ලංකාවේ පුවත්පත් කාටුන් කලාවේ ඉතිහාසය
ලංකාවේ ජනමාධ්‍ය බිහි වීමෙන් අනතුරුව මුලු සමාජ සංස්ථාවම වෙනස් මගකට යොමු වීම දක්නට ලැබුණි. මෙරට පළමුව බිහි වු ජනමාධ්‍ය බවට පත් වී තිබෙන්නේ පුවත්පයි. පුවත්පත් මාධ්‍ය ආරම්භ වීමෙන් අනතුරව අනෙකුත් ජනමාධ්‍යයන් බිහි වීම දක්වට ලැබුණි. පුවත්පත් කලාව ආරම්භ වු මුල් කාලයේ දී එය වඩාත් දියුණු මට්ටමකට නොපැවති අතර ක්‍රම ක්‍රමයෙන් එය වඩාත් දියුණු වීම දක්නට ලැබිනි. ඒ අයුරින් පුවත්පතේ දියුණුවත් සමඟ එයට එක් වු සුවිශේෂි අංගයක් ලෙස කාටුන් නිර්මාණ තීරය දැකබලා ගැනීමට පාඨකයන් නොඉවසිල්ලෙන් බලා සිටීම දක්නට ලැබිණි. කාටුන් මගින් සමාජයට යම් පණිවිඩයක් සන්නිවේදනය වනවා සේම හාස්ය මුසු උපහාසයක් ඒ තුළ ගැබ් වී තිබීමද ඊට හේතුවයි.
“පුවත්පතක සම්පුර්ණ තීරුවකට වඩා වේගයෙන් හා මැනවින් අදහසක් චිත්‍රයක් ආකාරයෙන් මනසෙහි මවාපාන හෙයින් පුවත්පත් කාටුන් චිත්‍රය ප්‍රධාන කර්තෘ වාක්‍ය්‍යටද වඩා වැදගත් තැනක් ගනී. ශ්‍රී ලංකාවේ පළමු මුල්ම කාටුනය ලෙස සිංහල විශ්ව කෝෂයේ දක්වන්නේ දිණමින පුවත්පතේ පළමු ‘මුදලාලි’ නැමැති කාටුනයයි. 1931 ස්වදේශ මිත්‍රයා පුවත්පතම ජී. එස්. ප්‍රනාන්දු විසින් ඩොනමෝර් කොමිසමේ යෝජනා විවේචනය කරමින් කාටුන් අදින ලදී. ශ්‍රී ලංකාවේ දේශපාලන කාටුන් විධිමත්ව අරඹන ලද්දේ 1940 දී ය. කාටුන් චිත්‍රයකින් යම් විවේචනයක් හෝ අදහසක් හෝ ඉදිරිපත් කළ හැකිය. දේශපාලන කාටුන් ශ්‍රී ලංකාවට ගෙන එන ලද්දේ ඉංශ්‍රීසීන් විසිනි. ලංකාවට නිදහස ලැබීමත් සමඟ ඔබ්රි කොලම් ජී. එස්. ප්‍රනාන්දු, අමිත අබේසේකර, විජේසෝම වැනි දේශපාලන කාටුන් ශිල්පින් බිහිවිය. මෙරට පළමු පළමු දේශපාලන කාටුනය වුයේ ස්වදේශ මිත්‍රයා පුවත්පතේ පළමු කාටුනයකි. එය ජී.එස් ප්‍රනාන්දු කාටුන් ශිල්පියා අතින් නිර්මාණය වු කාටුනයකි.
ශ්‍රී ලංකාවම නිදහස ලැබීමෙන් පසු ඔබ්රි කොලම්, ජී එස්. ප්‍රනාන්දු, අමිත අබේසේකර, විජේසෝම වැනි දේශපාලන කාටුන් ශිල්පින් බිහිවුහ. කාටුනය ඔස්සේ නිදහස්ව අදහස් ඉදිරිපත් කළ කාටුන් ශිල්පීන්ට විවිධ තර්ජනයන්ට මුහුණ දීමට සිදුවිය. මෙය දැඩි ලෙස උපහාසයට ලක් කිරිමට කොලම් කාටුනයක් නිර්මාණය කරන ලදී. එහි දක්නට ලැබුනේ කටත් දැතත් බැද දැමු කාටුන් ශිල්පියෙකු කකුලෙන් චිත්‍ර අදින ආකාරය නිරුපනය කළ කාටුනයකි. කොලම් ඔස්ටේ්‍රලියාවේ හොඳම කාටුන් ශිල්පියා ලෙස සම්මාන දිනා ගැනීම ද සිදුකරන ලදී. ලංකාවේ කාටුන් ශිල්පීන් මෙම කාටුන් මාධ්‍ය හරහා සමාජ විරෝධී ක්‍රියාවන්ට බරපතල ලෙස පහර දෙන්නට යොදා ගන්නා ලදී. සර් .ජෝන් කොතලාවල අගමැතිවරයාව සිටි සමයේ සත්ත්ව ගොවිපොළක් නරඹන අවස්ථාවේ කළ ප්‍රකාශයක් ඇසුරු කොටගෙන එවකට සිටි දක්ෂ කාටුන් ශිල්පියෙකු වු ජී. එස් . ප්‍රනාන්දු විසින් කාටුනයක් නිර්මාණය කොට තිබේ. අගමැතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ තමන්ටත් එම ගොවිපොලෙහි ගොනෙකු වීමට තිබුණා නම් යනුවෙන් කළ ප්‍රකාශයකි.එම කාටුනය තුළ අගමැතිවරයා ගොනෙකු ලෙස ඇඳගෙන එළදෙනක් පිරිවරාගෙන සිටින දක්නට ලැබුණි. අගමැතිවරයෙකු වු ටී.බී. ඉලංගරත්න මහතා තමන් හාස්‍යට ලක් කර අඳින ලද කාටුන් පිළිබඳව ජී. එස්. ප්‍රනාන්දු කාටුන් ශීල්පියා හට කවියක් ලියා යවන ලදී.
“මං ගහන ගැයුමෙන්
ඔබට සැපතක් වේ නම්
තව තව තවත් ගහමින්
සැපත ලංකර ගන්න යහමින් ”
යනුවෙනි. ඉලංගරත්න මහතා ඇමති අසුන දිනාගත් පසු ඊට සුභ පතමින් තමන් වෙත එවා තිබු කවියට පිළිතුරු කවියක් ජී.එස්. ප්‍රනාන්දු විසින් යවන ලදී.
“ඔබ දිනුම ලද තැන
පවතී මිනිස් යහගුණ
ආදරය පිළිගෙන
බැනුම් අසමින් සිනාසෙනු මැන”
ලාංකීය කාටුන් කලාවේ ඉතිහාසය පිළිබදව විමසීමේ දී එයට මුලිකත්වය දක්වන ලැබු කාටුන් ශිල්පීන් පිළිබදවද සඳහන් කළ යුතුයි. මහජන මතයට ගරු කරමින් පාලක පක්ෂය විවේචනය කිරීම ජී. එස්. ගේ කාටුන්හි අරමුණ විය. මෙම අරමුණ ඉටුකර ගැනීම සඳහා ඔහු කාටුන් චරිතයක් පාඨක ප්‍රසාදය ඉහළින් ලබා ගැනීමට සමත් විය . ජී. එස්. ගේ කාටුන් තුළින් වඩාත් පහර කෑමට ලක් වුයේ සර් ජෝන් කොතලාවල, කොල්වින් ආර් ද සිල්වා, ටී. බී. ඉලංගරත්න... ආදී දේශපාලඥයින්ය.
1950 පමණ වනවිට වීජේසෝමයන්ද මෙරට පුවත්පත් කලාවට එක් වු දක්ෂ කාටුන් ශිල්පියෙකු විය. ඔහු විසින් නිර්මාණය කරන ලද ‘පුංචි සිංඤ්ංඤ් ‘ නම් චරාතය ජිවමානය . මෙම චරිතය තවමත් ජිවමානය මෙම චරිතය හරහා ඔහු පොදු ජනතාව නියෝජනය කළේය. මුලදී සම්පුර්ණ ජාතික ඇඳුමින් සැරසී සිටි පුංචි සිංඤ්ංඤ් සමාජ ක්‍රමයේ වෙනස් විම හා දේශපාලන ක්‍රමයේ පැවති පීඩිත බව නිසා උපන් ආර්ථිකයෙන් බැට කෑ පුද්ගලයකු බවට පත්විය. පසුකාලීනව ඔහු ඉරුණු ඇදුමෙන් සැරසුණු ශරීරයෙන් වැහැරී ගිය පුද්ගලයෙකු බවට පත් විය. දේශපාලන කාටුන් ශිල්පියාගේ පරම යුතුකම තම රටේ දියුණුව ඉලක්ක කර සිය කාටුන් නිර්මාණය කිරීමයි. එසේ නොකාරීම රටට කරන අපරාධයකි. යනුවෙන් කාටුන් ශිල්ප විජේසෝමයන් ප්‍රකාශ කරයි.
මිනිසුන් සිනහා ගැන්වීම ඉතා අපහසු කටයුත්තකි. කාටුන් ශිල්පින් විසින් සිදු කරන ලබන්නේ එවැනි අපහසු බැරූරුම් කාර්යකි. කැම්ලස් පෙරේරා තමාගේ නිර්මාණ තුළින් පෙන්නුම් කොට ඇත්තේ එම හැකියාවයි. ලංකාවේ කාටුන් ශිල්පීන් අතර මධ්‍යස්ථ කාටුන් ශිල්පියෙකු ලෙස උපහාසයට ලක්කල යුතු තැන සැබෑ ලෙස උපහාසයට ලක් කොට ඇත. ප්‍රසංශා කළයුතු තැන ප්‍රසංශා කොට ඇත. කැම්ලස් පෙරේරා නම් කාටුන් ශිල්පියා විසින් ජිවය දෙන විශාල කාටුන් චරිත නිර්මාණය කර තිබේ. කාටුන් ශිල්පියා එක් එක් යුගයන්හි දේශපාලන වෙනස්වීම් පිළිබඳව තම කාටුන් මාධ්‍ය ඔස්සේ නිරූපණය කර ඇත.
“දේශපාලන කාටුන් චිත්‍ර ශිල්පින් කළ යුත්තේ දේශපාලනඥයින් සතුටු කිරීම නොවේ. දේශපාලඥයින්ගේ තිබු අඩු ලුහුඩුකම් පෙන්වමින් ජනතාවට සේවය කිරීමයි. කාටුන් ශිල්පියා මහජනයාගේ පැත්තේන් බැලිය යුතුය.”
යනුවෙන් ඇස්. සී. ඕපාත කාටුන් ශිල්පියා පවසයි.
සමාජයේ පංති භේදයකින් වයස් භේදයකින් තොරව රසවිදිය හැකි මාධ්‍යයක් ලෙස කාටුන් මාධ්‍ය පෙන්වාදිය හැකිය. වචන වලින් ප්‍රකාශ කළ නොහැකි බොහෝ දේ කාටුන් මගින් ප්‍රකාශකළ හැකි වේ. කාටුන් මගින් ඉදිරිපත් කරන්නේ හුදු හාස්්‍ය ලබාදිම නොව කාටුනයක් සමාජීය ආර්ථික සංස්කෘතික සාධක ඔස්සේ සමාජයේ පෙනෙන නොපෙනෙන විවිධ වු දිශානතීන් කෙරෙහි පුද්ගල පරිකල්පන ශක්තිය මෙහෙයවන ලබයි . කාටුනය සමාජයේ කැඩපතක් සේ සමාජයේ විවිධාකාර වු සමාජ අවස්ථා නිරූපනයට යොදාගනී. ශ්‍රී ලංකාවේ පැවති තිස් අවුරුදු යුද්ධයේ කුරිරු බව කාටුන් මාධ්‍ය ඔස්සේ මනාව සන්නිවේදනය කළ ආකාරය දැකගත හැකි විය.
පුවත්පතක කාටුන් චිත්‍ර කිහිප ආකාරයකින් දැකිය හැකි වුවද මෙරට වඩාත් ජනප්‍රිය වී ඇත්තේ දේශපාලන කාටුනයි. වර්තමානය වනවිට මෙරට කාටුන් මාධ්‍ය දේශපාලනය හා සමීප සම්බන්ධතාවයක් ගොඩනැගී ඇති බවක් දක්නට ලැබේ. වෙනත් විශේෂාංගයන් තුළින් නොකියවෙන අදහස් වඩාත් ප්‍රබල ලෙස ඉස්මතු කර ගැනීමේ හැකියාව කාටුන් මාධ්‍යට පවතී. දේශපාලන ක්‍රියාවලින් සහ සමකාලීන සමාජයෙන් අත් විඳින්නට සිදු වු ක්‍රියාකාරකම් සහ දේශපාලන නායකයින්ගේ සුවිශේෂතා හදුනාගත් කාටුන් ශිල්පීන් ඔවුන් හාස්‍යට ලක් කරන ලදී.
1962 දී මායාදුන්නේ නම් කාටුන් ශිල්පියා ඇඳි අප්පුහාමි නම් දෙබස් නොමැති නිහඬ දිගු කාටුනයන්, 1964 දී බන්දුල හරි- ස්චන්ද්‍රයන් ඇඳි නිහඬ දිගු කාටුනයත් සාමාන්‍ය පොදු ජනතාවගේ සමාජ පසුබිම සහ ගති පැවතුම් පෙන්වා දෙන කාටුන් විය. 1964 දී ගිබ්සන් නම් කාටුන් ශිල්පියෙකු දිනමිණ පුවත්පතට තනි තීරුවේ පොකට් කාටුන් ඇඳ තිබේ. 1960 මුල් කාලයේදී “මොකො ්”නමින් දෙබස් කාටුනයක් පලවිය.
දේශපාලන වශයෙන් සමාජීය වශයෙන් හෝ රටේ කවුරුන් හෝ කරන වරදක් අසාධාරණයක් හෝ අයුක්තියක් ජනතාවට හෙලිදරව් කරනුයේ කාටුන් චරිත මගිනි. ලාංකිය කාටුන් ඉතිහාසයේ කාටුන් චරිත බවට පත් වු “අප්පුහාමි ” “රාළහාමි ” වැනි චරිත පුවත්පත් වල නිරූපනය වුයේ මීට දශක කිහිපයකට පෙර වුවද අදටද එහි අන්තර්ගත වු සමාජ යතාර්ථයන් රැකී ඇත. වර්තමානයේ දී ද “පුංචි සිංඤ්ඤෝ අප්පුහාමි ” සමාජයේ ජිවත් වන්නේ එදා කාටුන් ශිල්පීන් තම කාටුන් චරිත හරහා පෙන්වා දුන් සමාජ ප්‍රශ්න වර්තමානයට ද අදාල වන බව සනාථ කරමිනි.
1950 පමණ වනවිට කාටුන් චිත්‍ර කලාව ප්‍රබල ලෙස ශ්‍රි ලංකාවේ පුවත්පත් කලාව තුළට එකතු විය. වර්තමානය වනවිට ඇතැම් කාටුන් ශිල්පීන් තමන්ගේ පුද්ගලික දේශපාලන මතයට පුවත්පත් ආයතනයේ මතය නායෝජනය කරන බව දැකගත හැකි වේ. දක්ෂ කාටුන් ශිල්පියා සමාජ විවේචනයක් සමඟ ගැඹුරු අදහසක් පාඨකයා වෙත සමීප කරනු ලබයි.
it's very intrsting
ReplyDeleteapi danan hitiye na me gena
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDeleteඉතා වටිනවා
ReplyDelete