අවන්ත ආටිගල කාටූන් ශිල්පියා
වර්මානය වන විට පුවත්පත් දේශපාලන කාටුන් කලාවේ පාඨක ජනප්‍රියත්වයට පත් කාටුන් ශිල්පීන් අතර අවන්ත ආටිගල යනු කෙටි කල සීමාවක් තුළ කාටුන් කලාවේ සම්මානලාභී කාටුන් ශිල්පියෙකි. සමාජයේ අකටයුතුකම්, අසාදාරණකම් උපහාසයට ලක් කරමින් තමන්ට අනන්‍ය පූ චිත්‍ර ශෛලයකින් උපයෝගී කර ගනිමින් පුවත්පත් සඳහා කාටුන් නිර්මාණය කරන ඔහු කෑගල්ල ප්‍රදේශයෙන් බිහිවූ තරුණ කාටුන් ශිල්පියෙකි.
1980 වසරේ සැප්තැම්බර් 27 වන දා උපත ලද අවන්ත ආටිගල සිය අධ්‍යාපන කටයුතු හදාරා තිබෙන්නේ කෝලංගමුව ඩඞ්ලි සේනානායක විද්‍යාලයේය. කුඩාකල සිටම ආටිගලයන් චිත්‍රකලාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ. නමුත් ඔහු උසස්පෙළ හදාරා ඇත්තේ ගණිත අංශයෙනි. මොහු ඔහුගේ පවුලේ දරුවන් තිදෙනාගෙන් තෙවන දරුවා වන අතර චිත්‍ර ඇදීමේ හැකියාව තම පවුලෙන්ම ලැබූ දක්‍ෂතාවයක්ය.
කුඩා අවදියේ සිටම පුවත්පත ඔහුට හුරු පුරුදු මාධ්‍යයක් විය. දිවයින, ලංකාදීප, රාවය යන පුවත්පත් තුළ ඇති කාටුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ලැබීය. කුඩා කළ සිටම පුවත්පත් කාටුන් කෙරෙහි සිත් ගත් අවන්ත දිවයින පුවත්පතේ දේශපාලන කාටුන නිර්මාණය තුළ ඩබ්ලිව්.ආර්. විජේසෝම ගේ කාටුන් එකතු කිරීම විනෝදාංශයක් බවට පත්කරගෙන ඇත. එමෙන්ම තරුණ කාලයේ එකළ පුවත්පත් කාටුන් ශිල්පියෙකු වූ විනී හෙට්ටිගොඩගේ කාටුන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වා ඇත.

මුලින්ම කාටුන් චිත්‍ර ඇදීමට උත්සාහ කර ඇත්තේ පාසල් කාලයේය. නමුත් ඒවා අදිනු ලැබුවේ පුවත්පත්වල පලකිරීමට නොවේ. ගණිත අංශයෙන් උසස්පෙළ සමත් වී 2003 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයට තේරීපත්විය. විශ්වවිද්‍යාලයේ දී තමන්ට අවැසි අයුරින් තම බලාපොරොත්තු ඉටුකර ගනිමින් කලා අංශය වෙත ක්‍රමයෙන් නැඹුරු වී ඇත.
විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු නිවසට වී සිටින අතරතුර විජය පුවත්පත් සමාගමට පිටු සැලසුම් නිර්මාණ ශිල්පීන් අවශ්‍ය කර ඇති බවට පුවත්පතක දැන්වීමක් දක්නට ලැබෙන අතර මෙය තම කලා හැකියාව තවදුරටත් දියුණු කර ගැනීමට මාර්ගයක් යැයි සිතූ අවන්ත ආටිගල වහා ඒ සඳහා අයදුම්පතක් යොමුකර ඇත. ඒ අනුව සම්මුඛ පරීක්‍ෂණය සඳහා සහභාගී වීමෙන් අනතුරුව “ඬේලි මිරර්” පුවත්පතේ පිටු සැලසුම් ශිල්පියෙකු ලෙස සේවය කිරීමට අවස්ථාව උදා වූයේ 2007 වසරේය.
පිටු සැලසුම් කරන විට මුලින්ම කාටුන් ඇන්දේ පුවත්පත් පිටු වලමය. මේ කාලය තුළ තම චිත්‍ර හැකියාව හඳුනා ගත් “ඬේලි මිරර්” පුවත්පතේ කතුවරයා කාටුන් චිත්‍ර ඇදීමට හැකියාවක් තිබේ නම් කාටුන් අදින ලෙස ප්‍රකාශ කලේය. ඒ අනුව කාටුන් චිත්‍ර කලාවට යොමු වූ අවන්ත ආටිගල 2007 වසරේ ජුලි 18 වනදා තම පළමු කාටුනය “ඬේලි මිරර්” පුවත්පතේ පලකර ඇත.
මේ අයුරින් 2007 වසරේ ඔහු විසින් ආරම්භ කරනු ලැබූ කාටුන් නිර්මාණය කිරීම මේ වන විට රටේ ජනප්‍රිය පුවත්පත් කාටුන් ශිල්පියෙකු බවට පත්වී තිබේ. අවන්ත ආටිගලගේ කාටුන්වල තවත් විශේෂයත්වයක් වන්නේ එක් චරිතයක් මුල් කර ගනිමින් කාටුන් නිර්මාණය නොකිරීමයි. අනෙක් කාටුන් ශිල්පීන් එක් චරිතයක් වටා ගොනු වී කාටුන් නිර්මාණය කළද ආටිගල එසේ නොකරන ලදි. ඔහු එසේ නොකිරීමට හේතුව වශයෙන් සැලකුවේ කාටුන් මගින් එක් චරිතයක් විශේෂ කිරීම මත සමාජය මත සිදුවන විවිධ සිද්ධින් ඒ වටා ගොනු කිරීමට අපහසු වන බවයි.
2008 වසරේ සිට “ඬේලි මිරර්” පුවත්පතේ දේශපාන කාටුන් ශිල්පයෙකු ලෙස සේවය කළ අවන්ත ආටිගල 2013 වසරේ අද සිංහල පුවත්පතේ කාටුන් නිර්මාණය කිරීමට කරන ලද ආරාධනය පිළිගනිමින් එහි දේශපලෙන කාටුන් ශිල්පියා ලෙසද සේවය කරයි. අවන්ත ආටිගලගේ කාටුන්වල තවත් විශේෂත්වයක් වන්නේ කළු සුදු කාටුන් චිත්‍ර වෙනුවට වර්ණ කාටුන් නිර්මාණය කිරීමයි. බොහෝ කාටුන් නිර්මාණ ශිල්පීන් තම කාටුනය නිර්මාණය කර ඒ සඳහා සිව්පද කවියක් හෝ දෙබසක්ද යොදා ගනිමින් කාටුනයේ අදහස තවදුරටත් තීව්‍ර කරයි. නමුත් අවන්ත ආටිගල සිය කාටුනය සඳහා දෙබස් හෝ කවි භාවිත කිරීමක් දක්නට නොමැත. ඇතැම් විට කාටුනයේ අදහස නිවැරදිව අවබෝධ කර ගැනීමට වචනයක් හෝ කිහිපයක් පමණක් යොදා ගත්තද දෙබස් බාවිත නොකිරීම ඔහුගේ කාටුන්වල තවත් විශේෂත්වයකි. එමෙන්ම මොහුගේ කාටුන් තුළ වැඩි වශයෙන් දක්නට ලැබෙන තවත් විශේෂත්වයක් නම් සංකේත භාවිත කිරීමයි.
“ඬේලි මිරර්”හා අද යන පුවත්පත් දෙකටම දේශපාලන කාටුන් නිර්මාණයෙන් දායක වන අවන්තආටිගල එම පුවත්පත් දෙක සඳහා ශෛලීන් දෙකකින් කාටුන් නිර්මාණය කරයි. “ඬේලි මිරර්”යන ඉංග්‍රීසි පුවත්පතකි. එහි ඉලක්ක පාඨකයා ඉහළ මධ්‍යම පාංතිකයන්ය. මේ නිසා එම පාඨක පිරිසට ගැලපෙන අයුරින් කාටුන් අදිනු ලබයි. නමුත් අද පුවත්පතට කාටුන් ඇදීමේදී සිංහල ප්‍රස්ථාපිරුළු, ජනකතාවලින් උපුටා ගත් කොටස් යොදා ගන්නා බව දක්නට ලැබේ. සිංහල සහ ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකක පුවත්පත් සඳහා ඉතා දක්‍ෂ ලෙස කාටුන් නිර්මාණය කරමින් සම්මානලාභී කාටුන් ශිල්පියෙක් වීමට ආටිගලට හැකි විය. මොහුගේ කාටුන්හි ඇති නිර්මාණශීලීත්වය මෙන්ම ප්‍රබල බව නිසාම මොහු සිව් වසරක් පුරා වසරේ හොඳම දේශපාලන කාටුනටයට හිමි සම්මානය හිමිකර ගන්නේය.

අවන්ත ආටිගල යනු වත්මන් සමාජය දේශපාලන පසුබිම තුළ හිද්මින් කාටුන් නිර්මාණය කරන කාටුන් ශිල්පියෙකි. මහින්ද රාජපක්‍ෂ පාලන සමය තුළ කාටුන් නිර්මාණයේ යෙදී සිටින ඔහු පවතින රාජ්‍යය දැඩි ලෙස විවේචනයට ලක් කරයි. පොදු ජනතාව නියෝජනය කරන චරිතය මගින් ජනතාවගේ ගැටලු පිළිබඳ වැඩි අවධානයක් ගෙන ඇත.
මොහුගේ බොහෝ කාටුන් මගින් නිරූපණය කරන්නේ රටේ සංවර්ධනය ඇති කිරීමේ දී මනාව සංවර්ධනය පහළ වැටෙන ආකාරයයි. එමෙන්ම දේශපාලඥයා සහ ප්‍රභූ පුද්ගලයා හමුවේ සාමාන්‍ය පොදු ජනයාගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහිමි වී ඇති ආකාරයයි. එය ජනතාවට මෙන්ම මාධ්‍යයටද පොදු කරුණක් වී ඇත. එබැවින් ආටිගලයන් තම කාටුනය මගින් තත් කාලීන සමාජ දේශපාලන පසුබිම මැනවින් නිරූපණය කර ඇත.
godak wedagath lipiyak paththara cartoon beluwta api mehema eyala gena wisthra dnne na ne
ReplyDelete