැරදි හා සමබර පුවත් ගවේෂණාත්මතව ඉදිරිපත් කරමින් විශ්වසනීයත්වයෙන් යුතුව ග්‍රාහක ජනතාව දැනුවත් කරමින් ජනමාධ්‍යයේ උතුම් පරමාර්තය සුරක්ෂිත කරන මාධ්‍ය ආයතනවලට හා මාධ්‍යවේදින්ට අද දෙයාකාරයක තර්ජනවලට මුහුණ දීමට සිදු වී තිබේ. මාධ්‍ය නිදහස සමග පැවරෙන ජාතික වගකිමක් තිබේ. බුද්ධයෙන් හා රසවින්දනයෙන් ජන සමාජය ඉහළ දැමීම ලෙස  දැක්විය හැකිය එනම් මාධ්‍ය භාවිතය හැම විටම ජනතාව සිතන පතන විදිහට වඩා ඉදිරියෙන් විය යුතුයි.

චිත්‍රපටය, ගීතය, ලේඛනය හා ජන මාධ්‍ය ආදී වශයෙන් කියැවෙන මේ මාධ්‍ය නාමිතය ගත් කල නිදහසට පෙර සහ පසු කියන කාලවකවානු කැපීපෙනෙන වෙනසකින් යුතු වෙයි. මෙයින් ජනමාධ්‍ය ලෙස හැඳින්වෙන පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය ගැන පමණක් මෙහිදී අවධානය යොමු කිරීම වැදගත් වේ. රටේ සිව්වැනි ආණ්ඩුව තරම් පිළිගැනිමට බලයක් සහිත වන ජනමාධ්‍ය භාවිතය හා එහි අරමුණ සම්බන්ධයෙන් ලොව පිළිගත් විවිධ නිර්වචන තිබෙන නමුත් මාධ්‍ය නිදහස පිළිබඳව ස්ථිර අදහසක් දක්නට නොලැබේ.

නිදහසට පෙර ජනමාධ්‍ය ගැන සලකන කල විශේෂයෙන් කැපී පෙනෙන්නේ පුවත්පතයි. ලෝක ප්‍රවනතා හා ව්‍යාපාර ලෝකය ඉලක්ක කරමින් මුල් යුගයේ බිහිවන ඉංග්‍රීසි පුවත්පත් දෙස බලාගෙන සිංහල පුවත්පත් කර්මාන්තය බිහිවන අතර එහි අන්තර්ගතය ජාතික නිදහස, ජාතික පිබිදීම යන දේශපාලන පෙළගැසීම් සමග ගැළපී යයි. සිංහල බෞද්ධ ජාතිකත්වය ඇහැරවීම සඳහා පුවත්පත් නිර්මාණය වන්නට විය.

1973 ලේක්හවුස් රජයට පවරාගැනීම නිදහසට පසු යුගයේ පුවත්පත් ඉතිහාසයේ වැදගත් සංදිස්ථානයකි. ඒ සමග පුවත්පත කෙරෙහි වූ දේශපාලන බලපෑම තවදුරටත් තහවුරු කෙරෙන අතර ඊට සාපේක්‍ෂව මාධ්‍යන්ගේ පැවති ස්වාධීනත්වය ගිලිහී යාම සිදුවීම දක්නට ලැබිණි. බලයට පත් ආණ්ඩුවේ කැමැත්ත පමණක් පිළිබිඹු වීමට මාධ්‍ය එළිපිටම යට වන්නේ මෙතැන් සිටය. ක්‍රමානුකූලව මෙරට මාධ්‍ය භාවිතය වගකීමෙන් තොර වූවාට අමතරව පටු සීමාවක රැදෙන්නට වීම නිසා ආණ්ඩුවේ කැමැත්ත එයින් එළියට ගන්නට උත්සාහ දැරීමක් දක්නට ලැබිණි. මෙරට මාධ්‍ය භාවිතය රටක් ජන සමාජයක් ඉදිරි ගමනකට යොමු කර වන්නට තරම් ප්‍රබල විය යුතුය.

1983 ජුලි කලබලයය හා 89 භීෂණ සමය වෙතින් මුර පහරක් එල්ල වනතුරු ජාතික සංහිදියාවට මුල පුරන හිතේ සංසිදීම සැලසු ප්‍රධාන මාධ්‍ය වූයේ සිංහල ගීතයට මුල්තැන ලබාදුන් ගුවන්විදුලියයි. දේශපාලන මුලට ගෙන ජාතික ගුවන්විදුලිය ද එතෙක් රැකගෙන ආ වගකීමද අතහැරිණි. පුවත්පත් මාධ්‍ය සමග ජාතික ගුවන්විදුලියද රාජ්‍ය බලපෑමට හසුවීම දක්නට ලැබිණි.

1994 වසර මෙරට මාධ්‍ය භාවිතයේ තීරණාත්මක සංධිස්ථානයකි. දේශපාලනයන් තම ඡන්ද බල ප්‍රදේශයට මත්පැන් අලෙවි බලපත් නිකුත් කරන මට්ටමින් විද්‍යුත් මාධ්‍ය සඳහා බලපත්‍ර නිකුත් වන්නේ මේ සංදිස්ථානයේ සිටය. ඒ ඉඩ දීම හඳුන්වන්නේ මාධ්‍ය නිදහස යනුවෙන් නම් එම දැළි පිහිය මුදාහැරියේ වගකීමක් නැති දේශපාලන ව්‍යාපාරික කල්ලියක් අතට බව සිහිපත් කළ යුතුය. මාධ්‍ය භාවිතය තුළ නූතනයේ දිගින් දිගටම මාධ්‍ය නිදහස ඉල්ලයි. එහෙත් නිදහස සමග පැවරෙන වගකීම පිළිබඳව නොසලකයි.

ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබඳව කතා කිරීමේදී මෙරට එවැනි නිදහසක් තිබේද යන්න පිළිබඳව ගැටලුවකි. ලාංකීය මාධ්‍ය ජාලය තුළ ස්වාධීනව ක්‍රියා කිරීමට ඉඩකඩක් ලැබී තිබෙන්නේද යන්න තවත් කුකුසකි. ඒ ඒ කාල වලදී බලයට පත්වන රජයන්ගේ පාලනයට යටත් වීමට බොහෝ විට ලාංකීය මාධ්‍යන්ට සිදුවී තිබේ.

ඒ අනුව,
- පුවත්පත් සීල් තැබීම
- පුවත්පත් තහනම් කිරීම
- මාධ්‍ය ආයතනවලට පහරදීම
- මාධ්‍යවේදීන් ඝාතනය කිරීම
- මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම
- නාලිකා වාරණය කිරීම

ආදී විවිධ ක්‍රියාමාර්ග ගැනීම ඔස්සේ මාධ්‍ය නිදහස අවම වීමක් දක්නට ලැබේ. මාධ්‍ය නිදහසක් මෙරට දක්නට තිබේද යන්න ගැටලුවකි. මෙවැනි මර්ධනකාරී ක්‍රියා පිළීවෙත් අනුගමනය කරන මෙරට රාජ්‍යන් තුළින් මාධ්‍ය නිදහසක් බලාපොරොත්තු විය හැකිද? මේ අනුව ලංකාවේ මෙම නිදහස පිළිබඳවත් එයට එල්ලවන ගැටලු පිළිබඳවත් ලැංකික මාධ්‍යවේදීන්ගේ හඬ නැගීම දක්නට ලැබේ.




Saturday 23 June 2018


           

                      මගේ රත්තරං අම්මා....

   

මගේ අම්මාගේ ශ්‍රෝණි මේඛලාව පුළුල් වූයේ ඈට සුන් සුන්දර නිතඹක් මවන්නට නොව, මට සුව උකුල් යහන තනන්නට. ඈ ඇගේ රුධිර කේශනාලිකා සිසාරා දිවගිය ඔක්සිජනීකෘත රුධිරය ක්ෂීර ධාරාවක් බවට හැරවූයේ මාගේ අනාගතයට මා සරු ජනිතයකු කරන්නට ය.  ඈ තුනු සපුව පියරුලා සරසන හෝරාවන් වෙන් කළේ මා සනසන නැලවිලි ගී කියන්නට ය. ඈ මට මගේ ජීවිතේයේ අරුම තිඹිරි ගෙයිදීම හිමිකර දෙන්නට හැම රැයකම,  හැම උදයකම ඈ සතු සියළු වෙර වීරිය යොදන්නට මදකුදු පැකිලුණේ නැත.   මා සෘජු කශේරුකාවකට හිමිකම් කියන සවිබල දෙපා ජීවියෙක් බවට හරවන්නට ඇගේ සකලවිධ මනෝභාවයන් මා වෙතට ගාල් කර තැබුවාය.
                          ඈ මගේ රත්තරං අම්මා ය.

 නුඹ...

      අන්තරාභිජනනය මගින් සරු ජනිතයන් බිහි කරන හුදෙක් ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියකට ඔබ්බෙන් වූ අතිශය අමානුෂික, අතිශය සංවේදී කාර්යභාරයකට උරදෙමින් මා මෙලොවට ජනිත කළ බව  මම දනිමි. නුඹ මා මෙලොවට බිහි කළේ බිහිකළ යුතු නිසා නොව,  නුඹ මගෙන් සරු ලොවක් ප්‍රාර්ථනා කළ බැවිනි. ඔබේ සුසුමක රිද්මය නුඹ කුස තුල කළලයක ව සිටි කාලයේ පටන් මාගේ හදවතේ රිද්මය හා  අතිච්ඡාදනය වූ බව මම නිරායාසයෙන් අවබෝධ කරගෙන සිටිමි.  නුඹත් මාත් බැඳී සිටී  පෙකිනි වැල අකාරුණික දොස්තරයකු ගේ සැත්කම් පිහියෙන් විච්ඡේදනය කළ අවාසනාවන්තත හෝරාවේදී  නුඹ මා කෙරෙන් මන්ද දුරස් වූ බව මට දැනුනි.  එහෙත් නුඹ දැන දැනම එයට ඉඩ දුන්නේ  මා අනන්‍ය ජීවියකු වශයෙන්  වෙන්කොට හඳුනාගත යුතු නිසාබව දැන් මට වැටහේ.

     මම රජෙක් නොවන බව මම දනිමි. ඒත් අම්මට මම රජෙක් උවුණා. ඔව් අම්මේ මමරජෙක්  වෙනවා මයි. මගේ අප්පච්චී උපතින්ම රජකම් නොකෙරුවත්, පරම්පරාවෙන් මට එය උරුම නොවුනත් මම රජවී ඔබේ  බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කරන්නෙමි.

 ‘මා නුඹ දකින මගේ රූපය නොඹේ නෙත් අගට නොගෙනෙන්නේ නම් මා නුඹේ දෝණී වූයේ ඇයි අම්මේ’






ඩිජිටල් තාක්ෂණය සිනමාවට බලපාන අයුරු


 ඩිජිටල් තාක්ෂණය මේ වන විට මිනිසාගේ දෛනික ක්‍රියාදාමයේ සියලු පාර්ශවයන් ග්‍රහණයට ලක් කරමින් පුළුල් පරාසයක් ඔස්සේ විහිද ගොසින් ය. ජංගම  දුරකථනයේ සිට සෑම තාක්ෂණික උපකරණයක් දක්වාම පැතිර ගොස් ඇති ඩිජිටල් තාක්ෂණය නිසා මාධ්‍ය ලෝකය තුළද විවිධ ප්‍රමිතීන් ඔස්සේ වේගයෙන් වෙනස්වන සන්නිවේදන ජාලයක් බිහිව වී තිබේ.

 මුද්‍රිත මාධ්‍ය මෙන්ම ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ද යැපීම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු වනු පෙනේ. සිනමාව සම්බන්ධයෙන් වන ඩිජිටල් හා තාක්ෂණික ආගමනය සිනමා සංස්කෘතියේ හා ප්‍රේක්ෂකත්වයේ සිදුකල වෙනස්කම් මොනවාද යන්නත් ඒවා දේශීය සිනමා කර්මාන්තයට කවර ආකාරයක වබලපෑමක් ඉටු කර ඇතිද යන්නත් කාලීන අවධානයට බඳුන් විය යුත්තකි. මේ වන විට දේශීය සිනමා කර්මාන්තයේ  නිෂ්පාදන හා පසු  නිෂ්පාදන කටයුතු සඳහා ඩිජිටල් හා තාක්ෂණය සැලළකිය යුතු තරමකට යොදා යොදා ගන.

 ඒ හා සමගාමීව එයට යොදා ගන්නා උපකරණ බොහෝමයක් ම ඩිජිටල් තාක්ෂණික උපකරණ හේතුකොටගෙන ප්‍රේක්ෂකයා වෙත ඉතා රමණීය අයුරින් සිනමා නිර්මාණ ඉදිරිපත් කිරීමට සිනමා නිර්මාණකරුවන් සමත් වී තිබේ. නිෂ්පාදන ක්‍රියා ක්‍රියාවලියට මෙන්ම සිනමාවේ ඩිජිටල් තාක්ෂණික ප්‍රවේශය ප්‍රේක්ෂකත්වය ටද ද සිනමා කර්මාන්තයට ද විවිධ බලපෑම් ඇති කොට තිබේ. එකී බලපෑම්  පරිකල්පනාත්මක, ව්‍යවහාරාත්මක, වින්දනාත්මක වශයෙන් සිදුව ඇති  බව හඳුනාගත හැකි ය. එසේම  සිනමා ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික වෘතීය  හැඩහුරුකම් ද ඩිජිටල් තාක්ෂණික නවීකරණය හේතුවෙන් වෙනස් වී තිබේ.

 සිනමාවේ ජීවය ප්‍රේක්ෂකයා. ප්‍රේක්ෂකාගාරයෙන් තොර සිනමාවක් නැත.  ඩිජිටල් කරණයත් සමග සිනමා ප්‍රේක්ෂකත්වය හඳුනාගන්නේ කෙසේද යන්න විමසීමේදී ප්‍රක්ෂේපන ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමු කළ යුතුය. දේශීය සිනමාව තුළ ප්‍රක්ෂේපණ ක්‍රියාවලිය වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතී. කොළඹ අවට සිනමා ශාලා සියල්ලම පාහේ ඩිජිටල්කරණය වී ඇති අතර ඒ ඔස්සේ නව සංස්කෘතියක් ගොඩ නැඟී ඇත. සිනමා ශාලා ඩිජිටල් කරණය වුවත් ඒවායේ ප්‍රමිතියය සම්බන්ධයෙන්යෙන් විවිධ ගැටලු පැන නැඟී තිබෙි. එක් එක් සිනමාශාලාව යොදාගන්නා ප්‍රක්ෂේපණ යන්ත්‍රය හා තිරයේ ගුණාත්මක භාවය අනුව ප්‍රේක්ෂකයා වෙත රැගෙන යන රූපයේ ගුණාත්මක භාවය ද විවිධ අඩු වැඩි වීම් වලට ලක්වේ.

ඩිජිටල් තාක්ෂණයත් සමග ලෝකකයේ මෙන්ම දේශීය සිනමා කර්මාන්තය තුළද සීඝග්‍ර ලෙස කුඩා සිනමා ශාලා වර්ධනය වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. මේ නිසා ප්‍රධාන සිනමා ශාලා වෙත ප්‍රේක්ෂකත්වය අඩුවී වීමක් දක්නට ලැබේ. කුඩා  සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය කරනු ලබන්නේ බොහෝ සෙයින් ආනයනික චිත්‍රපටය වන බැවින් දේශීය ප්‍රේක්ෂකයාට විදේශීය සිනමාව වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලැබී ඇත. එමෙන්ම එමගින් දේශීය සිනමාව සඳහා ඍජු බලපෑමක් සිදුවන බව දැකගගත හැකිය. ඩිජිටල් කරණය සමග නව මාධ්‍ය ඔස්සේ විත්‍රපට නැරඹීමට හා ලබා ලබා ගැනීමට හැකි වී තිබේ. මේ නිසා ප්‍රේක්ෂකයා සිනමා ශාලාව වෙත යාම ප්‍රතික්ෂේප කොට ඇත. එසේම දුරකථන මගින් චිත්‍රපට නැරඹීම සඳහා වෙන් වූ මෘවූ මෘදුකාංග හඳුන්වාදීම ඔස්සේ ජංගම දුරකථනයෙන් ප්‍රේක්ෂකයා සිනමාව ඇසුරු කිරීමට යොමු වී ඇතබෙි  ඒ අනුව ප්‍රේක්ෂකයා කුඩා තිරයකට සීමා වීම දැකගත හැකිය. විශාල තිරයක ප්‍රක්ෂේපිත රූප සිනමාව ලෙස හඳුනා හඳුනාගත් ප්‍රේක්ෂකයා ඒ තුළින් විඳි දැවැන්ත සිනමාත්මක අත්දැකීම්ක් ජංගම මාධ්‍ය හා නව මාධ්‍ය විසින් ආක්‍රමණයය කොට ඇත.

 අනතර්ජාලය ප්‍රමුඛ නව මාධ්‍ය චිත්‍රපට නරඹන තරුණ ප්‍රේක්ෂකයා නිරන්තරයෙන් විදේශීය සිනමාවට සමීප වේ. එබැවින් සිනමා ශාලා ප්‍රමිතිකරණය ඩිජිටල්කරණය කළ යුතුය. එමෙන්ම ඩිජිටල් සිනමාවෙන් වාසි ලැබීමට නම් සිනමා ශාලා විශාල ප්‍රමාණයක චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා අවකාශ සැලසීම වැදගත්ය. සිනමා ප්‍රකාශන ඔස්සේ අධ්‍යක්ෂවරයා ප්‍රේක්ෂකයාව ආමන්ත්‍රණය කළ යුතුය. එහිදී  තාක්ෂණය මාධ්‍ය ලෙස යොදා ගනු ලැබුවද මාධ්‍ය මත යැපීම සිදු නොවීමට කටයුතු කිරීම වැදගත් වේ. තාක්ෂණය මත පමණක් යැපෙන චිත්‍රපට නිරන්තරයෙන් ප්‍රේක්ෂකයා ප්‍රතික්ෂේප කිරීම් මෙයට හේතුවයි. ඒ අනුව ඩිජිටල්කරණය සිනමාවට යොදා ගැනීමේදී එය වාසිදායක ලෙස යොදා  ගැනීමට වගබ බලා ගත යුතුය.

     

           
             පියාපත්...



 පියාඹන්නට පියාපත් මට
 හදා දුන්නේ ඔබම වූ කොට
 මේ තරම් දුර පියාඹන්නට
 මොටද කිසිවෙකු මගේ තනියට...
 තනි රකින බව කොතෙක් කීවට
 සෙවනැල්ල වත් ළඟින් නැති කොට
 හිත පුරා ඇති පැතුම් ගොන්නට
 හිමිකමක් කිව හැකිද ඔබ  හට...
 ජීවිතය දන්නවයි කීවට
 පොලොළොවේ ජීවත් වෙලා නැතිකොට
 අහසේ පාවෙන වලාවක් සේ
 අජීවී වස්තුවකි  ඔබ මට...
 ආදරය යැයි  ඔබ සිතුවාට
 ඉන් බිඳක් වත් මට නොදුන්නොත් කොට
 ආදරය කර තිබෙන්නේ ඔබ
 ඔබටමයි මට නොවෙයි කිසිවිට...

Thursday 14 June 2018

              

                   මිනිසත්කම...

කෙනෙකගේ දුක නොහදුනන නුඹ
ඔහුගේම සතුට හදුනා ඊර්ෂයා කරයි
කෙනෙකුට වෙනස්කම් කරන නුඹ
ඔහුගේම සාධාරණය දැක
නොහැගුනා සේ හිදී ...
තමාට දුකක් විපතක් නොවන සේ සිටින නුඹ
දවසක විදවයි...
අන් අයගේ දුක් කරදරයන්ට
යටි සිතින් සිනා සී ඔච්චම් කලාට...
බලතල නිලතල නැහැ හැමදින
කාටත් උරුමයි දුක් කරදර...
කාටත් ඇත සුන්දර සිහින
තේරුම් අරන් මනුසත්කම
අත්හරිනු තිරිසන් ගති
දායාද කරනු ලොවට
පිවිතුරු මිනිසත් කම්...

Saturday 9 June 2018



තනි වූ සිත....



 පායනා සද සේම
 රෑ වෙලා ඔබ එන්න
 තනි යහන සරසන්න
 සුදු ඉද්ද මල් එක්ක
 පාළුවෙන් මග බලන
 තනි වෙච්ච මේ හිතට
 නුබේ සිනා මුතු මෙන්ය
 මතු දිනෙක මගෙ වෙන්න
 කාලයක් දුක් වින්ද
 වාරයක් යලි එයිද
 ජීවිතය යලි ලියන
 අළුත් පැතුමන් සමග

Thursday 7 June 2018




             ලංකාවේ පුවත්පත් කාටුන් කලාවේ ඉතිහාසය

       ලංකාවේ ජනමාධ්‍ය බිහි වීමෙන් අනතුරුව මුලු සමාජ සංස්ථාවම වෙනස් මගකට යොමු වීම දක්නට ලැබුණි. මෙරට පළමුව බිහි වු ජනමාධ්‍ය බවට පත් වී තිබෙන්නේ පුවත්පයි. පුවත්පත් මාධ්‍ය ආරම්භ වීමෙන් අනතුරව අනෙකුත් ජනමාධ්‍යයන් බිහි වීම දක්වට ලැබුණි. පුවත්පත් කලාව ආරම්භ වු මුල් කාලයේ දී එය වඩාත් දියුණු මට්ටමකට නොපැවති අතර ක්‍රම ක්‍රමයෙන් එය වඩාත් දියුණු වීම දක්නට ලැබිනි. ඒ අයුරින් පුවත්පතේ දියුණුවත් සමඟ එයට එක් වු සුවිශේෂි අංගයක් ලෙස කාටුන් නිර්මාණ තීරය දැකබලා ගැනීමට පාඨකයන් නොඉවසිල්ලෙන් බලා සිටීම දක්නට ලැබිණි. කාටුන් මගින් සමාජයට යම් පණිවිඩයක් සන්නිවේදනය වනවා සේම හාස්ය මුසු උපහාසයක් ඒ තුළ ගැබ් වී තිබීමද ඊට හේතුවයි.


“පුවත්පතක සම්පුර්ණ තීරුවකට වඩා වේගයෙන් හා මැනවින් අදහසක් චිත්‍රයක් ආකාරයෙන් මනසෙහි මවාපාන හෙයින් පුවත්පත් කාටුන් චිත්‍රය ප්‍රධාන කර්තෘ වාක්‍ය්‍යටද වඩා වැදගත් තැනක් ගනී. ශ්‍රී ලංකාවේ පළමු මුල්ම කාටුනය ලෙස සිංහල විශ්ව කෝෂයේ දක්වන්නේ දිණමින පුවත්පතේ පළමු ‘මුදලාලි’ නැමැති කාටුනයයි. 1931 ස්වදේශ මිත්‍රයා පුවත්පතම ජී. එස්. ප්‍රනාන්දු විසින් ඩොනමෝර් කොමිසමේ යෝජනා විවේචනය කරමින් කාටුන් අදින ලදී. ශ්‍රී ලංකාවේ දේශපාලන කාටුන් විධිමත්ව අරඹන ලද්දේ 1940 දී ය. කාටුන් චිත්‍රයකින් යම් විවේචනයක් හෝ අදහසක් හෝ ඉදිරිපත් කළ හැකිය. දේශපාලන කාටුන් ශ්‍රී ලංකාවට ගෙන එන ලද්දේ ඉංශ්‍රීසීන් විසිනි. ලංකාවට නිදහස ලැබීමත් සමඟ ඔබ්රි කොලම් ජී. එස්. ප්‍රනාන්දු, අමිත අබේසේකර, විජේසෝම වැනි දේශපාලන කාටුන් ශිල්පින් බිහිවිය. මෙරට පළමු පළමු දේශපාලන කාටුනය වුයේ ස්වදේශ මිත්‍රයා පුවත්පතේ පළමු කාටුනයකි. එය ජී.එස් ප්‍රනාන්දු කාටුන් ශිල්පියා අතින් නිර්මාණය වු කාටුනයකි.

ශ්‍රී ලංකාවම නිදහස ලැබීමෙන් පසු ඔබ්රි කොලම්, ජී එස්. ප්‍රනාන්දු, අමිත අබේසේකර, විජේසෝම වැනි දේශපාලන කාටුන් ශිල්පින් බිහිවුහ. කාටුනය ඔස්සේ නිදහස්ව අදහස් ඉදිරිපත් කළ කාටුන් ශිල්පීන්ට විවිධ තර්ජනයන්ට මුහුණ දීමට සිදුවිය. මෙය දැඩි ලෙස උපහාසයට ලක් කිරිමට කොලම් කාටුනයක් නිර්මාණය කරන ලදී. එහි දක්නට ලැබුනේ කටත් දැතත් බැද දැමු කාටුන් ශිල්පියෙකු කකුලෙන් චිත්‍ර අදින ආකාරය නිරුපනය කළ කාටුනයකි. කොලම් ඔස්ටේ්‍රලියාවේ හොඳම කාටුන් ශිල්පියා ලෙස  සම්මාන දිනා ගැනීම ද සිදුකරන ලදී. ලංකාවේ කාටුන් ශිල්පීන් මෙම කාටුන් මාධ්‍ය හරහා සමාජ විරෝධී ක්‍රියාවන්ට බරපතල ලෙස පහර දෙන්නට යොදා ගන්නා ලදී. සර් .ජෝන් කොතලාවල අගමැතිවරයාව සිටි සමයේ සත්ත්ව ගොවිපොළක් නරඹන අවස්ථාවේ කළ ප්‍රකාශයක් ඇසුරු කොටගෙන එවකට සිටි දක්ෂ කාටුන් ශිල්පියෙකු වු ජී. එස් . ප්‍රනාන්දු විසින් කාටුනයක් නිර්මාණය කොට තිබේ. අගමැතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ තමන්ටත්  එම ගොවිපොලෙහි ගොනෙකු වීමට තිබුණා නම් යනුවෙන් කළ ප්‍රකාශයකි.එම කාටුනය තුළ අගමැතිවරයා ගොනෙකු ලෙස ඇඳගෙන එළදෙනක් පිරිවරාගෙන සිටින දක්නට ලැබුණි. අගමැතිවරයෙකු වු ටී.බී. ඉලංගරත්න මහතා තමන් හාස්‍යට ලක් කර අඳින ලද කාටුන් පිළිබඳව ජී. එස්. ප්‍රනාන්දු කාටුන් ශීල්පියා හට කවියක් ලියා යවන ලදී.

“මං ගහන ගැයුමෙන්
ඔබට සැපතක් වේ නම්
තව තව තවත් ගහමින් 
සැපත ලංකර ගන්න යහමින් ” 
යනුවෙනි. ඉලංගරත්න මහතා ඇමති අසුන දිනාගත් පසු ඊට සුභ පතමින් තමන් වෙත එවා තිබු කවියට පිළිතුරු කවියක් ජී.එස්. ප්‍රනාන්දු විසින් යවන ලදී.
“ඔබ දිනුම ලද තැන
පවතී මිනිස් යහගුණ
ආදරය පිළිගෙන
බැනුම් අසමින් සිනාසෙනු මැන”

ලාංකීය කාටුන් කලාවේ ඉතිහාසය පිළිබදව විමසීමේ දී එයට මුලිකත්වය දක්වන ලැබු කාටුන් ශිල්පීන් පිළිබදවද සඳහන් කළ යුතුයි. මහජන මතයට ගරු කරමින් පාලක පක්ෂය විවේචනය කිරීම ජී. එස්.  ගේ කාටුන්හි අරමුණ විය. මෙම අරමුණ ඉටුකර ගැනීම සඳහා ඔහු කාටුන් චරිතයක් පාඨක ප්‍රසාදය ඉහළින් ලබා ගැනීමට සමත් විය . ජී. එස්. ගේ  කාටුන් තුළින් වඩාත් පහර කෑමට ලක් වුයේ සර් ජෝන් කොතලාවල, කොල්වින් ආර් ද සිල්වා, ටී. බී. ඉලංගරත්න... ආදී දේශපාලඥයින්ය.



1950 පමණ වනවිට වීජේසෝමයන්ද මෙරට පුවත්පත් කලාවට එක් වු දක්ෂ කාටුන් ශිල්පියෙකු විය. ඔහු විසින් නිර්මාණය කරන ලද ‘පුංචි සිංඤ්ංඤ් ‘ නම් චරාතය ජිවමානය . මෙම චරිතය තවමත් ජිවමානය මෙම චරිතය හරහා ඔහු පොදු ජනතාව නියෝජනය කළේය. මුලදී සම්පුර්ණ ජාතික ඇඳුමින් සැරසී සිටි පුංචි සිංඤ්ංඤ් සමාජ ක්‍රමයේ වෙනස් විම හා දේශපාලන ක්‍රමයේ පැවති පීඩිත බව නිසා උපන් ආර්ථිකයෙන් බැට කෑ පුද්ගලයකු බවට පත්විය. පසුකාලීනව ඔහු ඉරුණු ඇදුමෙන් සැරසුණු ශරීරයෙන් වැහැරී ගිය පුද්ගලයෙකු බවට පත් විය. දේශපාලන කාටුන් ශිල්පියාගේ පරම යුතුකම තම රටේ දියුණුව ඉලක්ක කර සිය කාටුන් නිර්මාණය කිරීමයි. එසේ නොකාරීම රටට කරන අපරාධයකි. යනුවෙන් කාටුන් ශිල්ප විජේසෝමයන් ප්‍රකාශ කරයි. 

මිනිසුන් සිනහා ගැන්වීම ඉතා අපහසු කටයුත්තකි. කාටුන් ශිල්පින් විසින් සිදු කරන ලබන්නේ එවැනි අපහසු බැරූරුම් කාර්යකි. කැම්ලස් පෙරේරා තමාගේ නිර්මාණ තුළින් පෙන්නුම් කොට ඇත්තේ එම හැකියාවයි. ලංකාවේ කාටුන් ශිල්පීන් අතර මධ්‍යස්ථ කාටුන් ශිල්පියෙකු ලෙස උපහාසයට ලක්කල යුතු තැන සැබෑ ලෙස උපහාසයට ලක් කොට ඇත. ප්‍රසංශා කළයුතු තැන ප්‍රසංශා කොට ඇත. කැම්ලස් පෙරේරා නම්  කාටුන් ශිල්පියා විසින් ජිවය දෙන විශාල කාටුන් චරිත නිර්මාණය කර තිබේ.  කාටුන් ශිල්පියා එක් එක් යුගයන්හි දේශපාලන වෙනස්වීම් පිළිබඳව තම කාටුන් මාධ්‍ය ඔස්සේ නිරූපණය කර ඇත.

“දේශපාලන කාටුන් චිත්‍ර ශිල්පින් කළ යුත්තේ දේශපාලනඥයින් සතුටු කිරීම නොවේ. දේශපාලඥයින්ගේ තිබු අඩු ලුහුඩුකම් පෙන්වමින් ජනතාවට සේවය කිරීමයි. කාටුන් ශිල්පියා මහජනයාගේ පැත්තේන් බැලිය යුතුය.”

යනුවෙන් ඇස්. සී. ඕපාත කාටුන් ශිල්පියා පවසයි.

සමාජයේ පංති භේදයකින් වයස් භේදයකින් තොරව රසවිදිය හැකි මාධ්‍යයක් ලෙස කාටුන් මාධ්‍ය පෙන්වාදිය හැකිය. වචන වලින් ප්‍රකාශ කළ නොහැකි බොහෝ දේ කාටුන් මගින් ප්‍රකාශකළ හැකි වේ. කාටුන් මගින් ඉදිරිපත් කරන්නේ හුදු හාස්්‍ය ලබාදිම නොව කාටුනයක් සමාජීය  ආර්ථික සංස්කෘතික සාධක ඔස්සේ සමාජයේ පෙනෙන නොපෙනෙන විවිධ වු දිශානතීන් කෙරෙහි පුද්ගල පරිකල්පන ශක්තිය මෙහෙයවන ලබයි . කාටුනය සමාජයේ කැඩපතක් සේ සමාජයේ විවිධාකාර වු සමාජ අවස්ථා නිරූපනයට යොදාගනී. ශ්‍රී ලංකාවේ පැවති තිස් අවුරුදු යුද්ධයේ කුරිරු බව කාටුන් මාධ්‍ය ඔස්සේ මනාව සන්නිවේදනය කළ ආකාරය දැකගත හැකි විය.

පුවත්පතක කාටුන් චිත්‍ර කිහිප ආකාරයකින් දැකිය හැකි වුවද මෙරට වඩාත් ජනප්‍රිය වී ඇත්තේ දේශපාලන කාටුනයි. වර්තමානය වනවිට මෙරට කාටුන් මාධ්‍ය දේශපාලනය හා සමීප සම්බන්ධතාවයක් ගොඩනැගී ඇති බවක් දක්නට ලැබේ. වෙනත් විශේෂාංගයන් තුළින් නොකියවෙන අදහස් වඩාත් ප්‍රබල ලෙස ඉස්මතු කර ගැනීමේ හැකියාව කාටුන් මාධ්‍යට පවතී. දේශපාලන ක්‍රියාවලින් සහ සමකාලීන සමාජයෙන් අත් විඳින්නට සිදු වු ක්‍රියාකාරකම් සහ දේශපාලන නායකයින්ගේ සුවිශේෂතා හදුනාගත් කාටුන් ශිල්පීන් ඔවුන් හාස්‍යට ලක් කරන ලදී.

1962 දී මායාදුන්නේ නම් කාටුන් ශිල්පියා ඇඳි අප්පුහාමි නම් දෙබස් නොමැති නිහඬ දිගු කාටුනයන්, 1964 දී බන්දුල හරි- ස්චන්ද්‍රයන් ඇඳි නිහඬ දිගු කාටුනයත් සාමාන්‍ය පොදු ජනතාවගේ සමාජ පසුබිම සහ ගති පැවතුම් පෙන්වා දෙන කාටුන් විය. 1964 දී ගිබ්සන් නම් කාටුන් ශිල්පියෙකු දිනමිණ පුවත්පතට තනි තීරුවේ පොකට් කාටුන් ඇඳ තිබේ. 1960 මුල් කාලයේදී “මොකො ්”නමින් දෙබස් කාටුනයක් පලවිය.
දේශපාලන වශයෙන් සමාජීය වශයෙන් හෝ රටේ කවුරුන් හෝ කරන වරදක් අසාධාරණයක් හෝ අයුක්තියක් ජනතාවට හෙලිදරව් කරනුයේ කාටුන් චරිත මගිනි. ලාංකිය කාටුන් ඉතිහාසයේ කාටුන් චරිත බවට පත් වු “අප්පුහාමි ” “රාළහාමි ” වැනි චරිත පුවත්පත් වල නිරූපනය වුයේ මීට දශක කිහිපයකට පෙර වුවද අදටද එහි අන්තර්ගත වු සමාජ යතාර්ථයන් රැකී ඇත. වර්තමානයේ දී ද “පුංචි සිංඤ්ඤෝ අප්පුහාමි ” සමාජයේ ජිවත් වන්නේ එදා කාටුන් ශිල්පීන් තම කාටුන් චරිත හරහා පෙන්වා දුන් සමාජ ප්‍රශ්න වර්තමානයට ද අදාල වන බව සනාථ කරමිනි.

1950 පමණ වනවිට කාටුන් චිත්‍ර කලාව ප්‍රබල ලෙස ශ්‍රි ලංකාවේ පුවත්පත් කලාව තුළට එකතු විය. වර්තමානය වනවිට ඇතැම් කාටුන් ශිල්පීන් තමන්ගේ පුද්ගලික දේශපාලන මතයට පුවත්පත් ආයතනයේ මතය නායෝජනය කරන බව දැකගත හැකි වේ. දක්ෂ කාටුන් ශිල්පියා සමාජ විවේචනයක් සමඟ ගැඹුරු අදහසක් පාඨකයා වෙත සමීප කරනු ලබයි.





                               පාරමිතාව...
හිතේ කවියක් ලියනවා ඔබ
ගඟක් වී එය ගලනවා
ආදරේ මකරන්ද පුරවා
මලක් වී එය පිපෙනවා
ඔබේ ආදරණීය ඇස් දෙක
ජීවිතේ ගිම් නිවනවා...

ගලින් ගල වැතිරෙමින් හඬාවී
සුසුදු පෙණ කැටි මැවූ සිහිනේ
ගඟට කෝමල සරැල් විය ඔබ
ඔබෙනි ගඟුළට නමක් ලැබුණේ...

ලහිරු හා හිනැහෙමින් අරුණේ
මලේ මල් මකරන්ද පිරුණේ
මිහිරි රොන්සුණු ගෙනාවේ ඔබ
ඔබෙනි මල්වල සුවඳ පිරුණේ...

   

රූපවාහිනී රියැලිටි වැඩසටහන් වල ආරම්භය හා විකාශනය




නාට්‍ය හා විනෝදාස්වාසය ඉලක්ක කරගත් පුළුල් පරාසයක පැතිරුණු වැඩසටහන් මේ ගණයට අයත් වන බව පෙන්වා දිය හැකිය. එනම් රූපවාහිනී  රියලිටි වැඩසටහන් යනු ප්‍රධාන රූපවාහිනී වැඩසටහන් ප්‍රභේදයකි. රූපයකට පවතින ශක්‍යතා මගින් පවත්වාගෙන යන තවත් එක් වැඩසටහන් වර්ගයකි. රූපවාහිනිය මගින් නිෂ්පාදනය කරන අනෙක් වැඩසටහන් වර්ග වලට වඩා විශේෂ ගති ලක්ෂණ රියලිටි වැඩසටහන් වල විශේෂයෙන් දැකිය හැකිවේ.


      රියලිටි යන වචනය මාධ්‍ය වෙත පැමිණෙන්නේ රූපවාහිනිය මාධ්‍යයේ  ස්ථාවර වීමටත් පෙර සිටය. පළමු රූපවාහිනී රියැලිටි වැඩසටහන ලෙස ගැනෙන්නේ ඇමරිකානු ගුවන් විදුලි සහ රූපවාහිනී වැඩසටහන් නිර්මාණකරුවෙකු වූ ඇලන් ෆස්ට් විසින් 1948 දී නිෂ්පාදනය කරන ලද ඇමරිකානු හාස්‍ය වැඩසටහනක් වන කැන්ඩිඞ් කැමරා වැඩසටහනයි. ඒ සඳහා ඔහු විසින් 1947 දී ඇමරිකානු විකාශන සමාගම් නිෂ්පාදනය කරන ලද කැන්ඩිඞ් මයික්‍රෆෝන් ගුවන් විදුලි වැඩසටහන යොදා ගන්නා ලදී. ලොව ප්‍රථමයෙන් විකාශනය වූ රූපවාහිනී රියලිටි වැඩසටහන ලෙස ඇලන් ෆස්ට් නිර්මාණය  කරන ලද කැන්ඩිඞ් කැමරා වැඩසටහන හඳුන්වනු ලැබූවත් ජන මාධ්‍යයක් සඳහා නිර්මාණය කරන ලද ප්‍රථම රියැලි වැඩසටහන ලෙස සැලකෙන්නේ ජෝ වැස්ටර්සන් විසින් 1945 දී මියුචුවල් ගුවන් විදුලි ජාලය වෙනුවෙන්  නිෂ්පාදනය කරන ලද දවසේ රාජිණිය නම් ගුවන් විදුලි වැඩසටහනයි. පසුව මෙම වැඩසටහන 1956 සිට 1960 දක්වා කාලය තුළ භඊක්‍ රූපවාහිනි නාලිකයව තුළින් විකාශනය විය.

      පළමු රූපවාහිනී රියැලිටි වැඩසටහන ලෙස සැලකෙන්නේ ඩෙනිස් ජේම්ස් විසින් 1946 වසරේ දී ඉදිරිපත් කරන ලද කෑෂ් ඇන්ඞ් ද කැරී වැඩසටහනයි. එම වැඩසටහන ඉදිරිපත් කිරීමත් සමඟ ප්‍රතම රියැලිටි රූපවාහිනී තරලකාරී වැඩසටහන ඉදිරිපත් කිරීමේ ගෞරවය ජේම්ස්ට හිමි විය.රූපවාහිනී රියැලිටි වැඩසටහන් පුළුල්ව අර්ථ දක්වන්නේ නම් තිර පිටපතකින් තොරව සාමාන්‍ය ජනතාව සහභාගි වන විනෝදාස්වාදී වැඩසටහනක් ලෙස හැඳින්විය හැකිය. එම වැඩසටහන් ආකෘතිය 1940 දශකයේ සිට පමණ පැවත යන්නකි. 1990 සහ 2000 යන දශක වල දී   රියැලිටි වැඩසටහන් ආකෘතිය  වෙනසකට බඳුන් විය. මේ කාල වකවානුව රියැලිටි වැඩසටහන් නිෂ්පාදනයේ උච්චතම අවස්ථාව ලෙස හැඳින්වේ. එහි දී රියැලිටි වැඩසටහන් වල මූලික හැඩයේ යම් යම් වෙනස්කම් ඇති විය. ඒ අනුව විනෝදාත්මක  භාවය ස්වරූපයේ රියැලිටි වැඩසටහන් වාර්තා වැසටහන් ස්වරූපයකින් ගත් රියැලිටි වැඩසටහන් නිෂ්පාදනය විය. 1960 1970 තුළ ලොව පුරා ඉතා ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් ආකෘතියක් ලෙස මෙම වැඩසටහන් ආකෘතිය ව්‍යාප්ත වන්නට විය.


     රූපවාහිනී රියැලිටි වැඩසටහන් අරබයා මෑත කාලීන පිබිදීම ඇති වූයේ 1991 නියුමර් 28 නැමැති ඕලන්ද නාටක මාලාවත් සමඟය. ඒ සමාගම රියැලිටි වැඩසටහන් 1990 ත් 2000 ත් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූයේ ආශ්චර්යමත් ලෙසිනි. එය විශ්වීය සාර්ථකත්වයට පත් වීයේ සයිවයිවර් සහ බිග් බ්‍රදර් නාටක මාලාව තුළින්. නව ආරක රියැලිටි රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන රැල්ලක් ලොව ආරම්භ වන්නේ යුරෝපය තුළිනි. ඇමරිකාව සහ ඇමරිකා රූපවාහිනී කර්මාන්තය තුළ පවතින රියැලිටි වැඩසටහන් ඊට පෙර යුරෝපය තුළ ආරම්භ කළ ඒවා බව දැකිය හැකි වේ. ලක්ෂපතියෙකු වීමට අවශ්‍ය කා හට ද  වැඩසටහන ඇමරිකාව ලබා ගන්නේ මහා බි්‍රතාන්‍යයෙනි. සර්වයිවර් වැඩසටහනේ මූලික අදහසද ඇමරිකානු රූපවාහිනී කර්මාන්තය ලබා ගනු ලැබුවේ ස්වීඩනයෙනි.
 

      එසේම බිග් බ්‍රදර් වැඩසටහන සඳහා සංකල්ප ලබා ගනු ලැබුවේ ඕලන්දයෙනි. ද මෝල්  වැඩසටහන ලබා ගන්නේ බෙල්ජියමෙනි. නමුත් දැනට ලොව ජනප්‍රියම රියැලිටි වැඩසටහන ලෙස බොහෝ විචාරකයන් හඳුන්වන්නේ ඇමරිකානු සී.බී.එස් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද සර්වයිවර්  වැඩසටහනයි. එය ලොව පුරා විවිධ රටවල රූපවාහිනිය මගින් විකාශ කොට ඇත. මෙලෙස රූපවාහිනී රියැලිටියේ ආරම්භය පෙන්වා දිය හැකි අතර ඒ සඳහා බපෑවෙත් එම වැඩසටහන් ජනප්‍රිය වූවේත් ලොව පුරා  ව්‍යාප්ත වූයේත් 
ජනප්‍රිය සංස්කෘතිකාංග සමගිනි.