මගේ රත්තරං අම්මා....
මගේ අම්මාගේ ශ්‍රෝණි මේඛලාව පුළුල් වූයේ ඈට සුන් සුන්දර නිතඹක් මවන්නට නොව, මට සුව උකුල් යහන තනන්නට. ඈ ඇගේ රුධිර කේශනාලිකා සිසාරා දිවගිය ඔක්සිජනීකෘත රුධිරය ක්ෂීර ධාරාවක් බවට හැරවූයේ මාගේ අනාගතයට මා සරු ජනිතයකු කරන්නට ය. ඈ තුනු සපුව පියරුලා සරසන හෝරාවන් වෙන් කළේ මා සනසන නැලවිලි ගී කියන්නට ය. ඈ මට මගේ ජීවිතේයේ අරුම තිඹිරි ගෙයිදීම හිමිකර දෙන්නට හැම රැයකම, හැම උදයකම ඈ සතු සියළු වෙර වීරිය යොදන්නට මදකුදු පැකිලුණේ නැත. මා සෘජු කශේරුකාවකට හිමිකම් කියන සවිබල දෙපා ජීවියෙක් බවට හරවන්නට ඇගේ සකලවිධ මනෝභාවයන් මා වෙතට ගාල් කර තැබුවාය.ඈ මගේ රත්තරං අම්මා ය.
නුඹ...
අන්තරාභිජනනය මගින් සරු ජනිතයන් බිහි කරන හුදෙක් ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියකට ඔබ්බෙන් වූ අතිශය අමානුෂික, අතිශය සංවේදී කාර්යභාරයකට උරදෙමින් මා මෙලොවට ජනිත කළ බව මම දනිමි. නුඹ මා මෙලොවට බිහි කළේ බිහිකළ යුතු නිසා නොව, නුඹ මගෙන් සරු ලොවක් ප්‍රාර්ථනා කළ බැවිනි. ඔබේ සුසුමක රිද්මය නුඹ කුස තුල කළලයක ව සිටි කාලයේ පටන් මාගේ හදවතේ රිද්මය හා අතිච්ඡාදනය වූ බව මම නිරායාසයෙන් අවබෝධ කරගෙන සිටිමි. නුඹත් මාත් බැඳී සිටී පෙකිනි වැල අකාරුණික දොස්තරයකු ගේ සැත්කම් පිහියෙන් විච්ඡේදනය කළ අවාසනාවන්තත හෝරාවේදී නුඹ මා කෙරෙන් මන්ද දුරස් වූ බව මට දැනුනි. එහෙත් නුඹ දැන දැනම එයට ඉඩ දුන්නේ මා අනන්‍ය ජීවියකු වශයෙන් වෙන්කොට හඳුනාගත යුතු නිසාබව දැන් මට වැටහේ.
මම රජෙක් නොවන බව මම දනිමි. ඒත් අම්මට මම රජෙක් උවුණා. ඔව් අම්මේ මමරජෙක් වෙනවා මයි. මගේ අප්පච්චී උපතින්ම රජකම් නොකෙරුවත්, පරම්පරාවෙන් මට එය උරුම නොවුනත් මම රජවී ඔබේ බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කරන්නෙමි.
‘මා නුඹ දකින මගේ රූපය නොඹේ නෙත් අගට නොගෙනෙන්නේ නම් මා නුඹේ දෝණී වූයේ ඇයි අම්මේ’
lassanai...
ReplyDeleteNice....
ReplyDeletegodk lassni ape jeevitha wala aththa meka ape hemadema demaupiyo thamai
ReplyDelete