Thursday 7 June 2018

   

රූපවාහිනී රියැලිටි වැඩසටහන් වල ආරම්භය හා විකාශනය




නාට්‍ය හා විනෝදාස්වාසය ඉලක්ක කරගත් පුළුල් පරාසයක පැතිරුණු වැඩසටහන් මේ ගණයට අයත් වන බව පෙන්වා දිය හැකිය. එනම් රූපවාහිනී  රියලිටි වැඩසටහන් යනු ප්‍රධාන රූපවාහිනී වැඩසටහන් ප්‍රභේදයකි. රූපයකට පවතින ශක්‍යතා මගින් පවත්වාගෙන යන තවත් එක් වැඩසටහන් වර්ගයකි. රූපවාහිනිය මගින් නිෂ්පාදනය කරන අනෙක් වැඩසටහන් වර්ග වලට වඩා විශේෂ ගති ලක්ෂණ රියලිටි වැඩසටහන් වල විශේෂයෙන් දැකිය හැකිවේ.


      රියලිටි යන වචනය මාධ්‍ය වෙත පැමිණෙන්නේ රූපවාහිනිය මාධ්‍යයේ  ස්ථාවර වීමටත් පෙර සිටය. පළමු රූපවාහිනී රියැලිටි වැඩසටහන ලෙස ගැනෙන්නේ ඇමරිකානු ගුවන් විදුලි සහ රූපවාහිනී වැඩසටහන් නිර්මාණකරුවෙකු වූ ඇලන් ෆස්ට් විසින් 1948 දී නිෂ්පාදනය කරන ලද ඇමරිකානු හාස්‍ය වැඩසටහනක් වන කැන්ඩිඞ් කැමරා වැඩසටහනයි. ඒ සඳහා ඔහු විසින් 1947 දී ඇමරිකානු විකාශන සමාගම් නිෂ්පාදනය කරන ලද කැන්ඩිඞ් මයික්‍රෆෝන් ගුවන් විදුලි වැඩසටහන යොදා ගන්නා ලදී. ලොව ප්‍රථමයෙන් විකාශනය වූ රූපවාහිනී රියලිටි වැඩසටහන ලෙස ඇලන් ෆස්ට් නිර්මාණය  කරන ලද කැන්ඩිඞ් කැමරා වැඩසටහන හඳුන්වනු ලැබූවත් ජන මාධ්‍යයක් සඳහා නිර්මාණය කරන ලද ප්‍රථම රියැලි වැඩසටහන ලෙස සැලකෙන්නේ ජෝ වැස්ටර්සන් විසින් 1945 දී මියුචුවල් ගුවන් විදුලි ජාලය වෙනුවෙන්  නිෂ්පාදනය කරන ලද දවසේ රාජිණිය නම් ගුවන් විදුලි වැඩසටහනයි. පසුව මෙම වැඩසටහන 1956 සිට 1960 දක්වා කාලය තුළ භඊක්‍ රූපවාහිනි නාලිකයව තුළින් විකාශනය විය.

      පළමු රූපවාහිනී රියැලිටි වැඩසටහන ලෙස සැලකෙන්නේ ඩෙනිස් ජේම්ස් විසින් 1946 වසරේ දී ඉදිරිපත් කරන ලද කෑෂ් ඇන්ඞ් ද කැරී වැඩසටහනයි. එම වැඩසටහන ඉදිරිපත් කිරීමත් සමඟ ප්‍රතම රියැලිටි රූපවාහිනී තරලකාරී වැඩසටහන ඉදිරිපත් කිරීමේ ගෞරවය ජේම්ස්ට හිමි විය.රූපවාහිනී රියැලිටි වැඩසටහන් පුළුල්ව අර්ථ දක්වන්නේ නම් තිර පිටපතකින් තොරව සාමාන්‍ය ජනතාව සහභාගි වන විනෝදාස්වාදී වැඩසටහනක් ලෙස හැඳින්විය හැකිය. එම වැඩසටහන් ආකෘතිය 1940 දශකයේ සිට පමණ පැවත යන්නකි. 1990 සහ 2000 යන දශක වල දී   රියැලිටි වැඩසටහන් ආකෘතිය  වෙනසකට බඳුන් විය. මේ කාල වකවානුව රියැලිටි වැඩසටහන් නිෂ්පාදනයේ උච්චතම අවස්ථාව ලෙස හැඳින්වේ. එහි දී රියැලිටි වැඩසටහන් වල මූලික හැඩයේ යම් යම් වෙනස්කම් ඇති විය. ඒ අනුව විනෝදාත්මක  භාවය ස්වරූපයේ රියැලිටි වැඩසටහන් වාර්තා වැසටහන් ස්වරූපයකින් ගත් රියැලිටි වැඩසටහන් නිෂ්පාදනය විය. 1960 1970 තුළ ලොව පුරා ඉතා ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් ආකෘතියක් ලෙස මෙම වැඩසටහන් ආකෘතිය ව්‍යාප්ත වන්නට විය.


     රූපවාහිනී රියැලිටි වැඩසටහන් අරබයා මෑත කාලීන පිබිදීම ඇති වූයේ 1991 නියුමර් 28 නැමැති ඕලන්ද නාටක මාලාවත් සමඟය. ඒ සමාගම රියැලිටි වැඩසටහන් 1990 ත් 2000 ත් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූයේ ආශ්චර්යමත් ලෙසිනි. එය විශ්වීය සාර්ථකත්වයට පත් වීයේ සයිවයිවර් සහ බිග් බ්‍රදර් නාටක මාලාව තුළින්. නව ආරක රියැලිටි රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන රැල්ලක් ලොව ආරම්භ වන්නේ යුරෝපය තුළිනි. ඇමරිකාව සහ ඇමරිකා රූපවාහිනී කර්මාන්තය තුළ පවතින රියැලිටි වැඩසටහන් ඊට පෙර යුරෝපය තුළ ආරම්භ කළ ඒවා බව දැකිය හැකි වේ. ලක්ෂපතියෙකු වීමට අවශ්‍ය කා හට ද  වැඩසටහන ඇමරිකාව ලබා ගන්නේ මහා බි්‍රතාන්‍යයෙනි. සර්වයිවර් වැඩසටහනේ මූලික අදහසද ඇමරිකානු රූපවාහිනී කර්මාන්තය ලබා ගනු ලැබුවේ ස්වීඩනයෙනි.
 

      එසේම බිග් බ්‍රදර් වැඩසටහන සඳහා සංකල්ප ලබා ගනු ලැබුවේ ඕලන්දයෙනි. ද මෝල්  වැඩසටහන ලබා ගන්නේ බෙල්ජියමෙනි. නමුත් දැනට ලොව ජනප්‍රියම රියැලිටි වැඩසටහන ලෙස බොහෝ විචාරකයන් හඳුන්වන්නේ ඇමරිකානු සී.බී.එස් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද සර්වයිවර්  වැඩසටහනයි. එය ලොව පුරා විවිධ රටවල රූපවාහිනිය මගින් විකාශ කොට ඇත. මෙලෙස රූපවාහිනී රියැලිටියේ ආරම්භය පෙන්වා දිය හැකි අතර ඒ සඳහා බපෑවෙත් එම වැඩසටහන් ජනප්‍රිය වූවේත් ලොව පුරා  ව්‍යාප්ත වූයේත් 
ජනප්‍රිය සංස්කෘතිකාංග සමගිනි.




7 comments: