HOME




                                  ජනප්‍රිය සංස්කෘතිය දේශීය වශයෙන් ව්‍යාප්තවීම.



විසිවන සියවසේ මැද භාගයේ දී ඇමරිකාව හා යුරෝපය කේන්ද්‍ර කොටගෙන පැතිරුණ පොප්  සංගීතය පදනම් කරගෙන බිහිවූවවක් ලෙස ජනප්‍රිය සංක්ලය සැලකේ. රෙගේ සංගීතය, රොක් සංගීතය, ඇබා, බොනියල් සංගීතය, නානා බොස් කබ්රි එල්විස් ප්‍රෝලසේ සිට මැඩෝනා, මයිකල් ජැක්සන් දක්වා බටහිර සංගීතයේ විකාශනය ජනප්‍රියසංගීතයට ඇතුළත් වේ.

යුරෝපා සංස්කෘතියෙන් බිහි වූ මෙම කලා සම්ප්‍රදායෙන් පසු කාලීනව  විවිධ රටවල රිද්මයක් බවට පරිවර්තනය වූ ආකාරය දැකිය හැකිය.  ඒ අනුව පෙරදිග ලෝකයේ දී    විවිධ රටවල ජනප්‍රිව කලාය ව්‍යාත් වන්නට විය.

      දේශීය සමාජ සංස්කෘතිය තුළ බටහිර ජනප්‍රිය අංග ප්‍රවේශ වන්නේ කාලව, සාහිත්‍යය සංගීතය, තුළම පමණක් නොවේ. දේශීය ජන සමාජයේ සමස්ත චර්යාවන් තුළම එම ප්‍රවණතාව දැකිය හැකිය. බි්‍රතාන්‍යන් විසින් ලංකාව යටත් කර ගැනීමේ වකවානුවේ සිට දේශීය සංස්කෘතියට බටහිර ජනප්‍රිය සංස්කෘතිකාංග අඩු වැඩි වශයෙන් මිශ්‍ර නොවූයේ යැයි පැවසිය නොහැක. නූතන තාක්ෂණික දායාදයන් සමග බිහි වූ ජනමාධ්‍යයන් නිසා මෙබඳු සංස්කෘතික මිශ්‍රණය පැතිරීම වඩාත් වේගවත් විය. එහි ප්‍රබල බලපෑම දැකිය හැක්කේ දේශීය සමාජ, ආර්ථික රටාවේ පරිවර්තනයත් සමගයි. මේ පරිවර්තනය සිදු වූ 1978 වර්ෂයෙන් පසුව විවෘත වෙළඳපොළ බලවේග මත සංස්කෘතික සාධක තීරණය වූ ආකාරය අනුවය.

     නූතන දේශීය ජනප්‍රිය තලයන් බිහිවන්නේ නිදහස් වෙළඳ ප්‍රතිපත්ති හඳුන්වාදීමත සමඟය. වාණිජ ප්‍රචාරණය අරමුණු කරගෙන ජනතා මනෝ භාවයන්ට ඇමතීමක් වේ. මේ ජනප්‍රිය කලාවේ ස්වභාවයයි. ඒ සඳහා උපයෝගී කරගනු ලබන ප්‍රධානතම වාහකය වන්නේ ජනමාධ්‍යයි. විවෘත ආර්ථිකයේ ප්‍රතිඵලයක් ලෙස දේශීය ජනයාගේ චර්යාවන්, ආකල්ප හා භාවිතයන් නවීකරණය විය.

ජනප්‍රිය සංස්කෘතිය ලෙස නූතන විචාරකයන් අතර සාකච්ඡා වන්නේ බහුතර ජනකොටසකගේ පිළිගැනීමට පාත්‍ර වූ සංස්කෘතිකාංගයි. මෙරට ජනමාධ්‍ය තුළ ද වඩා ප්‍රමුඛතාවක් හිමිව තිබෙන්නේ සුලුතරයක් වූ විදග්ද පිරිසකගේ අවශ්‍යතාවයන් මතය. සාමාන්‍ය කලාකරුවන්ට මාධ්‍යයේ දොරටු විවෘත නොවීය. දේශීය ජන විඥානයට සමීප වූ ජනප්‍රිය සංස්කෘතික සංකල්පය සම්භාව්‍ය සංස්කෘතික උරුමයන්ට ප්‍රතිවිරෝධාත්මක ලෙස පැන නැගුණු බව පැවසිය හැකිය. නූතනයේ සම්භාවය නොවන දේ ජනප්‍රිය යන භාවිතයෙන් හඳුන්වන බවක් පෙනේ. එහි ගති ලක්ෂණ ලෙස සරල රසවින්දනය හා වඩාත් සිත් ගන්නා සුලු බව හඳුනා ගත හැකිය.


කෙසේ වුව ද ජනප්‍රිය සංස්කෘතියේ මූලික මතවාද බිහි වන්නේ 1950 දශකය තුළය. දේශීය බුද්ධිමතුන්
විසින් සාකච්ඡා කෙරෙන ජනප්‍රිය සංස්කෘතිය 1987 වර්ෂයේ සරත් අමුණුගම මහතා විසින් ඇරඹු කනත්තේ සංස්කෘතිය  පිළිබඳ සංවාදයෙන් ඇරඹි බව පිළිගැනේ. සංගීතය හා සංස්කෘතියට සම්බන්ධව මෙම විවාදය ආරම්භ විය. සංස්කෘතික වීරයෙකු ලෙස සුප්‍රකට ගායකයෙකු වූ එච්. ආර්. ජෝතිපාලගේ ප්‍රතිරූපය තක්සේරු කිරීමට උත්සහ ගන්නා ලද එවැනි වැඩසටහන් විශාල ගණනක් ඉන් අනතුරුව බිහි වන ලදි.
විද්‍යුත් මාධ්‍යයේ පෙර ගමන්කරු ලෙස පැමිණි රූපවාහිනිය නිසා ප්‍රේක්ෂක  වැඩි අවධානයක් යොමු වූයේ සාහිත්‍යය කලාව වෙතය. මෙම ප්‍රවනතාව ඇති වන්නේ විවෘත  ආර්ථිකයේ ප්‍රතිඵල ලෙස බිහි වන සාධක කිහිපයක් හේතුකොට ගෙනය. එනම්
01. මාධ්‍යයන් නාගරික පරිසරය ඉක්මවා ග්‍රාමීය ප්‍රදේශ  දක්වා ව්‍යාප්ත වීම
02. වෘත්තීමය වශයෙන් විවිධ ජනප්‍රිය කලා බිහිවීම
03. කැසට්පට ආදී තාක්ෂණික විවිධ ජනප්‍රිය කලා  බිහි වීම
04. රූපවාහිනිය මගින් බටහිර පොප් සංගීත වැඩසටහන් විකාශනය කිරීම

     සංගීතය මූලික කරගත් ජනප්‍රිය සංස්කෘතියත් මෙරට බිහි වන්නේ බටහිර පොප් සංගීතයට ද අභියෝගාත්මක ලෙසය. මෙහි ප්‍රතිඵල වූයේ මෙරට සංගීතඥයින් හා ගායකයින් සිංහල සංගීතය ජනප්‍රිය කරවීමට උත්සහ කිරීමයි. ඒක පුද්ගල ප්‍රසංග, සංදර්ශන, ප්‍රසංග වේදිකා  හා කැසට් පට නිෂ්පාදනය මගින් ජනප්‍රිය සංස්කෘතික අංග මෙරට ඇති වීමත් ඒ මගින් සිංහල ගීතය ජනප්‍රිය වීමත් දැකගත හැකිය.
දේශීය ජන සමාජය තුළ ජනප්‍රිය සංස්කෘතියේ වීරයන් ලෙස එච්. ආර්. ජෝතිපාල, විජය කුමාරතුංග හැඳින්විය හැකිය. ඔවුන්ගේ ප්‍රතිරූපය ජනප්‍රිය වන්නේ ඔවුන්ගේ චරිතය හරහාය. වර්තමානය තුළ ද එම චරිත දේශීය ජනප්‍රිය සංස්කෘතිය තුළ ඉදිරියෙන් සිටීම දක්නට ලැබේ. වර්තමානය තුළ භාතිය සන්තුෂ්, ඉරාජ් වැනි අය මීට ඇතුළත් වී තිබෙන නමුත් මොවුන් මෙරට ඇති කළ ජනප්‍රිය සංස්කෘතිය ජෝතිපාල විසින් ගොඩනගන ලද ජනප්‍රියත්වයට වඩා වෙනස් මුහුණුවරක් ගනී.

1970 දශකයේ පටන් මෙරට සන්නිවේදන තාක්ෂණය තුළ සිදු වූ වෙනස්කම් නිසා සංස්කෘතික භාවිතයෙහි පදනම පුළුල් වූ බව පෙනේ. රූපවාහිනී මාධ්‍ය හඳුන්වාදීම දේශීය ජනයාගේ සංස්කෘතික පරිවර්තනය වේගවත් වන්නට ඍජුව බලපෑවේය. මේ නිසා  බටහිර සාහිත්‍යාංග මෙරට ජනයා අතර පොදු භාවිතයන් බවට පත් විය. නූතන සංගීතය, නැටුම්, විලාසිතා, චිත්‍රපට, විනෝදාස්වාද ක්‍රමවේදයන් කලින් කල වෙනස් වෙමින් හඳුන්වා දෙන බව දැකිය හැකිය.

1980 අග භාගයේ දී ඇරඹි ජනප්‍රිය සංස්කෘතික මතවාද මගින් දේශිය සමාජ සංස්කෘතිය පිළිබඳව නවීකරණාත්මක දෘෂ්ටි යක් දැකිය හැකිය. වෙනස්වන සමාජ අවශ්‍යතාවන් අනුව සංස්කෘතික හුවමාරුව  මගින් සමාජයේ චර්යාවන් නවීකරණය වීමක් පෙනේ. ජන සන්නිවේදන ක්‍රම මගින් නිර්මාණය කරන ප්‍රතිරූප අනුකරණය කිරීම මගින් මේ සංස්කෘතික ප්‍රවාහය නූතනයේ සමාජය හා දැඩිලෙස සම්බන්ධ වී තිබේ. වර්තමාන සමාජ සංස්කෘතික සංදර්භය තුළ සම්භාව්‍ය නාමයෙන් අර්ථකථකනය කරන අංගයන් හඳුනා ගැනීම අපහසු වී ඇත. ඊට හේතුව වන්නේ ජනප්‍රියත්වයේ නිර්ණායකයන් සම්භාව්‍ය සංස්කෘතියට ප්‍රවේශ වීමයි.

     නූතන යුගය වන විට කවිය, ගීතය, නවකතාව, කෙටිකතාව වැනි සාහිත්‍යාංග දක්වා ද ජනප්‍රිය සංස්කෘතිය බලපා තිබේ. මෙහි විශාල ප්‍රවණතාවක් දක්නට ලැබෙන්නේ මාධ්‍ය ඔස්සේය. ඒ අනුව විද්‍යුත් මාධ්‍ය ප්‍රමුඛ වන අතර, රූපවාහිනියට ද එහි දී විශේෂ අවධානයක් යොමු වේ. එයට හේතුව ජනප්‍රිය සංස්කෘතික අංග විශාල වශයෙන් සැකසෙන්නේ රූපවාහිනී මාධ්‍ය මගිනි. වර්තමාන දේශීය ජනයා කන බොන, අඳින පළඳින, නිදන වේලාවන් ආදී සෑම දෙයක්ම තීරණය කරන්නේ රූපවාහිනිය මගිනි. ඒ අනුව රූපවාහිනිය මිනිසාගේ දෛනික  ජීවිතය සකසන න්‍යාය පත්‍රය බවට පත්ව තිබේ. එය දේශීය වශයෙන් ජනප්‍රිය සංස්කෘතිය ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලයකි.






5 comments: