Tuesday 3 July 2018






                       
ශ්‍රී ලංකා ගුවන් විදුලි මාධ්‍යයේ ආරම්භය


         ලෝක ගුවන් විදුලිය ආරම්භ වී කෙටි කාලයකින්ම එය ලෝකය පුරා රටවල ව්‍යාප්ත වන මාධ්‍යයක් බවට පත්වීය. ශ්‍රී ලංකාවටද ඒ අනුව ගුවන් විදුලිය හඳුන්වා දීමට පියවර ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ ගුවන්විදුලිය ආරම්භ වන්නේ බි්‍රතාන්‍ය අවශ්‍යතාවක් වශයෙනි. 1920 වනවිට මාර්කෝනි ගුවන්විදුලිය එංගලන්තයේ ප්‍රචලිතව තිබුණි. ප්‍රංශය, ජර්මනිය, චීනය, ඕස්ටේ්‍රලියාව, එංගලන්තය වැනි ප්‍රබල රාජ්‍යයන්ට ප්‍රථම ශ්‍රී ලංකාවේ ගුවන්විදුලිය ආරම්භ වේ. අසල්වැසි ඉන්දියාවේ ගුවන්විදුලි ආරම්භ වන්නේ 1927 දීය. එබැවින් ආසියාවේ ප්‍රථම ගුවන්විදුලිඅය ආරම්භ කිරීමේ ගෞරවය ලංකාවට හිමි වේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ආරම්භය සිදුවන්නේ 1922 ජුනි මාසයේ 24 වෙනිදා ශ්‍රී ලංකා වයර්ලස් සමාගම ආරම්භ වීමත් සමගය. මෙම කාර්යයේ ආරම්භකයා වූ ප්‍රධාන විදුලි එඞ්වර්ඞ් හාපර් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 1921 ජුනි මස 21 වෙනිදාය. 1877 ජුලි 13 එංගලන්තයේ උපත ලද ඒ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදුලි සංදේශ ඉංජිනේරුවරයා වශයෙන් පත් කරනු ලබන්නේ 1922 ජුනි 24 වෙනි දාය. 1931 සැප්තැම්බර් 31 වෙනිදා දක්වා ශ්‍රී ලංකාවේ සේවය කරන එතුමා අප ගුවන්විදුලිය ආරම්භ කොට වර්ධනය කිරීම සඳහා ප්‍රමුඛ මෙහෙවර සිදුකළ පුද්ගලයා වශයෙන් සඳහන් කළ හැකිය.

1922 දී ලංකා වයර්ලස් සමාගම පිහිටුවා ගනු ලැබීය. 1923 දී මෙම සංගමය නව ලංකා ආධුනික ගුවන්විදුලි සංගමය ලෙස නම්කර තිබේ. මෙය 1928 වනවිට ප්‍රචලිත වූයේ ලංකා හා දකුණු ඉන්දීය ගුවන්විදුලි සමාජය යන නමිනි. මෙම සංගමය ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි මාධ්‍ය වර්ධනය කිරීමෙහිලා ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කළේය. 1929 දී මෙම සංගමය වැඩසටහන් සංවර්ධන අරමුදලක් දියත් කළ අතර 1932 දී ආරෝග්‍යශාලා සඳහා ගුවන්විදුලි යන්ත්‍ර ලබාදී තිබේ.

1924 පෙබරවාරි 22 දින කොළඹ තරුණ ක්‍රිස්තියානි නව නිහනේදී ප්‍රදර්ශන ගුවන්විදුලි ප්‍රචාරයක් කළ බවට වාර්තා වේ. එහෙත් ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය නිළ වශයෙන් ආරම්භ කළ දිනය සේ සැළකෙන්නේ 1924 ජුනි 27 වෙනිදාය. එදින ලංකාවේ ගුවන්විදුලිය උත්සවශ්‍රීයෙන් ශ්‍රීමත් විලියම් හෙන්රි මැනිං මහතා විසිනි. ලංකා ගුවන් විදුලියේ වැදගත් සංදිස්ථානයක් වන්නේ ගුවන්විදුලිය ආරම්භ කිරීම සඳහා කමිටුවක් පත්කළ බැවිනි. තැපැල්පති එම්.එස්.සෙයිස්ටාර් මහතාගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත්කරන ලදී. මෙම කමිටුවට කරුණු සොයා බලා වාර්තා කිරීමට නිර්මාණ කොට තිබුණේ ක්ෂේත්‍ර හතරක් පිළිබඳවය.

ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි සේවයක් ආරම්භ කළ යුතුද?
එය ආරම්භ කිරීම කළයුත්තේ රජය විසින්ද නොඑසේ නම් පෞද්ගලික අංශය විසින්ද?
පෞද්ගලිකව නම් බලපත්‍රය නිදහස් කළයුත්තේ සමාගම් කිහිපයකටද නැතිනම් එක් සමාගමකටද?
ගුවන්විදුලි පාලනය කිරීම මණ්ඩලයක් මගින් ඉදිරිපත් කළ හැකිද? එසේ මණ්ඩලයක් පත් කරන්නේ නම් එහි සාමාජිකයන් සඳහා පත්කර ගත යුත්තේ කවුරුන්ද?
 යන කරුණු සලකා බැලීම ද මෙම කමිටුවට අයත් කරුණක් විය.

        මේ ආකාරයට කමිටු පිහිටුවා ගනිමින් ගුවන්විදුලිය ලංකාවේ ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදී. එහිදී මීට අමතරව ගුවන් විදුලියේ සංවර්ධනය සඳහා තවත් විශේෂ කමිටු වාර්ථා රැසක් නිර්මාණය විය. ඒවා කිහිපයක් නම්,
01. එන්.ඊ.වීරසූරිය කොමිෂම(1953)
02. සරත්චන්ද්‍ර උපදේශක කමිටුව(1960)
03. හුළුගල්ල කොමිෂම (1965)
04. වී.සී.ජයසූරිය කොමිෂම (1970)

        මෙම කමිටු හා කොමිෂම් වාර්තා වලට අනුව ලංකාවේ ගුවන් විදුලියේ වර්ධනය සිදුවන ලදී. ලංකාවේ ගුවන් විදුලිය බි්‍රතාන්‍ය පාලකයන්ගේ අවශ්‍යතාවය මත මෙරට ආරම්භ කරනු ලැබූවද එය ක්‍රමයෙන් දේශීයකරණය වෙමින් ලාංකික ජනතාවට වඩාත් සමීප මාධ්‍යයක් බවට පත්වන ලදී. එහිදී ගුවන් විදුලිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යන නමින් විකාශනය වීමට පටන්ගනු ලැබූ අතර එම මාතෘකාව ඔස්සේ කරුණු සාකච්ඡා කිරීමේදී ලාංකික ගුවන් විදුලියේ විකාශනය පිළිබඳ බොහෝ කරුණු සපයාගත හැකිය.
ඒ අනුව ලාංකික ගුවන්විදුලි මාධ්‍යයේ ආරම්භය යන මාතෘකාව යටතේ ඉහතින් සඳහන් කරනු ලැබූ කරුණු ඇතුළත් කිරීම ප්‍රමාණවත් වේ.

1 comment: