Saturday 30 June 2018




                                   ලෝක ගුවන් විදුලි මාධ්‍යයේ ප්‍රභවය


එංගලන්තයේ ආරම්භ වූ කාර්මික විප්ලයත් සමඟ නව සොයාගැනීම් ලෝකය පුරා සිදු කරනු ලැබූ ගවේශණ හා පර්යේෂණවල ප්‍රතිඵල වශයෙන් මෙම නව සොයාගැනීම් සිදුකර තිබේ. ඒ අනුව පළමුව මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමෙන් ආරම්භ වූ නව නිෂ්පාදන වර්තමානය වනවිට නිම්වළලු සිසාරා දිවයින විශාල තාක්ෂණයක් කැටිකරගත් නිෂ්පාදනයක් ලොවට දායාද කරමින් සිටී. ඒ තාක්ෂණයේ දියුණුව් සමඟ සිදු වූ සොයා ගැනීමක් වශයෙන් ගුවන් විදුලිය පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර ඊට මූලාරම්භය සැපයූ ලෝක ගුවන්විදුලි මාධ්‍යයේ ප්‍රභවය පිළිබඳ සාකච්ඡා කළ යුතුය.

     
ගුවන් විදුලියේ ඉතිහාසය යනු තාක්ෂණය වර්ධනය වීමේ ඉතිහාසයයි රේඩියෝ උපකරණ බිහිකරගැනීම මෙහි ලක්ෂණයයි. භෞතික විද්‍යාඥයින් ගණනාවක් විසින් සිදු කරන ලද පර්යේෂණ හා ගවේෂණ ගණනාවක ප්‍රතිඵලයක් ලෙස ගුවන් විදුලියේ පරිණාමයේ ගමන් මග සකස්ව තිබේ. මුලින්ම රේඩියෝව වර්ධනය ආරම්භ වූයේ රැහැන් විරහිත ටෙලිග්‍රාෆ් තාක්ෂණයක් ලෙසයි. ගුවන් විදුලිය නිර්මාණය කිරීම සඳහා විවිධ පර්යේෂකයන් හා ගවේෂකයන් විසින් විවිධ සොයාගැනීම් හා අත්හදා බැලීම් සිදු කරන ලදී. ලෝක ගුවන් විදුලියේ ප්‍රභවය පිළිබඳ විවරණය කිරීමේදී එම සොයා ගැනීම් හා පර්යේෂණයන් පිළිබඳව ද සඳහන් කළ යුතුය.

මෙහිදී ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් විසින් ගණිතමය ප්‍රවේශයක් ඔස්සේ ඉදිරිපත් කළේ නිදහස් අවකාශයක් ඔස්සේ විද්‍යුත් චුම්භක තරංග ව්‍යප්ත කළහැකි බවයි. මේ අතර හෙයින්රිච් රැඩොල්ෆ් හර්ට්ස් සහ තවත් බොහෝමයක් පර්යේෂකයෝ රසායනාගාර මට්ටම් තුළ තරංග ව්‍යාප්ත කළ හැකි ආකාරයෙන් පෙන්වනු ලැබූහ. රේඩියෝව සොයා ගැනීමේදී විශාල සොයා ගැනීම් ප්‍රමාණයක් සිදු කරනු ලැබුවේ මාර්කෝනි විසිනි. 1895 දී මාර්කෝනි විසින් මීටර් 1.5 සිට කිලෝමීටර් 2.4 දක්වා ඇත. දුරකට සංඥා සම්ප්‍රේෂණය කළ හැකි රැහැන් විරහිත ක්‍රමයක් සකස් කළේය. මෙම මාර්කෝනි විසින් ඉදිරිපත් කළ පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස ඇන්ටනා කුළුණේ උස හා හතරැස් ස්වරූපයට සමානුපාතිකව තරංග සම්ප්‍රේෂනය කිරීම සීමාවන ආකාරය මාර්කෝනිගේ න්‍යාය ඉදිරිපත් කරමින් හඳුන්වා දුන්නේය.

මීට අමතරව 1900 දී රෙජිනෝල්ඞ් ෆෙසන්ඩන් විසින් වායු තරංග ඔස්සේ තමන්ගේ කටහඬ ඉතාමත් දුර්වල ආකාරයෙන් සම්ප්‍රේෂණය කර ඇත. එමෙන්ම 1901 දී මාර්කෝනි විසින් ප්‍රථම වරට සාර්ථක අන්දමින් අත්ලාන්තික් සාගරය ඔස්සේ ගුවන්විදුලි සන්නිවේදන කටයුතු අත්හදා බලා තිබේ. 1907 දී මාර්කෝනි විසින් ක්ලිෆ්ඩන් අයර්ලන්තය ග්ලේඞ් බේ සහ නිව්ෆචුන්ඞ්ලන්තය ඔස්සේ ප්‍රථම අත්ලාන්තික් කලාපය ඔස්සේ ක්‍රියාත්මක වන ගුවන් විදුලි සන්නිවේදන සේවාව ස්ථාපනය කළේය. 1899 අග වන විට වයර්ලස් සන්නිවේදන ක්‍රමය සොයාගෙන ඒ සම්බන්ධයෙන් ඔහු පළමු පේටන්ට් බලපත්‍රය ලබාගන්නා ලදී. 1902 මාර්තු 22 වනවිට සෙවේරා විසින් ස්පාඤ්ඤය සඳහා වයර්ලස් ටෙලිග්‍රාෆ් හා දුරකථන සංස්ථාව බිහි කළේය.

මේ අයුරින් විවිධ අත්හදා බැලීම් කරමින් ගුවන් විදුලිය නිෂ්පාදනය කිරීමට මාර්කෝනි ඇපලු බොහෝ විද්‍යාඥයින් උත්සාහ ගනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ගුවන් විදුලි මාධ්‍ය බිහිවන ලදී. ගුවන්විදුලිය මානව සමාජයේ ප්‍රගතියට වාසියට යොදවා ගත හැකි බව අවධාරණය කළේ ඉංග්‍රීසි ජාතික ශ්‍රීමත් ඔලිවර් ලොජ්ය. එම ප්‍රකාශයේ නිරවද්‍යතාවය ලෝක ප්‍රජාව විශේෂයෙන්ම යුරෝපා ප්‍රජාව අවබෝධ කරගත්තේ ප්‍රථම ලෝක සංග්‍රාම අවධියේ දීය. හමුදා මෙහෙයුම්වලට විශාල දායකත්වයක් ලබා දීමට සමත් වීමත් සමගම මාර්කෝනි සමාගමේ නිෂ්පාදන කටයුතු බි්‍රතාන්‍ය නාවුක හමුදාවේ පාලනය යටතට පවරා ගත්තේය. මේ ආකාරයට ගුවන්විදුලි මාධ්‍යයේ ප්‍රභවය සිදු වී තිබෙන අතර පළමුවන මාර්කෝනි ගුවන්විදුලි වැඩසටහන 1922 පෙබරවාරි 14 වනදින ප්‍රචාරය විය. ඒ අනුව ගුවන් විදුලිය සොයා ගැනීමේ අයිතිය හිමිව තිබෙන්නේ ගුග්ලිමෝ මාර්කෝනි හටය.

නව සොයාගැනීම් සිදු කිරීම මගින් සොයාගත් ගුවන් විදුලිය කෙටි කාලයක් තුළ දී නව තාක්ෂණයේ අතුරු පලයක් ලෙස ලෝකය පුරාම ව්‍යාප්ත වන්නට පටන් ගන්නා ලදී. ඒ අනුව ලංකාවට ද ගුවන් විදුලි මාධ්‍ය හඳුන්වා දීමට එවකට මෙරට සිටි බි්‍රතාන්‍යය පාලකයන් පියවර ගනු ලැබූ අතර එමගින් විශේෂ පරිවර්තනයක් ලංකාවේ ඇතිවන ලදී. ඒ සෑම දෙයක් සඳහාම ගුග්ලිමෝ මාර්කෝනි විසින් ගුවන් විදුලිය සොයා ගැනීම බලපානු ලැබූ අතර ගුවන් විදුලියේ ව්‍යාප්තිය සිදුවූයේ මාර්කෝනිගේ ගුවන් විදුලිය හරහාය.

1 comment: