තක්සලාව



මාධ්‍ය විචාරයේ සමාජීය අවශ්‍යතාව

        මාධ්‍ය විචාරය යනු සමාජයක  අහම්බයක් හෝ ව්‍යාජයක් නොවේ. එය පැහැදිලි ලෙසම සමාජීය අවශ්‍යතාව පදනම් කරගෙන ගොඩනැගෙන්නකි. දැනට ලෝකයේ පවතින සෑම මාධ්‍යකටම ඊට හිමි ස්වභාවයක් පවතින අතර එයට සරිලන සාක්ෂරතාවය එම මාධ්‍ය වටා සිටින ග්‍රාහකයන් විසින් එයට සරිලන සාක්ෂරතාව ඇති කර ගත යුතුය.  එම සාක්ෂරතාව සමාජයේ පුරවැසියනට පවරාදීමේ කාර්යට බොහෝ විට මාධ්‍ය සමග සම්බන්ධව සිටින මාධ්‍ය විචාරකයා  දායක වන්නේය.

       වර්තමානයේ අප ඇසුරු කරන බොහෝ මාධ්‍යන්හි පවතින සන්නිවේදනය සංකීර්ණ වූවකි. එහි මතු පිට අර්ථය මෙන්ම යටි අර්ථයද ඉතා සියුම්ව ක්‍රියාත්මක වීමක් දක්නට ලැබේ. ඒවායෙන් ප්‍රකාශවන අරුත් පිටුපස ඍජු පණිවිඩයක්ද,ඒ පිටුපස සිටින මාධ්‍ය නියෝජිතයන් හා මාධ්‍ය හිමිකාරිත්වය ඇතුළු බොහෝ අධිකාරිත්වයන් ක්‍රියාත්මක වේ. මාධ්‍ය මගින් ඉදිරිපත් කරන දෙයහි අරුත් නිපදවන්නේ ඊට අනුරූපවය. නමුත් මාධය ග්‍රාහකයා නිරන්තරයෙන්ම මාධ්‍ය මගින් ඉදිරිපත් කරන දෑහි දක්නට ලැබෙන එකී යටි පෙල අර්ථයන් සුවිශේෂීව ග්‍රහණය කර ගැනීමක් දක්නට නොලැබේ. එකී දුර්වලතාවය මග හරවා ගැනීම සඳහා ඔවුන්ට ඒ පිළිබඳව යම්තාක් දුරකට හෝ දැනුවත් කිරීමක් සිදු කළ යුතුය.මේ සඳහා මූලික මගපෙන්වීම සිදු කරනු ලබන්නේ මාධ්‍ය විචාර ක්‍රියාලිය මගිනි.

      මාධ්‍ය ක්‍රියාවලිය විවිධ අරමුණු හා න්‍යාය පත්‍ර ඔස්සේ වර්තමානයේ ක්‍රියාත්මක වීම දක්නට ලැබේ. එහෙත් එහි බලපෑම වර්තමානයේ බොහෝ විට සමාජයට එල්ල වීම දක්නට ලැබේ. මෙහිදී මාධ්‍ය විචාරකයා සමාජයීය වුවමනාවන් පෙරදැරි කරගෙන කරනු ලබන මැදිහත්වීම් කීප ආකාරයකින් මාධ්‍යයේ පෝෂනයට වැදගත් වි එසේ වන්නේ මාධ්‍යයේ විවිධ අංශ මාධ්‍ය විචාරකයාගේ අවධානයට ලක්වන බැවිනි.


      මාධ්‍ය විසින් විසරණය කරනු ලබන සන්දේශ වල උචිත අනුචිත බව ඒ සඳහා යොදා ගනු ලබන සන්දේශයේ මාධ්‍ය භාවිතය හෙවත් සංදේශන ක්‍රියාවලියේ ගුනාත්මක බව යනාදිය මාධ්‍ය විචාරකයා විසින් විමසිල්ලට ලක් කරනබ් ලැබේ. මාධ්‍ය විචාරකයා මාධ්‍ය ක්‍රියාවලිය වක්‍ර ලෙෂ මෙහෙයවන්නෙකි. මාධ්‍ය විචාරය නිසා ග්‍රාහකයාට මාධ්‍ය සන්දේශවල යටි අර්ථය හදුනා ගැනීමට මෙන්ම මාධ්‍ය ග්‍රාහකත්ව කුසලතා වර්ධනය කර ගැනීමටද ඉඩ තිබේ.

       එමෙන්ම මාධ්‍ය ක්‍රියාකාරිත්වය අගයන්නන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට ද මාධ්‍ය විචාරය මගපෙන්වීම සිදු කරයි. රජය මෙන්ම විවිධ ආයතනද විවිධ මාධ්‍ය ක්‍රියාකාරිත්වය ඇගයීම සඳහා විවිධ මට්ටමේ ක්‍රියාකාරකම් වර්තමානයේ දියත්කර ඇත. රාජ්‍ය සාහිත්‍ය උළෙල, රාජ්‍ය නාට්‍ය උළෙල, ජනාධිපති සම්මාන උළෙල, පුවත්පත් කලාවේදී සම්මාන උළෙල එවන් ඇගයීම් අවස්ථාවනට නිදසුන් වේ. මේ සියලු ඇගයීම් උළෙලවලදී ඒ සඳහා තීන්දු ගනු ලබන්නේ මාධ්‍ය විචාරකයන් විසිනි. එහිදී එම භාවිතයන් පිළිබඳ එතෙක් එළි දැක ඇති විවිධ මාධ්‍ය විචාරයන් කෙරෙහිද අවධානය යොමු වේ.

         ඉහත කරුණු අනුව මාධ්‍ය විචාරය නිසා මාධ්‍ය ලෝකය තුළ ඇති බොහෝ මාධ්‍ය සන්දේශ අතර සුවිශේෂ ප්‍රයත්නයන් ඔසවා තැබීමක්ද සිදු වේ. මෙමගින් මාධ්‍ය විචාරයේ වැදගත් කම සමාජයට අවබෝධ වන බැවින් එය ප්‍රබල සමාජ අවශ්‍යතාවක්ද වනු ඇත.




7 comments: