පියාපත්...
පියාඹන්නට පියාපත් මට
හදා දුන්නේ ඔබම වූ කොට
මේ තරම් දුර පියාඹන්නට
මොටද කිසිවෙකු මගේ තනියට...
තනි රකින බව කොතෙක් කීවට
සෙවනැල්ල වත් ළඟින් නැති කොට
හිත පුරා ඇති පැතුම් ගොන්නට
හිමිකමක් කිව හැකිද ඔබ හට...
ජීවිතය දන්නවයි කීවට
පොලොළොවේ ජීවත් වෙලා නැතිකොට
අහසේ පාවෙන වලාවක් සේ
අජීවී වස්තුවකි ඔබ මට...
ආදරය යැයි ඔබ සිතුවාට
ඉන් බිඳක් වත් මට නොදුන්නොත් කොට
ආදරය කර තිබෙන්නේ ඔබ
ඔබටමයි මට නොවෙයි කිසිවිට...
No comments:
Post a Comment